IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


2025 ආසියානු බැංකු සහ මූල්‍ය සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට ඉහළම සම්මාන හයක්

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF)සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, සහ ආයතනික හා ආයෝජන බැංකුකරණය යන කාණ්ඩ හරහා කීර්තිමත් සම්මාන හයක් දිනා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වූයේය.
මූල්‍ය සේවාවල විශිෂ්ටත්වය, නව්‍යෝත්පාදනය සහ නායකත්වය යන ගුණාංග ඇගයීමට ලක් කෙරෙන මෙම ABF සම්මාන උළෙල මගින් දැඩි තරගකාරීත්වයක් ඇති ආසියාවේ බැංකුකරණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා ඉස්මතු කරනු ලබයි. ප්‍රගතිශීලී චින්තනයකින් හෙබි දීර්ඝ කාලීන ප්‍රතිඵල මත පදනම් ව කටයුතු කරන මූල්‍ය ආයතනයක් ලෙස එහි ස්ථාවරය කොමර්ෂල් බැංකුවේ මෙම නවතම ජයග්‍රහණ මගින් තවදුරටත් ශක්තිමත් වේ.
පාරිභෝගික බැංකුකරණ කාණ්ඩය යටතේ ‘වසරේ පුද්ගලික බැංකුව - ශ්‍රී ලංකාව’ සහ ‘වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික බැංකුව - ශ්‍රී ලංකාව’ ලෙස කොමර්ෂල් බැංකුව කිරුළු පැළඳීය. ආයතනික බැංකුකරණ කාණ්ඩය යටතේ ‘වසරේ ශ්‍රී ලංකා දේශීය ESG වැඩසටහන’ සහ ‘වසරේ ශ්‍රී ලංකා දේශීය වාණිජ මූල්‍ය බැංකුව’ යන සම්මානවලින් බැංකුව පිදුම් ලැබීය. ආයතනික හා ආයෝජන බැංකුකරණ කාණ්ඩයේ ‘වසරේ ණය ගනුදෙනුව - ශ්‍රී ලංකාව’ සහ ‘වසරේ කොටස් ගනුදෙනුව - ශ්‍රී ලංකාව’ යන සම්මාන ද බැංකුව විසින් දිනා ගන්නා ලදී. සියලුම ප්‍රධාන මූල්‍ය කාර්ය සාධන දර්ශක වලින් තම සමකාලීනයන් අභිබවා ගිය සුවිශේෂී වූ 2024 වසරකට පසුව බැංකුව විසින් ‘වසරේ පුද්ගලික බැංකුව ’සම්මානය දිනා ගෙන ඇත.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට සහය වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ඉටු කරන වටිනා කාර්යභාරය, ‘වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික බැංකුව’ යන නාමයෙන් පිදුම් ලැබීම මගින් තවදුරටත් සනාථ වේ. මුදල් අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට අනුව, අඛණ්ඩව සිව්වැනි වසරටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශාලතම ණය දෙන්නා කොමර්ෂල් බැංකුව වේ. 2024 වර්ෂය සඳහා නිල සංඛ්‍යාලේඛන තවමත් එළිදැක්වීමට නියමිතව ඇති නමුත්, දේශය පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වඩාත් ම විශ්වාසදායක මූල්‍ය සහකරු ලෙස තම ස්ථාවරය පවත්වා ගනිමින්, මෙම අංශයට තවදුරටත් තමන් නායකත්වය දෙන බවට තමන් විශ්වාස කරන බව බැංකුව පැවසීය.
‘වසරේ ශ්‍රී ලංකා දේශීය ESG වැඩසටහන’ සම්මානය මගින් තිරසාර බැංකුකරණයේ දී කොමර්ෂල් බැංකුවේ පුරෝගාමී කාර්යභාරය ඇගයීමට ලක් කරයි. දේශීය මූල්‍ය සේවා කර්මාන්තය තුළ පාරිසරික වගකීම සහ සමාජයීය අන්තර්ගතකරණය සඳහා බැංකුව නිරන්තරයෙන් මිණුම් ලකුණු හඳුන්වා දී ඇත.
වාණිජ මූල්‍ය ක්ෂේත්‍රයේදී කොමර්ෂල් බැංකුව ‘වසරේ ශ්‍රී ලංකා දේශීය වාණිජ මූල්‍ය බැංකුව’ ලෙස ඇගයීමට ලක් වූයේ 2024 දී අපනයන වෙළෙඳපොළෙන් සියයට 21.2ක කොටසකට සහ ආනයන වෙළෙඳපොළෙන් සියයට 14.26ක කොටසකට පහසුකම් සැකසීම සැලකිල්ලට ගනිමිනි. 
‘වසරේ ණය ගනුදෙනුව - ශ්‍රී ලංකාව’ සඳහා වන සම්මානය, 2024 ජූලි මාසයේ දී බැංකුවේ ආයෝජන බැංකු ඒකකය විසින් බාසල් III අනුකූල ලැයිස්තුගත ණයකර නිකුතුවක් හරහා රැස් කළ රුපියල් බිලියන 20 ක මුදල අගයමින් පිරිනමන ලදී. මෙම ගනුදෙනුව එම වසරේ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත ණය උපකරණවල විශාලතම මහජන වෙළෙඳපොළ නිකුතුව පමණක් නොව, කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ විශාලතම නිකුතුව ද වේ.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළෙඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම සියයට 100ක් තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.



අදහස් (0)

2025 ආසියානු බැංකු සහ මූල්‍ය සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට ඉහළම සම්මාන හයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1880 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site