IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


2025 දෙවැනි කාර්තුවේ දී ආර්ථිකයේ සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක්

 

  • පිට පිට අටවැනි කාර්තුවටත් කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් 
  • වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 2,883,559ක්
  • කෘෂිකාර්මික, කාර්මික සහ සේවා ආර්ථික අංශ පිළිවෙළින් සියයට 2ක, සියයට 5.8ක සහ සියයට 3.9ක වර්ධනයක්
  • එම ආර්ථික අංශ දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය පිළිවෙළින් සියයට 10.1ක්, 25.1ක් සහ සියයට 52.8ක්
  • වාහන ආනයනය ආරම්භ කිරීමත් සමගින් භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු සියයට 13.5 කින් ඉහළට
  • කෘෂිකාර්මික අංශය යටතේ සත්ව නිෂ්පාදනය සියයට 13.9 කින්ද, කර්මාන්ත යටතේ පතල් සහ කැණීම් සියයට 16.6 කින්ද, සේවා අංශය යටතේ තොරතුරු තාක්ෂණ සේවා සියයට 18.7 කින්ද ඉහළට

භානුක අමරසිංහ


මෙම වසරේ දෙවැනි කාර්තුවේදී (අප්‍රේල් 01 සිට ජූනි 30 දක්වා කාලය තුළ) මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,883,559ක අගයක් ගෙන ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය 2024 වසරේ එම කාලසීමාවේ වාර්තාකළ රුපියල් මිලියන 2,749,504ක දළ දේශීය නිෂ්පාදිතය හා සැසඳීමේදී මෙය සියයට 4.9ක ධනාත්මක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 වසරේ දෙවැනි කාර්තුව සඳහා නිකුත් කළ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තුව යටතේ ඊයේ දිනයේදී මෙම කරුණු ප්‍රකාශයට පත් කෙරිණි.

“පසුගිය කාර්තු හතක කාලය තුළ පැවැති හිතකර ආර්ථික තත්වයන්ගෙන් ප්‍රතිලාභ ලබමින්, ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවැනි කාර්තුව සඳහාද සියයට 4.9ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. මෙලෙස අඛණ්ඩව අටවන වරටත් වාර්තා වී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවැති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරයි.“ යනුවෙන් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දත්ත වාර්තා සඳහන් කරන ආකාරයට 2025 දෙවැනි කාර්තුවේදී කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා ආර්ථික කටයුතු පිළිවෙළින් සියයට 2ක්, සියයට 5.8 ක් සහ සියයට 3.9 ක් ලෙස ධන වර්ධනයක් වාර්තා කර ඇත. 2024 දෙවැනි කාර්තුවේදී එම අගයන් පිළිවෙළින් සියයට 2.7ක්, සියයට 9.7ක් සහ සියයට 1.9ක් විය.

මෙම තත්වයත් සමගින්ම 2025 දෙවැනි කාර්තුවේදී කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා යන අංශ දළ දේශීය නිෂ්පාදිතය වෙත දායකත්වය පිළිවෙළින් සියයට 10.1ක්, සියයට 25.1ක් සහ සියයට 52.8ක් ලෙස සටහන්ව තිබේ.

එසේම භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු (සහනාධාර අඩු කළ) 2025 දෙවැනි කාර්තුවේදී සියයට 13.5 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, ඒ සඳහා වාහන ආනයනයේ ඉහළ යාම හේතුවක් වී ඇතැයිද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි. ඒ අනුව 2025 දෙවැනි කාර්තුව වනවිට දළ දේශීය නිෂ්පාදිතය සඳහා සහනාධාර අඩු කළ බදුවල දායකත්වය සියයට 12ක් ලෙස සටහන්ව තිබේ. 

මේ අතර කෘෂිකාර්මික අංශය යටතේ සත්ව නිෂ්පාදනය සියයට 13.9 කින්ද, කර්මාන්ත යටතේ පතල් සහ කැණීම් සියයට 16.6 කින්ද, සේවා අංශය යටතේ තොරතුරු තාක්ෂණ සේවා සියයට 18.7 කින්ද යනාදී ලෙස කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එහෙත් කෘෂිකාර්මික අංශය යටතේ එළවළු සහ කරදිය මත්ස්‍ය නිෂ්පාදනය පිළිවෙළින් සියයට 3.6 කින් සහ 5.2කින් පහත වැටී තිබේ.

විශේෂයෙන්ම වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවැති පොලී අනුපාත සමග සම්බන්ධ වෙමින්, වාහන අලු‍ත්වැඩියාව ඇතුළත් තොග සහ සිල්ලර වෙළෙඳාම, ගබඩාකරණ කටයුතු ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහනය, මූල්‍ය සේවා කටයුතු, රක්ෂණ සේවා කටයුතු මෙන්ම භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු (සහනාධාර අඩු කළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත්ව ඇතැයිද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

 



අදහස් (0)

2025 දෙවැනි කාර්තුවේ දී ආර්ථිකයේ සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30533 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12543 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10905 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 788 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site