IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


2024 දී ඩො.බි 16.17ක වාර්තාගත අපනයනය ආදායමක්

2023 වසරට සාපේක්ෂව සියයට 7.06 ක වර්ධනයක්
වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩො.බි. 12.7 ක්
සේවා අපනයනයේ වර්ධනය ඩො.බි. 3.4 දක්වා සියයට 8.51 කින් ඉහළට 
පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායමේ සියයට 20.9 ක වර්ධනයක්
විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික උපාංග අපනයන ආදායම සියයට 13.29 කින් පහළට
නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති ඉන්දියාවට පකිස්ථානයට කළ අපනයන සියයට 61.58  කින් සහ සියයට 51 කින් ඉහළට


විමුක්ති එස් රුද්‍රිගු


ඉතිහාසයේ ඉපැයූ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් ශ්‍රී ලංකාව 2024 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 16.17 ක් අපනයනය ආදායමක් උපයා ඇති බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 7.06 ක වර්ධනයක් බවත් අපනයනය සංවර්ධන මණ්ඩලය පසුගියදා නිවේදනය කළේය.
පසුගිය වසරේදී සමුච්චිත වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වෙමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.7 දක්වා 2023 වසරට සාපේක්ෂව සියයට 6.67 ක ප්‍රතිශතයකින් වර්ධනය වී ඇති බවද අපනයනය සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. එසේම පසුගිය වසරේදී සේවා අපනයනයද යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 දක්වා වර්ධනය වී ඇත. එය පෙර වසරට සාපේක්ෂව සියයට 8.51ක වර්ධනයකි.
මීට පෙර ශ්‍රී ලංකාව ඉපැයූ ඉහළම අපනයන ආදායම ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 15.72 ක් මුදලක් සටහන් වී තිබූ අතර එය 2018 වසරේදී වාර්තා කර තිබිණි.
ශ්‍රී ලංකාව පසුගිය වසරේදී වෙළෙඳ භාණ්ඩ අපනයනය යටතේ, වැඩි වශයෙන් පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරමින් 2023 වසරට සාපේක්ෂව පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 20.9 කින් වර්ධනය කර ගනිමින් ඉන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 856.39 දක්වා වැඩි කර ගැනීමට හැකියාව ලැබී ඇත. ඉහත කාණ්ඩය යටතේ 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී පොල්තෙල් අපනයන ආදායම සියයට 24.05 කින්ද, වියළි පොල් අපනයන ආදායම සියයට 39.22 කින්ද, පොල් කිරිපිටි අපනයන ආදායම සියයට 41.8 කින්ද, පොල් ක්‍රීම් අපනයන ආදායම සියයට 25.06 කින්ද, දියර පොල් කිරි සියයට 26.14 කින්ද වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබිණි.
ඉහත කාණ්ඩයට අමතරව 2024 වසරේදී ඇඟලු‍ම්, තේ, රබර්, ආහාර පාන, කුළුබඩු සහ සාන්ද්‍ර අපනයන ආදායමද 2023 වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. කෙසේ නමුත් පසුගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් මස දක්වා කාලසීමාව තුළ 2023 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික උපාංග අපනයන ආදායම සියයට 13.29 කින් ඇමෙරිකානු ඩොලර් මිලියන 421.98 ක් දක්වා අඩුවී ඇති බවද පැවැසෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන වෙළෙඳපොළවල් අතර සිටින ඉන්දියාව, ජර්මනිය සහ නෙදර්ලන්තයෙන් පසුගිය වසරේදී ලැබූ අපනයන ආදායම 2023 වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කළත් මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් සියයට 23 ක් අවශෝෂණය කර ගන්නා තනි විශාලතම අපනයන ගමනාන්තය වන ඇමෙරිකාවෙන් ලැබූ අපනයන ආදායම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී 2023 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 1.47 කින් ඩොලර් මිලියන 250.02 දක්වා පහළ ගොස් ඇති බවද අපනයනය සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.
මෙරට නිදහස් වෙළෙඳ ගිවිසුම් හවුල්කරුවන් වන ඉන්දියාව සහ පාකිස්ථානයට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිදුකළ අපනයන 2023 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් සියයට 61.58 කින් සහ සියයට 51 කින් ඉහළ ගොස් ඇති බවද අපනයන සංවර්ධන මණ්ඩලය පැවසීය.
ශ්‍රී ලංකාව අපනයන ක්ෂේත්‍රයෙන් ලබා ඇති මෙම වර්ධනය විකාශනය වන ගෝලීය වෙළෙඳ ගතිකත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ඔරොත්තු දීමේ හැකියාව සහ අඛණ්ඩ විභවය අවධාරණය කරන බවද අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.



අදහස් (0)

2024 දී ඩො.බි 16.17ක වාර්තාගත අපනයනය ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 62 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 119 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 187 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 26 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 33 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 28 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1210 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site