IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


2025 SLIM Kantar සම්මාන උළෙලේ ‘වසරේ ජනතා බැංකු සේවා සන්නාමය’ සම්මානය ලංකා බැංකුවට

 

  • ජනතා කැමැත්ත යළි තහවුරැවීමක්

ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සිය ප්‍රමුඛතාව සහ ස්ථාවරත්වය පිළිබිඹු කරමින් 2025 SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘‘වසරේ ජනතා බැංකු සේවා සන්නාමය’’ ලෙස සම්මානයට පාත්‍ර විය. ජනතාවගේ මනාපය මත පදනම් ව පිරිනැමුණු මෙම සම්මානයෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය තුළ ලංකා බැංකුව ඉටු කරන කාර්යභාරය සහ ගනුදෙනුකරුවන් සමඟ පවත්වා ගෙන යන ශක්තිමත් සබඳතාවට උදාහරණ සපයයි. 

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන, මෙරට වඩාත් කීර්තිමත් සම්මාන උළෙලක් වන SLIM Kantar ජනතා සම්මාන උළෙල, ජනතාවගේ කැමැත්ත සෘජු ව ම පිළිබිඹු කරන සම්මාන උලෙළක් වන අතර, ප්‍රමුඛතම ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් වන Kantar විසින් සිදු කරනු ලබන ස්වාධීන සමීක්ෂණයක් හරහා මෙහි ජයග්‍රාහකයන් තෝරා ගැනීම විශේෂත්වයකි. ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව සමඟ ශක්තිමත් සබඳතා ගොඩ නංවා ගනිමින්, ගුණාත්මක ගනුදෙනුකාර සේවාවක් ලබා දීම වෙනුවෙන් කැප වන සන්නාම හඳුනා ගෙන ඇගයීම මෙම සම්මාන උළෙලේ විශේෂත්වය වන අතර, මෙරට ජනතාව මූල්‍යමය වශයෙන් බල ගැන්වීම වෙනුවෙන් ලංකා බැංකුවේ කැප වීම සහ ජනතාව තුළ ලංකා බැංකු සන්නාමය පිළිබඳ ව පවතින විශ්වාසය, මෙම සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වීමෙන් මනාව පිළිබිඹු වේ.වසර 85 කට වැඩි කාලයක් රටේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය වෙනුවෙන් ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කර ඇති ලංකා බැංකුව, ඩිජිටල් බැංකු කරණය, යහපාලනය, මූල්‍ය සේවා සහ තිරසාරත්වය යන ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වන අතර, මූල්‍ය සාක්ෂරතාව, ඉතුරුම් සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය වෙත සහයෝගය ලබා දීම හරහා විශ්වසනීය මූල්‍ය සේවා සම්පාදකයා ලෙස මෙරට ජනතාව වෙත සමීප වීමට ලංකා බැංකුව සමත් වී ඇත. 

මෙම ජයග්‍රහණය පිළිබඳ ව අදහස් දක්වමින්, ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ මහතා මෙසේ පැවසුවේය. “මෙම ජයග්‍රහණයෙන්, මෙරට ජනතාවට සහ ව්‍යාපාරවලට පාරිභෝගික කේන්ද්‍රීය නවතම බැංකු සේවා හඳුන්වා දෙමින් අප ලබා දෙන සේවා කෙරෙහි ශ්‍රී ලාංකික ජනතාව තබා ඇති විශ්වාසය පෙන්නුම් කරනවා. අපගේ මෙම විශිෂ්ටත්වය සහ ශක්තිමත්භාවය අඛණ්ඩ ව පවත්වා ගනිමින් ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ට වඩාත් පහසුවෙන් ලබා ගත හැකි, විශ්වසනීය සහ ආරක්ෂිත මූල්‍ය සේවා ලබා දීම වෙනුවෙන් සහ නව සේවා හඳුන්වා දෙමින් බැංකුකරණයේ අනාගතය හැඩ ගැස්වීමට අපි නිරන්තරයෙන් කැප වන බව අවධාරණය කළ යුතු යි.” මුළු දිවයින ම ආවරණය වන පරිදි ස්ථාපිත 658ක් වූ ශාඛා ඇතුළුව 2,300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සහ අද්විතීය සේවයක් ලබා දෙන ලංකා බැංකුව, Brand Finance Lanka  විසින් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙසත්, The Banker සඟරාව විසින් 2024 වසරේ ලොව හොඳ ම බැංකු 1000 අතරට නම් කෙරුණු එක ම ශ්‍රී ලාංකේය බැංකුව ලෙසත්, 2021, 2023 හා 2024 වසරවල ‘වසරේ බැංකු කරු‘ ලෙසත් ශ්‍රේණිගත කෙරුණු අතර, ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනය සහ මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් හි පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය ශක්තිමත් කර ඇත. 



අදහස් (0)

2025 SLIM Kantar සම්මාන උළෙලේ ‘වසරේ ජනතා බැංකු සේවා සන්නාමය’ සම්මානය ලංකා බැංකුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site