IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ALFT පැකේජින් අති නවීන කර්මාන්ත ශාලාවක් විවෘත කරයි

මෙරට ෆ්ලෙක්සිබල් ඇසුරුම් කර්මාන්තයේ වසර 25කට වැඩි අත්දැකීම් සහිත ප්‍රවීණයෙක් වන ලක්ෂමන් ද ෆොන්සේකා මහතා සභාපතිත්වය දරනALFT ඇසුරුම් සමාගමේ නවතම කර්මාන්ත ශාලාව අති නවීන නිෂ්පාදන පහසුකම් සහිතව පසුගිය දා ඒකල දී විවෘත කරන ලදි.

නව කර්මාන්ත ශාලාව W&H Miraflex 11 මුද්‍රණ තාක්ෂණය ඇතුළු නවීනතම යුරෝපීය තාක්ෂණයෙන් සමන්විත වන අතර මේ හරහා දේශීය සමාගම් වෙත සිය නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියේ ෆ්ලෙක්සිබල් ඇසුරුම් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.  

නව කර්මාන්ත ශාලාව විවෘත කිරීම සඳහා විචිත්‍රවත් නිල උත්සවයක් පැවත්වුණු අතර ඊට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කීර්තිමත් ආයතන ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනිය සහ කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලාෆිෆි, සිලෝන් බිස්කට් ලිමිටඩ් (CBL) සමාගමේ සභාපති රම්‍ය වික්‍රමසිංහ, ප්‍රීමා ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න, නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජේසන් ඇවන්සිනා, ලංකා බැංකුවේ අතිරේක සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඒ අතරින් කිහිප දෙනෙකි. එම අවස්ථාවේ දී ALFT සමාගම  සිය පළපුරුදු සේවක මණ්ඩලය සහ විදේශීය විශේෂඥයන්ගේ සහය ඇතිව සහභාගී වූ සියලු අමුත්තන් හට නව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සිදු කෙරෙන ආකාරය දැක බලා ගැනීමට ද අවස්ථාව සලසා තිබිණ.

ALFT සමාගමේ සභාපති ලක්ෂ්මන් ද ෆොන්සේකා මහතා සමාගමේ නව පියවර ගැන අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. 

“ඇසුරුම් නිෂ්පාදනය සඳහා මේ මාදිලියේ ඉහළම ජාත්‍යන්තර තාක්ෂණයක් ශ්‍රී ලංකාව තුළ යොදා ගැනෙන්නේ පළමු වරටයි. ඒ නිසාම මේ අවස්ථාව ALFTසමාගමට පමණක් නොවෙයි සමස්ත ඇසුරුම්කරණ ක්ෂේත්‍රයටම සුවිශේෂී අවස්ථාවක් කියා මා සිතනවා. මේ නවීනතම තාක්ෂණයේ ප්‍රතිලාභ වශයෙන් අපේ සේවාලාභීන්ට පෙර නොවූ විරූ නිර්මාණශීලීත්වයක් සහ කාර්යක්ෂමතාවක් අත්විඳීමට හැකි වනු ඇති. නව කර්මාන්තශාලාව තුළ නව තාක්ෂණය යොදා ගනිමින් පළමු ඇසුරුම් නිෂ්පාදන කාණ්ඩය මේ වන විට ප්‍රීමා සමාගම වෙනුවෙන් නිෂ්පාදනය වෙමින් පවතිනවා”

“නවතම W&H Miraflex  මුද්‍රණ තාක්ෂණය හරහා අපේ සේවාලාභීන්ට අද්වීතීය ගුණාත්මක බව, පුළුල් වර්ණ පරාසයක් භාවිත කිරීමට හැකි වීම, කාලය ඉතිරි වීම සහ නිර්මාණශීලීත්වයට වැඩි ඉඩක් හිමී වීම වැනි වාසි ගණනාවක් ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පළමු වරට අපි කර්මාන්තශාලාව තුළම ප්ලේට් නිර්මාණය කිරීමේ තාක්ෂණය හා පහසුකම හඳුන්වා දී තිබෙනවා”

“අපේ නව කර්මාන්තශාලාව හරහා දේශීය ව්‍යපාරවලට විදේශීය සැපයුම්කරුවන් මත යැපීමකින් තොරව පහසුවෙන් හා අඩු පිරිවැයකින් තමන්ගේ ඇසුරුම් අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැකි නිසා ඔවුන්ට අපනයන වෙළඳපොළ තුළ සාර්ථකව තරඟ කිරීමට අවස්ථාව හිමි වෙනවා. අනෙක් අතටALFT සමාගමට ජාත්‍යන්තර සේවාලාභීන් වෙත සේවා සැපයීමටත් අවස්ථාව උදා වී තිබෙනවා. මේ නිසා අපේ ආයෝජනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි විශාල සාධනීය බලපෑමක් ඇති කරනු ඇති බවට අපි විශ්වාස කරනවා”

උසස්ම තත්ත්වය හා අනෙකුත් ප්‍රතිඵලවලට අමතරවALFT සමාගම සිය සේවාලාභීන් වෙනුවෙන් ඉහළම සේවයක් ලබා දීමට කටයුතු කරන අතර ඊට හොඳම උදාහරණය වන්නේ නව කර්මාන්තශාලාවේ පිහිටා ඇති නවීන තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණාගාරයයි. සමාගමේ සේවාලාභීන්ට නිෂ්පාදනයට පෙර සිදු කරන පරීක්ෂණ කටයුතු මෙම පර්යේෂණාගාරය සතු සම්පත් භාවිත කර සිදු කිරීමට ALFT සමාගම විසින් ඉඩකඩ සළසා ඇත.

ALFT සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චතුර ජයතිස්ස මහතා මේ  පිළිබඳව මෙසේ අදහස් දැක්වූයේය. “ALFT සමාගම කෙටි කලක් ඇතුළත ලැබූ දැවැන්ත සාර්ථකත්වයට හේතු වූ මූලිකම කාරණා වන්නේ අපේ විශිෂ්ට පාරිභෝගික සේවය සහ සියයට සීයක් පූර්ණ විනිවිදභාවයයි. රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අප දක්වන කැපවීම සහ කාර්යක්ෂම බව හා කාලය ඉතිරි කරදීම වැනි කාරණා සම්බන්ධයෙන් අපේ සේවාලාභීන් ඉතා ඉහළින් අපව අගය කරනවා”

595



අදහස් (0)

ALFT පැකේජින් අති නවීන කර්මාන්ත ශාලාවක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site