AIA ඉන්ෂුවරන්ස්, මෙරට වැඩිම කාලයක් පුරාවට අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතින AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනේ 30 වැනි සංවත්සරය මේ වසරේ දී සමරයි. 1994 දී ආරම්භ කරන ලද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගන්නා ලද සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දෙන අතර මෙම ශිෂ්‍යත්වලාභීන්ට උසස් පෙළ ආරම්භයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරන තෙක් මාස්පතා මෙම ප්‍රතිලාභය හිමි වේ.
AIA සිය වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය නොබෝදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී උත්සවශ්‍රීයෙන් පවත්වන ලද අතර පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් අමතා කතා කළ මාතර දිස්ත්‍රික් ශිෂ්‍යත්වලාභී සිසුවාගේ පියා වන හරීන්ද්‍ර මදනායක මහතා මෙසේ කියා සිටියේය. ”අද අපට හරිම සතුටු දවසක්. මා මෙහි පැමිණියේ රටේ දකුණු කෙළවරින්. ඒ වගේම උතුරු කෙළවරින්, නැගෙනහිරෙන්, වයඹෙන් වගේම ලංකාවේ සියලුම ප්‍රදේශ වලින් මේ උත්සවයට ඒකරාශී වූ දරුවන් සමූහයට ලබා දෙන මේ ශිෂ්‍යත්වය හරිම අනභිභවනීයයි. අද මේ අපි පුබුදුවාලන්නේ අප රටේ අනාගතයයි. එත් අපට අනාගතයක් ගැන හිතන්න බෑ අතීතයක් නැතිව. අද දින රාජ් සෝමදේව මහතා අප වෙනුවෙන් ඉතා වැදගත් දේශනයක් කළා. ඒ පිළිබඳව මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා.
ඔහු කී පරිදි මේ දරුවන්ට අනාගතය ආලෝකමත් කරගන්න හැකි වන්නේ මේ ලබාගත් ශිෂ්‍යත්වය වඩාත් පලදායී කර ගත්තොත් පමණයි. මගේ දියණියන් දෙදෙනාත් පහේ ශිෂ්‍යත්වලාභීන්. එත් ඔවුන් දැනට විදේශගතව ජීවත් වෙනවා. එත් අද ශිෂ්‍යත්ව ලබාගත් මගේ පුතණුවන් අප රටට වැඩදායී පුරවැසියෙක් ලෙස කටයුතු කරයි කියා මා සිතනවා. මමත් දිවි හිමියෙන් මගේ ශ්‍රී ලංකා මාතාවට කැපවී සේවය කළ කෙනෙක්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මගේ පුතා යම් දිනක මාතෘ භූමියට කැපවී කටයුතු කරයි කියලා යනුවෙනි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන 30 වැනි සංවත්සරය සමරයි