චීනය සමඟ සමීපව කටයුතු කරනවා - අගමැති චීන ආයෝජන වැඩි කිරීමටත් දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන වැඩසටහන් වේගවත් කිරීමටත් චීනය සමඟ සමීපව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි. 24 April 2018
රුපියල අවප්‍රමාණය ඉහළට රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.69 ක් දක්වා අද (24) ඉහළ ගියේය. 24 April 2018
උද්ධමනය පහළට - මහ බැංකුව ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට උද්ධමනය පහළ යන නැඹුරුවක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටි. මේ වසරේ මාර්තු මාසයේ උද්ධමනය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව එසේ කියයි. 23 April 2018
මාළු අපනයනයට සියයට 15 ක බදු සහනයක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන විශේෂ ප්රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) හරහා මත්ස්‍ය අපනයනවලට සියයට 15ක බදු සහනයක් හිමිවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත. 20 April 2018
ලග්න වසනා ලොතරැයියේ කෝටි දෙකේ ජය මඩකළපුවේ තරුණයකුට ජාතික ලොතරැයි මණ්ඩලයේ ලග්න වාසානා ලොතරැයියේ රුපියල් කොටි දෙකේ ජය මල්ල හිමිකර ගැනීමට මඩකලපුව ප්‍රදේශයේ තරුණයෙකු සමත් වී ඇත. 20 April 2018
ලංකාවේ ආයෝජනය කරන්න බ්‍රිතාන්‍ය සූදානමින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බ්‍රිතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා පවසයි. 18 April 2018
ආනයනික රත්තරන් සඳහා සියයට 15ක තීරුබද්දක් ආනයනික රත්තරන් සඳහා සියයට 15ක තීරුබද්දක් පැනවූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 18 April 2018
පරිගණක ගත මුදල් භාවිතය ආර්ථිකයට තර්ජනයක් කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරීම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරනු ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිවේදනයක් නිකුත් කළේය. 16 April 2018
11 වැනි මාසයටත් විදෙස් ආයෝජන ශුද්ධ ලැබීමක් අඛණ්ඩව 11 වැනි මාසයටත් විදෙස් ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි මස විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරයි. 12 April 2018
මුල් කාර්තුවේ විදෙස් සංචාරකයින් පැමිණිමේ වර්ධනයක් මේ වසරේ මුල් මාස තුනේදී පමණක් විදෙස් සංචාරකයින් 474 540ක් දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 10 April 2018
සරසවි අනධ්‍යයන සේවක වර්ජනයෙන් ග්‍රාමීය ආර්ථිකයට බලපෑම් රට පුරා ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩ වර්ජනය නිසා විශ්වවිද්‍යාලය පදනම්කරගෙන වක්‍ර රැකියාවන්හි නියුතු බොහෝ පිරිසකට සිය ආර්ථිකයට පහර වැදී ඇති බව එම පිරිස් පවසති. විශ්වවිද්‍යාල ආපනශාලා හිමියෝ සිය වෘත්තීය සේවාවන් ඇනහිටීමෙන් තම ආදායමට ප්‍රබල පහරක් එල්ලවී ඇති බවද පවසති. 08 April 2018
ණය අනුපාතිකය අංක 25කින් අඩු කරයි මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමට සුදුසු කාලය පැමිණ ඇති බව හැඟී ගිය හෙයින් ඉහළ සීමාවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (4) ප්‍රකාශ කළේය. 04 April 2018
එදිරිසිංහ ෆයිනෑන්ස් මූල්‍ය කටයුතු පණ ගන්වන්න ඇමෙරිකාවෙන් ඩො.මි.75 ක් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති එදිරිසිංහ ට්‍රස්ට් ෆයිනෑන්ස් සමාගමේ මූල්‍ය කටයුතු යළි පණගන්වමින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක විදේශ ආයෝජනයක් ඊට ලැබෙමින් පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. 04 April 2018
ඊ.ඒ.පී ව්‍යාපාර සමූහය ආයෝජකයන් සමඟ එකඟතාවක් ඊ.ඒ.පී ව්‍යාපාර සමූහයේ අයිතිකරුවන් ඊ.ටි.අයි ෆයිනෑන්ස් සමාගමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (5) ප්‍රකාශ කළේය. 04 April 2018
ලංකාවේ ආර්ථිකය සියයට පහකින් ඉහළට -මහ බැංකු අධිපති මේ වසරේදී මෙරට ආර්ථිකය 5% ක ආසන්න අගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (4) ප්‍රකාශ කළේය. 04 April 2018
විකෘති කළ මුදල් නෝට්ටු හුවමාරුව දිගටම සිතාමතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හුවමාරු කිරීමේදී ජනතාව මුහුණ දෙන අපහසුතා හා ඔවුන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එවැනි මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 03 April 2018
ශ්‍රි ලන්කන් එයාර් ලයින් නව සභාපති රංජිත් ප්‍රනාන්දු ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට රංජිත් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කරනු ලැබ තිබේ. 03 April 2018
ඉස්සන් මිල පහළ යාමෙන් ගොවීන් අමාරුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාවෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලැබුණද දිස්ත්‍රික්කයේම අස්වැන්න එකවර ලැබිත් සමඟ මිල සිඝ්‍රයෙන් පහළ වැටී ඇතැයි ගොවීහු කියති. 02 April 2018
දඹුල්ලේ එළවළු මිල පහළට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ගොවීහු පවසති. 01 April 2018
ඩයලොග් සමාගමෙන් අරමුදලක් ඩයලොග් සමාගම සිය සමාගමේ ‘ඩිජිටල් නවෝත්පාදන අරමුදලේ’ පළමු වැනි ආයෝජන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අද (29) නිවේදනය කළේය. 29 March 2018
ශ්‍රී ලංකන් ගුවන් සමාගම - එයාර් සීෂෙල්ස් සමඟ ගිවිසුමක් ජාතික ගුවන් සේවය වන ශ්‍රි ලංකන් ගුවන් සමාගම අපේ‍්‍රල්(01) වැනිදා සිට එයාර් සීෂෙල්ස් ගුවන් සමාගම සමග විශේෂ ගුවන් සබඳතා ගිවිසුමක් වෙත එළැඹ ඇත. 29 March 2018
හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් 20 වැනි සංවත්සරය සමරයි රට රටවල සංචාරය මෙන්ම වෙනත් විවිධ අවශ්‍යතා වෙනුවෙන් කොළඹට පැමිණෙන විදේශිකයන්ගේ සුවිශේෂී තේරීමක් වන ‘හිල්ටන් කලම්බු රෙසිඩන්සීස්’ මේ වසරේදී සිය 20 වන සංවත්සරය සමරයි. 29 March 2018
සංචාරකයන්ට යාපනයේ තවත් වෙරළ තීරයක් යාපනයේ පන්නෙයි වෙරළ තීරය සංචාරකයින් සඳහා තවත් වෙරළක් වශයෙන් සංවර්ධනය කිරීමට උතුරු පළාත් සභාව පියවර ගෙන ඇත. 29 March 2018
ආයෝජන ගැන ගිවිසුමකට යන්න යුක්රේනයේ තීරණයක් ශ්‍රී ලංකාව සමඟ අනෝන්‍ය සහයෝගීතාව සහ ආයෝජන සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට යුක්රේන රජය තීරණය කර ඇතැයි යුක්රේන නිවුස් වෙබ් අඩවිය වාර්තා කර සිටී. 27 March 2018
පොල් ඉඩම් කට්ටි කිරීම රටේම තහනම් කරන්නයි ඉල්ලති දේශීය පොල් කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා කඩිනමින් ආණ්ඩුව පියවර ගත යුතු බවත් වහාම පොල් ඉඩම් කැබලි කිරීම රට තුළ තහනම් කරන ලෙසත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ඒකාබද්ධ පොල් කර්මාන්ත සුරැකීමේ සංවිධාන එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරයි. 21 March 2018
තේ මණ්ඩලයේ නව සභාපති ඩබ්ලිව් එල් පී විජයවර්ධන ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ඩබ්ලිව්. එල්. පී විජයවර්ධන මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරියේ අද (21) වැඩ බාරගනු ලැබීය. 21 March 2018
ෆේස්බුක් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 40කින් පහළට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය එහි ගිණුම් හිමියන්ගේ දත්ත අවභාවිත කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ එය ද ඇතුළු සමාජ මාධ්‍ය සමාගම් කිහිපයක කොටස් පහත වැටී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 20 March 2018
විදෙස් සංචිත ඩොලර් බිලියන දෙකකින් ඉහළට ශ්‍රී ලංකාවේ සංචිතය ඩොලර් බිලියන හයේ සිට ඩොලර් බිලියන අට දක්වා වර්ධනය වී ඇතැයි මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද පැවසීය. 20 March 2018
මුදල් ඇනවුම් සම්පත් බැංකුවෙන් ගන්න පහසුකම් ඕනෑම තැපැල් කාර්යාලයකින් යවන මුදල් ඇනවුමක් එම මුදල් ඇනවුම ලබාගන්නා අයට සම්පත් බැංකුවේ ටෙලර් මැෂින් හරහා පැය 24 පුරා , දින 365 හේ දීම ලබාගැනීමේ අවස්ථාව සලසමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හා සම්පත් බැංකුව එක්ව ’’ E - Pay Mobile Cash ’’ සේවාව ආරම්භ කිරීම තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්.එ.හලීමි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සිදුකෙරිණි. 20 March 2018
අස්ථාවර දේශපාලනයෙන් රටට අනාගතයක් නෑ‘ - මහබැංකු අධිපති දේශපාලන ස්ථාවරත්වය නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) ප්‍රකාශ කළේය. 20 March 2018
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026