ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සීමෙන්ති නිෂ්පාදකයා සහ වසර 55කට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනූ ප්‍රමුඛතම සන්නාමයන් වන INSEE සංස්ථා සහ මහවැලි මැරින් ප්ලස් යන නිෂ්පාදන සමඟින් වෙළෙඳපොළ ප්‍රමුඛයා වන INSEE සමාගම සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබන්නට පසුගිය දා ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) විසින් සංවිධාන කරන ලද 2025 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී සමත් විය. පාරිසරික විශිෂ්ටත්වය සහ තිරසර කාර්මික භාවිතයන් සඳහා INSEE හි කැපවීම මෙම ජයග්‍රහණයෙන් නැවත වරක් තහවුරු විය.
සම්මාන උළෙලේදී, INSEE (Siam City Cement (Lanka) Limited) ‘‘වසරේ තිරසර සෞඛ්‍ය සහ ආරක්ෂණ සන්නාමය’’ සහ ‘‘වසරේ තිරසර සන්නාමය’’ යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබූ අතර, INSEE සංස්ථා සිමෙන්ති ‘‘වසරේ තිරසර සිමෙන්ති සන්නාමය’’ යන සම්මානය දිනා ගත්තේය.
මෙම සුවිශේෂී ඇගයුම INSEE මෙහෙයුම් සහ ක්ෂේත්‍රවල අර්ථවත් වෙනසක් ඇති කිරීම සඳහා ලබා දෙන නොසැලෙන කැපවීම පෙන්නුම් කරන සාක්ෂියකි.
INSEE සමාගම තුළ සෞඛ්‍යය සහ ආරක්ෂාව ගැන ඉහළම සැලකිල්ලක් ලබා දෙන අතරම, එය ආයතන සංස්කෘතියේ අංගයකි. සෞඛ්‍යය සහ ආරක්ෂාව ආයතනයේ මූලික සංකල්පයක් සේ සැලකෙන අතර, සියලු මෙහෙයුම් හරහා #ZEROHARM ඉලත්තය ළඟා කරගැනීමට සමාගම කටයුතු කරනු ලබයි. ඒ හරහා සේවකයන්, හවුල්කරුවන් සහ ප්‍රජාවගේ යහපැවැත්ම තහවුරු කරයි. තිරසරභාවය යනු INSEE මෙහෙයුම්වල මූලික පදනමයි. ඉදිකිරීම් කර්මාන්තයේ තිරසර භාවිතයන් සහ නවෝත්පාදන සඳහා සමාගමේ පුරෝගාමී දායකත්වය ද මෙම ඇගයුම් තුළින් ඉස්මතු වේ.
INSEE සමාගම 2030 වසර වන විට තිරසරභාවය අතින් ළඟා කරගත යුතු ඉලක්ක රැසක් වෙනුවෙන් කටයුතු කරමින් සිටින සමාගමකි. ඒ වෙනුවෙන් 2030 වර්ෂය පාදක කරගත් තිරසර අරමුණු නම් විශේෂිත ප්‍රතිපත්ති රාමුවක් ද ක්‍රියාවට නගා ඇති අතර, ඒ යටතේ දේශගුණය සහ බල ශක්තිය, ජෛව විවිධත්වය සහ ජලය. චක්‍රීය ආර්ථිකය සහ ප්‍රජා සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය හා වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව යන එකකට එකක් සම්බන්ධ තේමාවන් කරනු ලබයි. මේ සියල්ල තුළින් ශක්තිමත් සහ වගකීම් සහගත අනාගතයකට මග පාදන්නට ද INSEE සමාගමට හැකි වී ඇත. හුණුගල් කැණීම් කරන ලද බිම් ප්‍රතිසංස්කරණය කිරීමේ සිට සශ්‍රික පරිසර පද්ධති දක්වා විහිදුණු විවිධ මෙහෙයුම් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, ජල පරිභෝජනය අඩු කිරීම සහ අපද්‍රව්‍ය යොදාගෙන නිපදවන විකල්ප බලශක්ති ක්‍රම මඟින් ෆොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා සමාගම කටයුතු කරනු ලබයි.
INSEE සමාගමේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය තුළ තිරසාරභාවය යනු මූලික මූලධර්මයක් ලෙස කැපී පෙනෙන්නකි. එපමණක් නොව, සමාගමේ අපද්‍රව්‍ය කළමනා කරණ අංශය වන INSEE Ecocycle, චක්‍රීය ආර්ථික ආකෘතිය තවදුරටත් ශක්තිමත් කරන්නට දායක වන සුවිශේෂී අංශයකි. මේ යටතේ කාර්මික අපද්‍රව්‍ය සඳහා තිරසර විසඳුම් ලබා දෙමින් පාරිසරික බලපෑම් අඩු කරන්නටත්, සම්පත් කාර්යක්ෂමතාව ඉහළ නංවන්නටත් කටයුතු කරනු ලබයි.
INSEE සිමෙන්ති සමාගමේ මෙහෙයුම්, දේශීය ගොඩනැගිලි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවම කාබන් විමෝචනය සහිතව හා පාරිසරික වශයෙන් වගකීම් සහගත ලෙස ක්‍රියාත්මක කරමින්, නිරන්තරයෙන්ම උසස් තත්වයේ. සංයුක්ත සිමෙන්ති නිෂ්පාදන සහ තිරසර ගොඩනැගිලි ද්‍රව්‍ය හඳුන්වා දෙන්නට සමාගම සමත්ව ඇති අතර, නවෝත්පාදන, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ද සැලකිය යුතු ආයෝජන සිදු කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
CIOB 2025 ශ්රී ලංකා තිරසර සම්මාන උළෙලේදී INSEE වෙත ඉහළම ඇගයුමක්