භානුක අමරසිංහ
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු කරමින් එහි විශාලතම ආයෝජකයා බවට පත් වූ බව පවසයි.
මෙම නිකුතුවෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියනයක් වූ අතර, මෙම ආයෝජනය ඉන් හරි අඩක් බවත් බැංකුව සදහන් කරයි. මෙම හරිත බැඳුම්කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති අතර ඉන් ලැබෙන මුදල් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කිරීම සැලසුම වී තිබේ. එමගින් රටේ බලශක්ති ජනනය වඩාත් තිරසාර හා ස්ථාවර කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂාවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නිමල් පෙරේරා මහතා, AFCහරිත බැඳුම්කරවල ආයෝජනය කිරීම යනු ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා යන ගමන වේගවත් කිරීම සඳහා අප දරන උත්සාහයේ තවත් එක් පියවරක්. යනුවෙන් පවසා සිටියේය.
මේ අතර DFCC බැංකුව මීට පෙර නිකුත් කළ හරිත බැඳුම්කර මේ වනවිට Luxembourg Stock Exchange (LuxSE) හි ලැයිස්තුගත කර ඇති අතර, Luxemboug Green Exchange (LGX) හි ප්‍රදර්ශනය කර තිබේ.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි