IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


Agro Harvest කල්ටිවේෂන් සමාගමේ නව්‍ය කෘෂි-සංචාරක ව්‍යාපෘතියට BWIO සම්මාන


Agro Harvest Cultivation  පෞද්ගලික සමාගමේ Greensprout Agro Escape  ව්‍යාපෘතිය BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය අදහස සහිත ව්‍යාපෘතිය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. Greensprout Agro Escape  සංකල්පය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය මූලික කර ගෙන දියත් කර ඇති කෘෂි සංචාරක සහ තිරසාර වගා ව්‍යාපෘතියකි. 

අක්කර 3.5ක භූමි භාගයක පැතිරී ඇති එම ව්‍යාපෘතියෙන් කෘෂි සහ සංචාරක ක්ෂේත්‍ර ඒකාබද්ධ කර ග්‍රාමීය ජීවිතය, පරිසර හිතකාමී වගා කටයුතු සහ සුවතාව පිළිබඳ ආකර්ෂණීය අත්දැකීමක් සංචාරකයන්ට සැපැයීමට අපේක්ෂා කෙරේ. එය දේශීය කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය යන අංශ දෙකම ප්‍රවර්ධනයට හේතු වේ. 

මේ වන විට ව්‍යාපෘතියට අවශ්‍ය මූලික පියවරAgro Harvest Cultivation  සමාගම ආරම්භ කර ඇති අතර එහි වගා ව්‍යාපෘති ආරම්භයට පෙර පර්යේෂණ වගා ලෙස ගස්ලබු සහ වැල්දොඩම් වගා මාතලේ ප්‍රදේශයේ අරඹා තිබේ. මෙම සංකල්පය යටතේ කාබනික බෝග වගාවට අත්වැලක් වීමේ අරමුණෙන් වාණිජ vermi-compost  (ගැඩවිල් පොහොර) නිෂ්පාදනය මේ වන විට ආරම්භ කර ඇත. කුරුඳු, ගම්මිරිස්, කරඳමුංගු වැනි ඉහළ වටිනාකමක් සහිත කුලු‍බඩු වර්ගද, එළවළු සහ පලතුරු  ඇතුළුව බෝග වර්ග රැසක් වගා කරමින් ඉදිරියේදී වගා කටයුතු පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. හරිතාගාර යොදා ගනිමින් ආරක්ෂිත ක්‍රමවේද යටතේ බෝග වගා කිරීම මේ ව්‍යාපෘතියේ ඉදිරි සැලසුම් වේ. මෙම ව්‍යාපෘතියට කබානා වර්ගයේ පරිසර හිතකාමී විලා (Villa)  හයක්, වගා බිමෙන් මේසයට’  (Farm to Table)  සංකල්පය පදනම් කර ගත් ආපන ශාලාවක්, ආයුර්වේද සම්බාහන සහ භාවනා මධ්‍යස්ථානයක් ඇතුළත් වේ. පක්ෂීන් නැරඹීම, පාපැදි පැදීම වැනි පරිසරය පදනම් කර ගත් ක්‍රියාකාරකම්වල යෙදීමට සංචාරකයන්ට අවස්ථාව සලසයි. 



අදහස් (0)

Agro Harvest කල්ටිවේෂන් සමාගමේ නව්‍ය කෘෂි-සංචාරක ව්‍යාපෘතියට BWIO සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site