IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


2024 වසරේ ලංකාවට ලැබුණු විදෙස් මුල්‍ය සහාය ඩො.බි 1.91ක්

ඩොලර් මිලියන 862 ක් ආසියානු සංවර්ධන බැංකුවෙන්

ඩො.බි.1.88ක මුදලක් පසුගිය වසරේදී ණය ලෙස මෙරටට ලැබිලා

ඩො.මි. 61.5 ක් ද්වි පාර්ශ්වික ණය ලෙස ලැබී ඇති අතර වැඩිම ණය මුදලක් ලබාදී ඇත්තේ ජපානය

ඩො.බි.1.82ක මුදලක් බහු පාර්ශ්වීය ණය දෙන්නන් ලබා දීලා

චීනයේ සහාය ලැබෙන ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවෙන් ඩො.මි. 51.9 ක ණය මුදලක් 

ලෝක බැංකුවෙන් ප්‍රදාන ලෙස මෙරටට ලබාදී ඇති මුදල ඩො.මි.19.2 ක්

ඩො.මි.939 ක මුදලක් ලබාදී තිබුණේ අයවැය සහාය සඳහා


විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවට පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.91 ක මූල්‍ය සහායක් (ණය සහ ප්‍රදාන) ලැබී ඇති බවත්, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 862 ක් ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් මූල්‍ය සහාය බවත් මුදල් අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.88ක මුදලක් පසුගිය වසරේදී ණය ලෙස මෙරටට ලැබී ඇති අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 68.6 ක මුදලක් පසුගිය වසරේදී ප්‍රදාන ලෙස මෙරටට ලැබී ඇත. මෙරටට ලැබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන 1.88 ක ණය මුදලින් ඩොලර් මිලියන 61.5 ක් ද්වි පාර්ශ්වික ණය ලෙස ලැබී ඇති අතර, එහිදී වැඩිම ණය මුදලක් ලබාදී ඇත්තේ ජපානය විසින්ය.
ජපානය පසුගිය වසරේදී මෙරටට ලබාදී ඇති ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක් වන අතර, සෞදි අරමුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 19 ක ණය මුදලක් ලබාදී ඇත.
එසේම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.82ක මුදලක් බහු පාර්ශ්වීය ණය දෙන්නන් විසින් පසුගිය වසරේදී ණය ලෙස මෙරටට ලබාදී ඇති අතර, වැඩිම ණය මුදල ලබාදී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව විසිනි. ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේදී ඇමෙරිකානු මිලියන 859.8 ක ණය මුදලක් මෙරටට ලබාදී ඇත.
දෙවැනි ලෝක යුද්දයෙන් පසුව ඇමෙරිකානු නායකත්වය යටතේ පිහිටවනු ලැබූ මේ වනවිට චීනය, ජපානය, එක්සත් රාජධානිය සහ ජර්මනියේ සහාය ලබන ලෝක බැංකුව පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 545.7 ක ණය මුදලක් මෙරටට ලබාදී තිබේ. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 334 ණය මුදලක් මෙරට ලැබී ඇත.
පසුගිය වසරේදී චීනයේ සහාය ලැබෙන ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 51.9 ක මුදලක් මෙරටට ණය ලෙස ලබාදී තිබේ. එසේම ඔපෙක් අරමුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 20.3 ක්ද, කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 16.4 ක්ද, පසුගිය වසරේදී මෙරට ණය ලෙස ලබාදී ඇත.
පසුගිය වසරේදී වැඩිම මුදලක් ප්‍රදානය ලෙස ලබාදී ඇත්තේ ලෝක බැංකුවෙන් වෙන අතර ලෝක බැංකුවෙන් ප්‍රදාන ලෙස මෙරටට ලබාදී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 19.2 කි. එසේම ජර්මනිය ඇමෙරිකානු ඩොලර් මිලියන 4.6 ක්ද, ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 2.3 ක්ද, ජපානය ඩොලර් මිලියන 2 ක්ද පසුගිය වසරේදී ප්‍රදාන ලෙස මෙරටට ලබාදී ඇත.
ශ්‍රී ලංකාව ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමෙන් පසුව ඉන්දියාව සහ බහු පාර්ශ්වීය ණය දෙන්නන් පමණක් මෙරටට සැලකිය යුතු ණය ප්‍රමාණයක් ලබාදී ඇති අතර, චීනය සහ ජපානය ප්‍රදාන ලබාදී තිබිණි. ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇතුළු විවිධ යාන්ත්‍රණ හරහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයද පසුගියද වසරේදී මෙරටට ප්‍රදාන ලබා දුන්නේය.
ද්වි පාර්ශ්වික ණය ගෙවීම තාවකාලිකව අත්හිටුව තිබූ කාලෙය්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වික ණය දෙන්නන්ට ගෙවීම් සිදුකරන ලදී. ඉන්දියාව පමණක් ණය ගෙවීම අත්හිටවූ කාලයේදී පවා මෙරටට අඛණ්ඩව ණය ලබා දුන්නේය.

අනෙකුත් ණය විධිමත් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර, අවධමන ප්‍රතිපත්තිය හරහා එකතු කරන ලද විදේශ විනිමය භාවිත කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු මහ බැංකුවට ගෙවීම් සිදු කිරීම ආරම්භ කළේය.
පසුගිය වසරේදී මෙරටට ලැබුණු විදේශ මූල්‍ය සහායෙන් සියයට 49 ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 939 ක මුදලක් ලබාදී තිබුණේ අයවැය සහාය සඳහාය. ව්‍යාපෘති ණය මෙන් නොව, අයවැය සහාය සඳහා ලබාදෙන ණයවල කිසිදු බැඳීමක් ඇති දේශීය ආයෝජන නොමැති අතර ඒ හේතුවෙන් කල් පිරෙන ණය ආපසු ගෙවීම සඳහා අයවැය සහාය සඳහා ලබාදෙන ණය භාවිත කළ හැකිය.
2023 වසරේදී විදේශයන්ගෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.72 මූල්‍ය සහායෙන් සියයට 67 ලබාදී තිබුණේ අයවැය සහාය සඳහාය. එම මුදලට විදේශ ණය සහ ණය වාරික සඳහා ගෙවීමට තිබූ පොලී ගෙවීමේ හැකියාව තිබිණි. 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත යමින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික කපා හැරීමත් සමග මෙරට බලපත්‍රලාභී බැංකු පෞද්ගලික අංශයට ලබාදෙන ණය ඉහළ යමින්, මෙරටට අයවැය සහාය ලෙස බහු පාර්ශ්වීය ණය ලබා දෙන්නන් ලබාදෙන ණය පහළ යමින් පවතී. 

 



අදහස් (0)

2024 වසරේ ලංකාවට ලැබුණු විදෙස් මුල්‍ය සහාය ඩො.බි 1.91ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site