(අජිත්ලාල් ශාන්තඋදය)
කොළඹ තේ වෙන්දේසියේදී පහතරට නිමි තේ සදහා ඉහළ මිලක් ලැබුණ අතර බී ඕපී 1 ^BOP 1) වර්ගයේ තේ කිලෝවකට රුපියල් 2600ක වාර්තා සහගත මිලක් ලැබුණු බව නිවිතිගල විතානකන්ද තේ කර්මාන්ත ශාලා පුද්ගලික සමාගමේ සභාපතිනී නිර්මලී පිලපිටිය මහත්මිය අද(17) දා පැවසුවාය.
ඒ නිසා අප්‍රේල් මාසය තුල තම කර්මාන්තශාලාවට අමු තේ දලූ සැපයූ සැපයුම්කරුවන්ට අමු තේ දලූ කිලෝවකට රුපියල් 130.12ක (එකසිය තිහයි ශත දොළහක ඉහළ මිලක් ගෙවීමට හැකිවූ බවද පැවසුවාය.
කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි සෞඛ්‍ය කොන්දේසි හමුවේ රජය, තේ කර්මාන්තය පවත්වාගෙන යාමට අවසර දීම නිසා මේ අවස්ථාව හිමිවූ බව ද නිර්මලී පිලපිටිය මහත්මිය පෙන්වා දුන්නාය. ඒ නිසා තේ කර්මාන්තයක්, කුඩා තේවතු හිමියාත් ආරක්‍ෂාවු බවද ඇය සදහන් කළාය.
සෞඛ්‍ය කොන්දේසි අනුව තේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී වැඩි පිරිවැයක් වැය කිරීමට සිදුවු නමුත් රජය දුරදක්නා නුවණින් කටයුතු කිරිම නිසා රටට සුලූ වශයෙන් හෝ විදේශ විනිමය ප‍්‍රමාණයක් ගෙන්වා ගැනීමට හැකි වූ බවද කීවාය.
මේ අතර මෙම කම්හල් සාමගමට අමු තේ දලූ සපයන කුඩා තේවතු හිමියන් පැවසුවේ පෙබරවාරි, මාර්තු මාසවල අමු තේදලූ කිලෝවක් සදහා තමන්ට ලැබුනේ රුපියල් සියයක් බවයි.
තම කර්මාන්ත ශාලා සමාගමට අමු තේදලූ සපයන්නන් හයදාහක් පමණ සිටින බවත් ඔවුන් සියලූ දෙනාම ප‍්‍රමිතියෙන් ඉහළ අමු තේදලූ සැපයීම නිසා වෙන්දේසියේදී නිමි තේ සදහා ඉහළ මිලක් ලැබුණ බව ද නිර්මලී පිලපිටිය මහත්මිය සදහන් කළාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනා මැද පහතරට තේ කිලෝවක් 2600ට අලෙවි වෙයි
Amal Sunday, 17 May 2020 11:11 AM
අන්තිමට කර්මාන්ත හිමියා පෝසත් වෙලා... තේ දළු සපයපු අය දුප්පත් වෙලා... කම්කරුවන්ට රුපියල් 1000ක් දෙන්නා බැහැ කිව්වා නේද දැන් හරිනම් 2000ක් දෙන්න ඔනෑ...
anuraTuesday, 19 May 2020 04:28 PM
නියම යෝජනාව. ඊට පස්සේ කර්මාන්ත ශාලා අයිතිකාරයා තමයි කූඩයක් එල්ලා ගෙන තේ දළු නෙලන්නේ.