IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


2024 දී ලාංකික ශිෂ්‍යයෝ විදෙස් අධ්‍යාපනයට ඩො. මි. 194ක් වියදම් කරලා

  • 2023 වසරේදී වියදම් කළ ඩො. මි. 105.2 හා සැසඳීමේදී ඩො. මි. 89.2ක ඉහළ යාමක්
  • වැඩිම වියදමක් දරා ඇත්තේ අගෝස්තුවේදී. එය ඩො. මි. 24.3 ක්

භානුක අමරසිංහ

ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විසින් 2024 වසරේදී විදේශ අධ්‍යාපනය සඳහා දැරූ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 194.4ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. බැංකු පද්ධතිය ඔස්සේ දේශසීමා හරහා සිදු කරන ලද ගනුදෙනු පිළිබඳ වාර්තා පදනම් කරගනිමින් මහ බැංකුව මෙම කරුණු සදහන් කර සිටියි.

ඒ අනුව මෙම මුදලේ වටිනාකම 2023 වසරේදී වියදම් කළ ඩොලර් මිලියන 105.2 හා සැසඳීමේදී ඩොලර් මිලියන 89.2ක ඉහළ යාමක් ලෙස සටහන්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ වාර්ෂික වාර්තා විවරණය 2024 වාර්තාවේ. මෙම දත්ත ඇතුළත්ව ඇත.

මෙම දත්ත අනුව 2024දී ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විදෙස් අධ්‍යාපනය සඳහා වැඩිම වියදමක් දරා ඇත්තේ අගෝස්තු මාසයේදී වන අතර, එය ඩොලර් මිලියන 24.3 කි. එසේම දෙසැම්බර් සහ සැප්තැම්බර් මාසවලදී පිළිවෙළින් ඩොලර් මිලියන 19.8ක් සහ ඩොලර් මිලියන 19.7ක් ලෙස එම වියදම් සිදු කර තිබේ.

මීට අමතරව ජනවාරියේදී ඩො. මිලියන 14.3ක්, පෙබරවාරියේදී ඩො.මිලියන 13.4ක්, මාර්තුවේදී ඩො.මිලියන 14.5ක්, අප්‍රේල් ඩො.මිලියන 11.5ක්, මැයි ඩො. මිලියන 12ක්, ජූනි ඩො.මිලියන 13.9ක්, ජූලි ඩො.මිලියන 17.8ක්, ඔක්තෝබර් ඩො. මිලියන 17ක් සහ නොවැම්බර් ඩො. මිලියන 16.2ක් ලෙස මෙම වියදම් සිදු කර තිබේ.

ඒ අනුව සෑම මාසයකදීම මෙරට සිසුන්ගේ විදෙස් අධ්‍යාපනය වෙනුවෙන් රටින් පිටව ඇති ඩොලර් වටිනාකමේ සාමාන්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 16ක් ලෙස සටහන්ව තිබේ. 2023 දී මෙය මාසයකට ඩොලර් මිලියන 8.7ක සාමාන්‍ය අගයක් ගෙන තිබේ. 

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය හඳුන්වාදීමෙන් පසුව, අධ්‍යාපන සේවා සඳහා දේශසීමා හරහා සිදුවන ගෙවීම්වල සිදුවන මාසික වාර්තාවීම් මගින් මෙම දත්ත රැස් කරගෙන තිබෙන බව මහ බැංකුව සඳහන් කරයි.

“මෙවැනි ගෙවීම් පිළිබඳව විශ්වාසනීය දත්ත ප්‍රමාණවත් නොවීම ගැටලු‍ ඇති කළා. එහෙත් මෙම වාර්තාකරණ පද්ධතිය මගින් වැඩි විනිවිදභාවයක් සහ දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති තීරණ ගැනීම ප්‍රවර්ධනය කෙරේ.” යනුවෙන් මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් මෙවැනි සේවා සඳහා බැංකු නොවන මාර්ග භාවිත කරමින් සිදු කරනු ලබන ගෙවීම් හේතුවෙන් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය මගින් වාර්තා කරනු ලබන අගයන් අසම්පූර්ණ විය හැකි බවද මහ බැංකුව අවධාරණය කර සිටියි. 

 



අදහස් (0)

2024 දී ලාංකික ශිෂ්‍යයෝ විදෙස් අධ්‍යාපනයට ඩො. මි. 194ක් වියදම් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site