IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


2024 මූල්‍ය වර්ෂයේදී කීල්ස් සුපිරි වෙළෙදසල් ආදායම සියයට 12 කින් ඉහළට

භානුක අමරසිංහ

කීල්ස් සුපිරි වෙළෙඳසල් ජාලය 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 124ක ආදායමක් ලැබීමට සමත්ව ඇතැයි පැවසේ. ඒ අනුව මෙය 2023/24 මූල්‍ය වර්ෂයේදී රැස් කරගත් රුපියල් බිලියන 111 ක ආදායම හා සැසඳීමේදී සියයට 12 ක වර්ධනයකි.

කීල්ස් සුපිරි වෙළෙඳ සල් අයත් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සමාගම ඊයේ නිකුත් කළ 2024/25 වාර්ෂික වාර්තාව තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ. සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සමාගම ජෝන් කීල්ස් සමූහයට අයත් පරිපාලිත සමාගමකි.

මෙහිදී එකිනෙකට වෙනස් මිල පරාසයන් යටතේ විවිධාංගීකරණය වූ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීම සහ භැංමි ලෝයල්ටි වැඩසටහන හරහා පාරිභෝගිකයාට වාසි සැලසීම මෙන්ම නවීනතම දත්ත විශ්ලේෂණ වැඩසටහන් හරහා පාරිභෝගික කැමැත්ත ගැඹුරින් තේරුම් ගැනීමට කටයුතු කිරීම යනාදිය හේතුවෙන් ඇති වූ පාරිභෝගික පැමිණීම් ඉහළ යෑම මෙලෙස ආදායම් වර්ධනයට හේතුව වූ බව සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙම වාර්තා වෙත අදහස් දක්වමින් පවසා සිටියි.

එහි සඳහන් ආකාරයට පසුගිය වසර තුළදී අලු‍තින් වෙළෙඳසල් 6ක් විවෘත කිරීමට හැකියාව ලැබී ඇති අතර, 2025 මාර්තු 31 වනවිට සමස්ත අලෙවිසල් සංඛ්‍යාව 138ක් දක්වා ඉහළ නංවාගැනීමටද ඔවුන් සමත්ව තිබේ. “ඉදිකිරීම් පිරිවැයෙහි සිදු වූ අඩුවීම මෙලෙස ආයෝජන පුළුල් කිරීමට සහයෝගයක් දැක්වුවා. යාපනයේ විවෘත කළ කීල්ස් සුපිරි වෙළෙඳසල අපගේ ව්‍යාපාරයේ සුවිශේෂ සන්ධිස්ථානයක්.“ බාලේන්ද්‍ර මහතා පවසයි.

අද වනවිට කීල්ස් සන්නාමය යටතේ අලෙවි කරන නිෂ්පාදන සංඛ්‍යාව 353ක් දක්වා ඉහළ දමා තිබෙන අතර, නිෂ්පාදන වර්ග 92ක් යටතේ ඒවා ඉදිරිපත්ව තිබෙන බවත් සඳහන් වෙයි. එසේම ඍජු ආනයන වෙත පිවිසීම සහ ශක්තිමත් සැපයුම් දාම කළමනාකරණ හරහා වඩාත් ආකර්ෂණීය මිලකට පාරිභෝගිකයාට භාණ්ඩ ලබාදීමට කටයුතු කරන බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කරයි.

මෙම 2024/25 මූල්‍ය වර්ෂයේදී සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් පීඑල්සී සමූහය රුපියල් මිලියන 157.9ක සමස්ත පිරිවැටුමක් වාර්තා කිරීමට සමත්ව ඇති අතර, එය 2023/24 වසරේදී වාර්තා කළ රුපියල් බිලියන 139.6 හා සැසඳීමේදී සියයට 13ක වර්ධනයකි. 



අදහස් (0)

2024 මූල්‍ය වර්ෂයේදී කීල්ස් සුපිරි වෙළෙදසල් ආදායම සියයට 12 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site