IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


2030 දී පොල් අපනයනයෙන් ඩොලර් බිලියන 2.5ක ආදායම් අපේක්ෂාවක්

  • උතුරු පොල් ත්‍රිකෝණයත් සමගින් වාර්ෂික පොල් ඵලදාවේ සියයට 15ක වාර්ෂික වර්ධනයක්

භානුක අමරසිංහ

මෙරට පොල් කර්මාන්තය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක ඉලක්ක සාර්ථක වුවහොත් 2030 වසර වන විට වාර්ෂික පොල් ගෙඩි නිෂ්පාදනය බිලියන 4.2ක් දක්වා ඉහළ නංවමින් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය හරහා ලබන ආදායම ඩොලර් බිලියන 2.5 ක් බවට පත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලංකා පොල් කර්මාන්ත වාණිජ මණ්ඩලය (CCCI) පවසයි.

අද (02) දිනයට යෙදී ඇති ලෝක පොල් දිනය නිමිත්තෙන් අදහස් දැක්වීමක් කරමින් එම මණ්ඩලය මෙම කරුණු සඳහන් කර සිටියි. විශේෂයෙන්ම අද දිනයේදී රජය මගින් ක්‍රියාත්මක කෙරෙන “කප්රුක සවිය“ වැඩසටහන හරහා උතුරු පළාතේ පොල් වගාව ප්‍රචලිත කිරීම සදහා සිදු කරන “උතුරු පොල් ත්‍රිකෝණය“ වැඩපිළිවෙළත් සමගින් මෙම ඉලක්ක සාර්ථක වනු ඇතැයි එම මණ්ඩලයේ අදහස වී තිබේ. අද වනවිට පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය හරහා ලබන ආදායම ඩොලර් බිලියන 1ක් ලෙස සටහන්ව ඇත.

‘“මෙම වැඩසටහන යටතේ යාපනය, මුලතිව් සහ මන්නාරම කේන්ද්‍ර කරගනිමින් හඳුන්වා දෙන උතුරු පොල් ත්‍රිකෝණය මගින් ඉදිරි වසර කිහිපයේදී අලු‍තින් හෙක්ටයාර දහස් ගණනක් තුළ පොල් වගා කිරීම සිදු වේවි. මෙය හුදෙක් පොල් වගා භූමිය ව්‍යාප්තවීමක් පමණක් නොවෙයි. එය ගොවි ප්‍රජාව ශක්තිමක් කිරීම, දැනුම ඉහළ නැංවීම සහ ග්‍රාමීය ව්‍යවසායකත්වය සඳහා මාර්ගයක් නිර්මාණය කිරීම යනාදියත් ඊට ඇතුළත්.“ යනුවෙන් එම මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා සඳහන් කරයි.

මෙලෙස අලු‍තින් හඳුන්වාදෙන පොල් වගාබිම් හේතුවෙන් පොල් ඵලදාවේ සියයට 10-15ත් අතර වාර්ෂික වර්ධනයක් සිදුවිය හැකි බවත්, ඒ හරහා 2030 වන විට වාර්ෂික පොල් නිෂ්පාදනය පොල් ගෙඩි බිලියන 4.2ක් බවට පත්වනු ඇතැයි එම මණ්ඩලයේ අපේක්ෂාව වී තිබේ. 

එහි ආරම්භය ලෙස 2024 දී බිලියන 2.7ක් වූ පොල් ගෙඩි නිෂ්පාදනය, 2025 දී බිලියන 2.9ක් බවට පත් කළ හැකි වනු ඇතැයිද එම මණ්ඩලයේ අදහස වී තිබේ.

“ලෝක පොල් දිනයේදී ක්‍රියාත්මක කරන මෙම උතුරු පොල් ත්‍රිකෝණය වැඩසටහන සාර්ථක වුවහොත් එය අපගේ ජනතාව පෝෂණය කිරීමට මේ පොල් වෙත හැකියාව ලැබේවි. ඒ හරහා අපේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වෙමින් ඉදිරි දශක කිහිපයේදී ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයේ සංකේතය බවටත් පොල් ගස පත්වේවි.“ යනුවෙන්ද එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

 

 



අදහස් (0)

2030 දී පොල් අපනයනයෙන් ඩොලර් බිලියන 2.5ක ආදායම් අපේක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site