විමුක්ති එස් රුද්රිගු
මෙරට අපනයන ආදායම 2030 වසර වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 36 දක්වා වැඩිකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා අපනයන ක්ෂේත්‍රයට පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය ඉහළ දැමීමේ අරමුණින් වයඹ සහ උතුරුමැද පළාත්වල වර්තමාන අපනයන තත්වය, අපනයනය සංවර්ධනය කරගත හැකි ආකාරය සහ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් පසුගියද පැවැත්විණි.
රැස්වීම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය. එම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බී.එම්. විජේසිරි සහ ධර්මප්‍රිය දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.කේ.සී. දිසානායක යන මහත්වරුන් ඇතුළුව රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd