(විනීතා එම් ගමගේ )
කුඩා තේ ඉඩම්වල තේ පඳුරු එක්කෝටි දහතුන් ලක්ෂයක් ඉකුත් ජනවාරි සිට මාර්තු දක්වා පැවැති පෑවිල්ල හේතුවෙන් විනාශ වී ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.
දිවයින පුරා කුඩා තේවතු පන්ලක්ෂයක් පමණ ඇති බවත් එයින් අති බහුතැව වියලි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ බවත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ මහතා ලංකාදීපයට පැවැසීය.
සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක.26 ක උෂ්ණත්වයක් සහිත කාලගුණයක් තේ වගාවට සුදුසු වන නමුත් පසුගිය සමයේ පැවැතියේ සෙල්සියස් අංශක 30-36 අතර උෂ්ණත්වයක් යැවි ද හෙතෙම සඳහන් කළේය.
මේ විනාශවූ තේ පඳුරු වෙනුවට අලුත් පැල සිටුවීම සහනාධාර ලබාඳෙන ලෙස වැවිලි කර්මාන්ත හා සුලු අපනයන බෝග අමාත්‍ය රමේෂ් පතිරණ මහතා දුන් උපදෙස් මත සහනාධාර ලබාදීමට පියවර ගන්්නනා බවත් මේමස 30 දා දක්වා එ් සඳහා අයදුම් පත් කැඳවන බවත් විදානපතිරණ මහතා පැවැසීය
විනාශවූ තේ පඳුරු අතරින අවුරුදු හතරට අඩු පැල සඳහා රුපියල් 30 බැගින් ද සාමාන්‍ය පඳුරු සඳහා රුපියල් සියය බැගින්ද සහනාධාර ලබා දෙන බව සභාපතිවරයා කීය.
එමෙන්ම සාමාක්‍ය පරිදි මේ වසර සඳහා තේ නැවත වගිවට අයදුම්පත් කැඳවීම ද සිදුවන බව හෙතෙම වඩිදුරටත් කියා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වියළි කාලගුණය හේතුවෙන් තේ පඳුරු විශාල ප්‍රමාණයක් විනාශ වෙලා