
විමුක්ති එස්. රුද්‍රිගු
“වර්ධනයට පිවිසුමක් : ආසියාවේ නැගී සිටීමට අවස්ථාවක්” යන තේමාව යටතේ එළැඹෙන දෙසැම්බර් 2 සහ 3 කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ පළමු දිනයේ පවත්වන ප්‍රධාන සැසි අතරට මෙරට සංචාරක ක්ෂේත්‍රය හැකි උපරිම ආකාරයෙන් වර්ධනය කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව ගවේෂණාත්මක සැසියක්ද ඇතුළත් වනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
අවසානයේදී ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළ හැක්කේ කෙසේද යන තේමාව යටතේ සැසිය පැවැත්වෙනු ඇති බවත් එහි විද්වත් මණ්ඩලයට ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ, සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස්හි ප්‍රධාන විධායක නිලධාරී සංජීව් හුළුගල්ල, ආසියාවේ ඉන්ට්‍රෙපිඩ් ට්‍රැවල් හි කළමනාකාර අධ්‍යක්ෂිකා නටාලි කිඩ්, බුකින්.කොම් වෙබ් අඩවියේ මෙරට කළමනාකරු සන්තෝෂ් කුමාර්, ශ්‍රී ලංකාවේ පෙකෝ ට්‍රේල්හි නිර්මාතෘ මිගෙල් කුනාට්, රේණුකා හොටෙල්ස්හි සම කළමනාකාර අධ්‍යක්ෂිකා ශිබානි තම්බියා යන මහත්ම මහත්මීන් අයත් වන බව ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 ශ්රී ලංකා ආර්ථික සමුළුවේදී සංචාරක ක්ෂේත්‍රය නංවන්න ගවේෂණාත්මක සැසියක්