IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


Asiri Academy of Health Sciences මැලේසියාවේ සන්වේ විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමක

ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යයන්තර සෞඛ්‍ය අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව

AAHS පදනම් පාඨමාලා සැසිරූ සිසුන්ට සෘජුවම අයැදුම් කිරීමේ අවස්ථාව 

සා.පෙළ අවම සම්මානයක් ප්‍රමාණවත්


මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ආයතනයක් වන Asiri Academy of Health Sciences (AAHS)  සහ මැලේසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන සන්වේ විශ්වවිද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් සලකුණු කරමින් ශ්‍රී ලංකාවේ සන්වේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා වන පළමු අදියර සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබනු ලැබීය.

සන්වේ සමූහයේ සභාපති සහ නිර්මාතෘ මෙන්ම සන්වේ විශ්වවිද්‍යාලයේ කුලපති ටැන් ශ්‍රී චව් වී කින්, සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ, ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න, එහි අධ්‍යක්ෂිකා නදීකා ජයසිංහ ඇතුළු දෙපාර්ශවයේම ප්‍රධාන පෙළේ නිලධාරීහු මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.

සන්වේ විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුම්ගත වූ ප්‍රථම ශ්‍රී ලාංකික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය AAHS වන අතර, මෙමඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර සෞඛ්‍ය අධ්‍යාපනයක් ලැබීමේ අවකාශ උදාවනු ඇත. අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට මෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන්ට පවා මේ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වීම මෙහි ඇති සුවිශේෂීම කරුණයි.

මෙම අවබෝධතා ගිවිසුමෙන් සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ AAHS පදනම් පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන්ට සන්වේ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් උපාධි පාඨමාලා තුනක් සඳහා ඍජුවම අයදුම් කිරීමේ අවස්ථාව හිමි වේ. හෙද, වෛද්‍ය ජෛව තාක්ෂණය සහ මනෝවිද්‍යාව යන ක්ෂේත්‍ර සඳහා විද්‍යාවේදී (ගෞරව) උපාධි සඳහා මෙලෙස අයදුම් කිරීමේ අවකාශ මෙරට සිසුන්ට හිමි වනු ඇත. සන්වේ විශ්වවිද්‍යාලය වෙතින් පිරිනමන සම්පූර්ණ උපාධි වැඩසටහන් පරාසය හඳුන්වා දීම සඳහා ඇති හැකියාව පිළිබඳ මේ වන විට අධ්‍යයනය කෙරෙමින් පවතී.   

මෙම නවෝත්පාදන මාවත මඟින් අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කළ වහාම සිසුන්ට සෞඛ්‍ය අධ්‍යාපනය වෙත පිවිසීමට ඉඩකඩ සැලසෙන අතර, මේ පාඨමාලාවට ඇතුළත් වීම සඳහා අවම සම්මාන සාමර්ථ 5ක් තිබීම ප්‍රමාණවත්ය. AAHS හි මාස අටක පදනම් වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් පසු, සිසුන්ට සන්වේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් හිමිවන අතර, ඔවුන්ගේ අධ්‍යයන ප්‍රගතිය සැලකිය යුතු අයුරින් වේගවත් කරන්නට මෙය මහඟු‍ අවස්ථාවක් ද වේ.

“ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ප්‍රගතියක් ළඟා කරගන්නට මෙම හවුල්කාරීත්වය හේතුවක් වනු නොඅනුමානයි. වයස අවුරුදු 16 හෝ 17 සීමාවේ සිටින සිසුන්ට ඔවුන්ගේ සෞඛ්‍ය අධ්‍යාපන ගමන ආරම්භ කරන්නට අවස්ථාව සලසා දෙමින්, ඉහළ ඉල්ලු‍මක් ඇති ක්ෂේත්‍රවල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් ලබා ගන්නට AAHS  වේගවත් මාර්ගයක් සකස් කර දී තිබෙනවා.” යනුවෙන් සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා සඳහන් කළේය.  



අදහස් (0)

Asiri Academy of Health Sciences මැලේසියාවේ සන්වේ විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site