ශ්රී ලංකාවේ තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රමුඛ ආයතනයක් වන INSEE Ecocycle Lanka (Pvt) Limited, ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරණ ආයතනය (CPM Sri Lanka) විසින් සංවිධාන කරන BMPC Awards 2025 සම්මාන උළෙලේදී ගෞරවනීය ඇගයුම් ද්විත්වයකින් පිදුම් ලබන්නට සමත්ව ඇත.
INSEE Ecocycle විශිෂ්ටතම සමාගම් විස්ස අතරට නම් කරන ලද අතර, බලශක්ති සහ තාප-බලශක්ති (ඉන්ධන, ගල් අඟුරු සහ ගෑස්) කාණ්ඩයේ ජයග්‍රහණය දිනා ගන්නට ද INSEE Ecocycle සමත් විය. තිරසර හා කාර්යක්ෂම බලශක්ති විසඳුම් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස සමාගමට හිමි ස්ථානය තවදුරටත් ශක්තිමත් කරන්නට ද මෙම කැපී පෙනෙන ජයග්‍රහණය හේතු විය.
“මෙම ඇගයුම් ද්විත්වය අප කණ්ඩායම සතු විශිෂ්ටත්වය සහ තිරසරභාවය සඳහා ඇති ස්ථිරසාර කැපවීමට මනා සාක්ෂියක් සපයයි. මේ තුළින් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ INSEE Ecocycle සතු වෘත්තීයභාවය පිළිබිඹු කරන අතරම තිරසරභාවය සඳහා නායකත්වයේ ආදර්ශයක් ද පෙන්නුම් කරනවා. මෙම ජයග්‍රහණවල ගෞරවය INSEE Ecocycle කණ්ඩායමේ සෑම සාමාජිකයකුටම හිමි විය යුතුයි. මේ ඇගයුම යථාර්ථයක් බවට පත් වූයේ ඔවුන් දශක දෙකකට වැඩි කාලයක් පුරා කළ කැපවීම නිසයි” යනුවෙන් INSEE Ecocycle අධ්‍යක්ෂ සුජිත් ගුණවර්ධන මහතා පැවසීය.
තිරසරභාවයෙන් යුතු චක්‍රීය ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමේලා සමාගම ගෙනයන පුළුල් මෙහෙවරට මෙම ජයග්‍රහණයෙන් සපයන්නේ නොමද ශක්තියක් බව නොරහසකි. එපමණක් නොව, නවෝත්පාදනය, විශිෂ්ටත්වය සහ පාරිසරික වගකීම යන සමාගමේ මූලික වටිනාකම් සමඟ ද මෙම ජයග්‍රහණය මනා සේ ගැළපෙන්නක් බව සඳහන් කළ හැකිය.
මෙම ඇගයුම මගින් වගකීමක් ඇති ව්‍යාපාරික භාවිතයන් පිළිබඳ රටටම ආදර්ශයක් වූ INSEE Ecocycle සතු ස්ථාවරය තවදුරටත් තහවුරු කරන අතර, තිරසර භාවිතය සම්බන්ධයෙන් සමාගමේ ක්‍රියාකාරිත්වය මෙන්ම ආයෝජන ප්‍රතිලාභ (ROI) සම්බන්ධයෙන් සමාගමේ කොටස්කරුවන්ට, සේවාදායකයන්ට සහ හවුල්කරුවන්ට ද ප්‍රබල සාක්ෂියක් මේ තුළින් සපයයි.
පසුගිය වසරේදී ද INSEE Ecocycle එහි කළමනාකරණ පිළිවෙත් වෙනුවෙන් CPM Sri Lanka වෙතින් ඇගයුමට පාත්‍ර වූ අතර එහිදී කුසලතා සම්මානයකින් ද සමාගම පිදුම් ලැබීය.
ශ්‍රී ලංකාවේ මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා වන මිණුම් ලකුණක් සේ පිළිගත් BMPC සම්මාන උළෙල, කළමනාකරණ පිළිවෙත්, නවෝත්පාදන සහ තිරසර මෙහෙයුම් සඳහා දැඩි නිර්ණායක මත පදනම්ව සමාගම් ඇගයීමට ලක් කරනු ලබයි. INSEE Ecocycle ලැබූ මෙම ඇගයුම, මෙහෙයුම් කාර්යක්ෂමතාව පවත්වා ගනිමින් පාරිසරික වශයෙන් වගකිවයුතු පිළිවෙත් ක්‍රියාත්මක කිරීමේලා සමාගම විසින් ප්‍රකට කළ නායකත්වය ද නැවත නැවතත් තහවුරු කරන්නකි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
BMPC Awards 2025 සම්මාන උළෙලේදී INSEE Ecocycle ඇගයුම් ද්විත්වයකින් පිදුම් ලබයි