2025 වසරේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන මූල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරමින් SLT-MOBITEL ආයතනය දැවැන්ත ඉදිරි පිම්මක් තබා ඇත. එතැනින් නොනැවතී SLT-MOBITEL ආයතනය මෙරට ඩිජිටල් අනාගතය වෙනුවෙන් තීරණාත්මක කාර්යයක් ඉටුකරන්නා වූ AI සහ ඩිජිටල් තාක්ෂණයේ භාවිතාව වේගවත් කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීමට සූදානමින් සිටී.
මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ පෙර වසරේ වාර්තා වූ රුපියල් මිලියන 323 ක අලාභයට සාපේක්ෂව, 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 4.3 ක වාර්තාගත බදු පසු ලාබයක් වාර්තා කිරීමටSLT-MOBITEL සමත් ව තිබීමයි. මෙම දැවැන්ත සාර්ථකත්වයෙන් පන්නරය ලබමින්, රටේ ප්‍රධාන ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා නායකත්වය දීමේ හැකියාවSLT-MOBITEL සතු බවට මෙය හොඳම සාක්ෂියකි. AI තාක්ෂණය, දත්ත පද්ධති සහ සම්බන්ධතා පහසුකම්වල ජාතික මට්ටමේ ධාරිතාව වැඩි කිරීමේ වැදගත්කම වැඩි වැඩියෙන් අවධාරණය කෙරෙමින් පවතින මෙවන් යුගයක ලැබුවා වූ මෙම සාර්ථකත්වය දැවැන්ත පිම්මක් වනු ඇත.
“SLT-MOBITEL ආයතනය මෙබඳු කැපී පෙනෙන මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරන්නේ, පසුගිය රජය යටතේ සමාගමේ අනාගතය පිළිබඳව බරපතළ අවිනිශ්චිතතා රැසකට මුහුණ දී තිබූ පසුබිමකයි. එහෙත් වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව ආරම්භයේ පටන්ම දැරූ ස්ථාවරය වූණේ SLT-MOBITEL ආයතනය විකුණා නොදැමිය යුතුය යන්නයි. මේ අනුව ජාතික සම්පතක් වන මෙම ආයතනයේ අනාගතය සුරක්ෂිත බවට පැහැදිලි සහතිකයක් වර්තමාන පාලනය යටතේ ආයතනයට හිමි වූ පසුබිමක් යටතේ, රජයේ මග පෙන්වීම මෙන්ම නිවැරදි නායකත්වයක්ද සමගින් SLT-MOBITEL දැවැන්ත පරිවර්තනයක ගමන ආරම්භ කළා. එහි පියවරක් වශයෙන් නව පැකේජ හඳුන්වා දීමටත්, පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීමටත්, ජංගම දුරකථන සේවා මෙහෙයුම් ස්ථාවර කිරීමටත් පියවර ගනු ලැබුවා. මේ ආකාරයට ක්‍රමෝපායික නායකත්වය, නිවැරදි ප්‍රාග්ධනය යෙදවීම සහ සැලසුම් විධිමත්ව ක්‍රියාවට නැංවීමෙන් තමන් සමග ගනුදෙනු කරන සියලු පාර්ශ්වවල විශ්වාසය යළි දිනාගැනීමට වගේම, නව අරමුණක් සහ පැහැදිලි දැක්මක් සමගින් තම ගමන් මග තහවුරු කරගැනීමටත් අද වනවිට සමාගම සමත් වී තිබෙනවා. මේ වනවිට වේගයෙන් දියුණු වන ඩිජිටල් තාක්ෂණ අවකාශයේ සංකීර්ණ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීමේ හැකියාව ඇති සමාගමක් බවට එය පරිවර්තනය වී අවසන්. ඒ අනුව SLT-MOBITEL සමාගම ලංකාවේ ඩිජිටල් පරිවර්තන සැලසුම් වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් ලබාදෙමින් තිබෙනවා” යනුවෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.
2025 දෙවැනි කාර්තුවේදී නිවැරදි මූල්‍ය කළමනාකරණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව හේතුවෙන් SLT-MOBITEL හි මෙහෙයුම් ලාබය සියයට 148 කින් ඉහළ නැංවුණු අතර මූල්‍ය පිරිවැය සියයට 18.9 කින් පහළ ගියේය. සමාගම් මට්ටමින් ගත් විට, පෙර වසරේදී රු. මිලියන 272 ක බදු පසු ලාබයක් වාර්තා කළ SLT සමාගම මෙවර එය සියයට 873 කින් වර්ධනය කරගනිමින් රු. බිලියන 2.6 ක බදු පසු ලාබයක් වාර්තා කර තිබේ. මෙය දැවැන්ත වර්ධනයක් වන අතර Mobitel සමාගම ශක්තිමත් මූල්‍ය ප්‍රවණතාවක් සලකුණු කරමින් තිබෙන බවට සහතිකයකි. එමෙන්ම පසුගිය වසරේ ප්‍රථම අර්ධයේදී වාර්තා වූ රු. බිලියන 1.1 ක අලාභයට සාපේක්ෂව මෙම වසරේ ප්‍රථම අර්ධයේදී රු. බිලියන 1.1 ක බදු පසු ලාබයක් වාර්තා කරගැනීමට සමත් වී තිබීම ද මෙහි තිබෙන විශේෂත්වය යි.
“වසරේ මුල් භාගයේ අප පෙන්නුම් කර තිබෙන මෙම සාර්ථකත්වය, SLT-MOBITEL හි ක්‍රමෝපායික පරිවර්තනයට මෙන්ම ජාතියක් වශයෙන් සිදු වෙමින් පවතින පරිවර්තනයේ සාර්ථකත්වයට මනා සාක්ෂියක්. මෙය හුදෙක් මූල්‍ය සාර්ථකත්වයක් පමණක්ම නොවෙයි. මෙමගින් අපගේ මෙහෙයුම් කටයුතු, ආයතනික පාලනය, විවිධ හවුල්කරුවන්ට, ආර්ථිකයට සහ සමාජයට ලබාදෙන දායකත්වය ඇතුළු සියලු අංශවල සම්පූර්ණ පරිවර්තනයක් පෙන්නුම් කරනවා. ආයතනික පාලන රාමුව ශක්තිමත් කිරීම, වඩාත් නිවැරදි ලෙස සැලසුම් ක්‍රීයාවට නැංවීම සහ සාමූහික දැක්මකින් යුතුව කටයුතු කිරීම නිසා අපට මෙම ලාබදායීත්වය අඛණ්ඩව රඳවා ගැනීමට හැකි වුණා. මේ සියල්ල සමගින් ලංකාවේ ඩිජිටල් අනාගතය තුළ ජාතික සහ ක්‍රමෝපායික භූමිකාවක් ඉටුකරන කේන්ද්‍රස්ථානයක් ලෙස අපට හිමි වී තිබෙන පිළිගැනීම තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.” යනුවෙන් SLT-MOBITEL සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා පැවසීය.
එමෙන්ම අද වනවිට රටේ ඩිජිටල් අනාගතය සුබවාදී දිශානතියකට ගෙනයන්නා වූ තවත් වැඩසටහන් හා ව්‍යාපෘති රැසකට SLT-MOBITEL සිය දායකත්වය ලබා දෙමින් තිබේ. මේ අතරින් ප්‍රධානතම වැඩසටහනක් වන්නේ, 2025 සැප්තැම්බර් 29 සහ 30 දෙදින තුළ පැවැත්වීමට නියමිත ලංකාවේ ප්‍රථම ජාතික කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය (National AI Expo & Conference 2025) යි. නවීන තාක්ෂණය අතින් ගත්කල කලාපයේ ඉදිරියෙන්ම සිටින රටක් මෙන්ම දකුණු ආසියාවේ AI තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ලංකාව දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි මෙම වැඩසටහනේ ප්‍රධාන හවුල්කරු වශයෙන් කටයුතු කරනුයේ SLT-MOBITEL සමාගමයි. මෙම වැඩසටහනේදී සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ මූල්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක උන්නතිය උදෙසා AI තාක්ෂණය භාවිතයට ගත හැකි ආකාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇති අතර, ඒ සඳහා යොදාගත හැකි නවීන තාක්ෂණික විසඳුම්ද සම්බන්ධයෙන් ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
SLT-MOBITEL දැනටමත් තරුණ පරපුර ඉලක්ක කරගත් ලංකාවේ ප්‍රථම AI ජංගම දුරකථන පැකේජය වන Hello AI සහ මෙරට ප්‍රථම AI නීති පර් යේෂණ පදනම වන AI Pazz යනාදී විසඳුම් ඔස්සේ පාරිභෝගිකයන් වෙනුවෙන් AI තාක්ෂණය හඳුන්වා දීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරමින් සිටී . එමෙන්ම දිවයින පුරා ව්‍යාප්ත වී ඇති ෆයිබර් ජාලය ඔස්සේ මෙරට ජනගහනයෙන් සියයට 95 ක් තරම් විශාල ප්‍රතිශතයක් ආවරණය කරන SLT-MOBITEL සමාගම රට පුරා AI සහ අනෙකුත් ඩිජිටල් තාක්ෂණයන් භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය මූලික පදනම සපයනු ලැබේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
2025 වසරේ පළමු මාස හයේදී SLT-MOBITEL කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරයි