

ලෝක පරිසර දිනය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) සමග එක් වූ එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී ^Aitken Spence PLC) සමාගම, සේවා වනිතා ඒකකය විසින් දියත් කරන ලද “Clean Today – Green Tomorrow” පාරිසරික වැඩසටහන සඳහා අත්වැල් බැඳගෙන ඇත. පාරිසරික වගකීම් පිළිබඳ පිළිවෙත් අධ්‍යයනයට, ඒවා දැක-බලා ගැනීමට සහ ප්‍රායෝගිකව එකී පිළිවෙත් යොදා ගැනීමට අවස්ථාව උදා කරදෙමින් ගුවන් හමුදා කඳවුරු වල සිටින්නන් හා ඒ අවට ප්‍රජාව තුළ තිරසර බව සම්බන්ධ වගකීම හා හැඟීම ඇති කිරීමට මෙම ව්‍යාපෘතිය ඉලක්ක කරයි.
තිරසර බව යනු එයිට්කින් ස්පෙනස් හි අනන්‍යතාවේ ප්‍රධාන සාධකයකිි. එයිට්කින් ස්පෙන්ස් සමූහය පරිසරය සුරැකීම වෙනුවෙන් දිගු කාලයක් තිස්සේ පෙනී සිටින්නේ එම නිසාවෙනි. පරිසර-හිතකාමී සත්කාරක සේවාවන් හි කැපී පෙනෙන ලකුණ වශයෙන් හෙරිටන්ස් කණ්ඩලමHeritance Kandalama) ගෝලීය වශයෙන් ඉහළ නමක් දිනාගෙන ඇත. එසේම, වැවිලි කර්මාන්තය තුළ ඉහළින් වැජඹෙන්නේ ද තිරසර කෘෂිකර්මය වෙත දක්වන බලවත් අවධානය නිසාවෙනි. ඒ අනුව, ඉහතින් ඇති කරගත් මෙම හවුල්කාරිත්වයෙන් පරිසරය පිළිබඳ හැඟීමක් ඇති ප්‍රජාවන්ගෙන් සැදුම් ලත් නව පරම්පරාවක් බිහි කිරීමට එයිට්කින් ස්පෙන්ස් අදහස් කරයි. ඒ සඳහා සිය ව්‍යාපාරික කටයුතුවල පවත්නා තිරසර ක්‍රමවේදයන්ගේ සාර්ථකත්වය නව පරම්පරාව දිරිමත් කරනු ඇතැයි සමාගම විශ්වාස කරයි. දැනටමත් පෙනෙන්නට ඇති යහපත් ප්‍රතිඵල මෙන්ම නොදුටු පැතිකඩ ද සහභාගි වන්නන් හට පෙන්වා දීමටත්, ප්‍රවීණයන්ගේ වටිනා අදහස් හා දැනුම ඔවුන් හා බෙදා-හදා ගැනීමෙන් ඔවුන් දිරිමත් කිරීමටත් මෙහිදී අදහස් කෙරෙයි. කඳවුරුවල ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතය ද සාර්ථක කරගැනීමට ද එම තිරසර පිළිවෙත් යොදා ගැනීමට, ඒ ලබන දැනුම ඔවුන් උනන්දු කරවනු ඇත.
එයිට්කින් ස්පෙන්ස් සමූහය දැනටමත් කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු (SDGs) බොහොමයක් අනුව යමිනි. මෙකී හවුල්කාරිත්වයෙන් එම කටයුතු වැඩිදුරටත් වෙර ගැන්වෙනු ඇත. මෙම වැඩපිළිවෙළෙන්් තිරසර සංවර්ධනයට අවශ්‍ය දැනුම හා කුසලතා සහභාගි වන්නන් වෙත ලබා දීම මගින්, ගුණාත්මක අධ්‍යාපනය සඳහා වූ 4වන තිරසර සංවර්ධන අභිමතාර්ථ (SDG 4, ඉලක්ක 4.7) වෙත සහය සැලසේ. ඊට සමගාමීවල කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම් (SDG 9) යන අභිමතාර්ථය ප්‍රවර්ධනය කරනු ලබන්නේ මෙහෙයුම් පිළිවෙත් සම්බන්ධ නව්‍යකරණ තාක්ෂණ ඒකාබද්ධ කිරීම දිරිමත් කිරීම හරහා ය. එපමණක් නොව, වගකීමෙන් යුතු පරිභෝජනය සහ නිෂ්පාදනය (SDG 12) යන අභිමතාර්ථය වෙත දායකත්වය සපයනු ලබන්නේ, කසළ අවම කිරීම හා සම්පත් කාර්යක්ෂමතාව දිරිගන්වමින් මෙන්ම පරිසර-පද්ධති සුරකින හා වගකීමෙන් යුතු ඉඩම් පරිහරණය ප්‍රවර්ධනය කෙරෙන තිරසර කෘෂිකාර්මික පිළිවෙත් මගින් ගොඩබිම මත ජීවය (SDG 15) උසස් මට්ටමට පත් කිරීම දිරිමත් කරමිනි. මෙකී සහයෝගීතාව මගින් තිරසර සංවර්ධනය සඳහා පාර්ශවකරණයන් (SDG 15) ඔප-මට්ටම් කෙරෙනුයේ, තිරසර ප්‍රගතිය කරා යන ගමනේ දී සාමූහික වෑයම් වල ඇති වැදගත්කම විදහා දක්වමිනි.
මෙම හවුල්කාරිත්වයේ එක් අංගයක් වශයෙන් එයිට්කින් ස්පෙන්ස් හොටෙල්ස් (Aitken Spence Hotels) සහ එයිට්කින් ස්පෙන්ස් ප්ලාන්ටේෂන්ස් (Aitken Spence Plantations) සමාගම විසින් SLAF වෙත තිරසර මෙහෙයුම් පිළිබඳ සෘජු අත්දැකීම් ලැබීමට අවශ්‍ය කටයුතු සැලසීය. එහිදී, හෙරිටන්ස් කණ්ඩලම වෙත ගිය සහභාගි වන්නන් හට කසළ කළමනාකරණය, ජලය හා බලශක්ති සංරක්ෂණය සහ පාරිසරික වගකීමෙන් යුතු සත්කාරක සේවාවන් පිළිබඳව මුල් වරට හඳුන්වා දී ඇති වැඩපිළිවෙළ රැසක් නිරීක්ෂණය කිරීමේ මහඟු අවස්ථාව උදා විණ.
සහභාගි වන්නන් ඊළඟ වාරයේ එවැනි අත්දැකීමක් ලබන්නට ගියේ එයිට්කින් ස්පෙන්ස් ප්ලාන්ටේෂන්ස් විසින් පාලනය කරනු ලබන නිව් පීකොක් ^New Peacock), ඩන්සිනේන් ^Dunsinane), සහ මැදකුඹුර (Meddecombra) නමැති වතුයාය තුනක් වෙතය. තේ නිෂ්පාදනයට අදාළව තිරසර වැවිලි පිළිවෙත් ලෙසට ගෝලීය තොරතුරු පද්ධති s (GIS) සිතියම්කරණය, ඩ්‍රෝන යෙදුම්, පටක-රෝපණය කිරීමේ දී මාධ්‍ය සැකසීමේ ක්‍රමවේද, යාන්ත්‍රීකරණයන් මෙන්ම ප්‍රජාව විසින් මූලිකත්වය ගනු ලබන වැඩපිළිවෙළ ද දැක ගැනීමට සහභාගි වන්නන් හට අවස්ථාව ලැබිණ.
2025 නොවැම්බර් මස 04
428
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2195
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
Aitken Spence සමාගම “Clean Today – Green Tomorrow” වැඩපිළිවෙළට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග අත්වැල් බැඳ ගනියි