IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


Ceylinco ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ Dearo Investment එකතුවෙන් පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ

Dearo Investment Ltd සිය පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹියේය. මේ හරහා Dearo Investment සමඟ ගනුදෙනු කරන සෑම පාරිභෝගිකයකුටම රක්ෂණාවරණයක් ලැබෙනු ඇත. පාරිභෝගිකයන්ගේ යහපත සඳහා Dearo Investment සතු කැපවීම මේ තුළින් යළි තහවුරු වේ. ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට Dearo Investment ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිරන්ජන් වර්ණසූරිය සහ සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සාමාන්‍යධිකාරී එස්. තිලකේෂ්, සහකාර සාමාන්‍යධිකාරී වී. කේ. ගුණතිලක, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු එන්. ජී. සී. ගුණරත්න, ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක කේෂර හසුන් සහභාගී වූහ. 

Dearo Investment පෞද්ගලික හා ව්‍යාපාර මූල්‍ය සේවා, ණය, ආයෝජන අවස්ථා වැනි සේවා රැසක් සපයයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ ආරම්භක අවස්ථාවේ පවතින ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම, දැනට පවතින ව්‍යාපාරවල ප්‍රාග්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යවසායක ණය සැපයීම එම සමාගමේ ප්‍රධාන සේවා අතර වේ. පාරිභෝගිකයන් වෙත නව්‍ය සහ කාර්යක්ෂම මූල්‍ය විසඳුම් සැපයීමට ප්‍රමුඛතාව දෙන කාර්ය මණ්ඩලයක් හරහා මෙම සේවා සපයයි. ශාඛා 30කට අධික ප්‍රමාණයකට හිමිකම් කියන Dearo Investment ඉදිරියේදී තවත් ශාඛා රැසක් විවෘත කිරීමට සැලසුම් කර ඇත. වර්තමානයේදී එම සමාගම මූල්‍ය සේවා, ව්‍යාපාර සහ නීති සේවා, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන සේවා, තොරතුරු තාක්ෂණ, වාහන, කෘෂිකාර්මික, වැවිලි වැනි ක්ෂේත්‍ර රැසක් පුරා විහිදී යන සේ ව්‍යාපාර කටයුතු පුළුල් කර තිබේ. බැංකුකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය වසර 15කට අධික අත්දැකීම් සහිත ප්‍රසන්න සංජීව මහතාගේ නායකත්වය යටතේ Dearo Investment මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය නමක් දිනා ඇත. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ප්‍රභාෂ් ගුණරත්න, උපුල් එදිරිසූරිය, තරිඳු ධනංජය සමරවික්‍රම, නිරන්ජන් වර්ණසූරිය, තිළිණි කල්හාර ඒකනායක සමාගමේ දියුණුවට ප්‍රමුඛ දායකත්වයක් සපයති.



අදහස් (0)

Ceylinco ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ Dearo Investment එකතුවෙන් පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site