2024 වන විට ජනවාරි පළමු වැනි දා වන විට රටේ ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
2018 ජනවාරි පළමු වැනිදා සිට ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සීමා කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස්බැස්ටෝස් යනු මොනවද පොඩ්ඩක් හදුවන්න හැකිද (හේ)
ඇස්බැස්ටෝස් වගේම බෝට්ටු සැදීමට භාවිතා කරන ෆයිබර් ග්ලාස් කෙඳි සහ උඳුන් සඳහා භාවිතා කරන වීදුරු පුළුන් මේ වගේම භයානකයි. (නි)
ඇස්බැස්ටෝස් කැපීමේදී, පලුදු කරීමේදී සිහින් අංශු පිට වෙනවා. ඒවා පෙනහලුවලට ඉතා අහිතකරයි.(අ)
මම ඉන්න රටේ ඇස්බැස්ටෝස් තිබුණොත් පළාතේම මිනිස්සු අයින් කරලා තමයි ඒවා ඉවත් කරන්නේ. ඉවත් කරන මිනිස්සු හරියට හඳේ යනවා වගේ ඇඳගෙන ඉන්නේ. ඇස්බැස්ටෝස් කඩන තාක් කල් හානියක් නැහැ. තීන්ත ගගා තියාගන්න පුළුවන්. ඇස්බැස්ටෝස් වල තියෙන හීනි දිග ඉතා කුඩා තන්තු අපගේ ස්වසන පද්ධතියට අයින් කිරීම කල නොහැකියි. එබැවින් ඒවා ලය තුළ රැඳෙමින් පිළිකා ඇති කරනවා. කිසිම දිනෙක ඇස්බැස්ටෝස් කඩන තැනක ඉන්න එපා. ඒ වගේම ඇස්බැස්ටෝස් කැඩීම කල යුත්තේ හොඳින් වතුරෙන් පෙගීමෙන් අනතුරුවයි. එතකොට දුම ඉතා අඩුවෙන් එන්නේ. ඇස්බැස්ටෝස් ඉතාම අගනා ද්‍රව්‍යයක්. එයට ආදේශකයක් සොයා ගැනීම ඉතා අපහසුයි. නමුත් මෙය භාවිතයෙන් ඉක්මනින් අයින් කල යුතුයි. (අ)
මම ඉන්න රටේ ඇස්බැස්ටෝස් තිබුනොත් පළාතේම මිනිස්සු අයින් කරලා තමයි ඒවා ඉවත් කරන්නේ. ඉවත් කරන මිනිස්සු හරියට හඳේ යනවා වගේ ඇඳගෙන ඉන්නේ. ඇස්බැස්ටෝස් කඩන තාක් කල් හානියක් නැහැ. තීන්ත ගගා තියාගන්න පුළුවන්. ඇස්බැස්ටෝස් වල තියෙන හීනි දිග ඉතා කුඩා තන්තු අපගේ ස්වසන පද්ධතියෙන් අයින් කිරීම කළ නොහැකියි. එබැවින් ඒවා ලය තුල රැඳෙමින් පිළිකා ඇති කරනවා. (බ)
සඳරු, ඇස්බැස්ටෝස් නමැති ද්‍රව්‍යය ලෝක සෞඛ්‍යය සංවිධානයෙන් ඉවත් කරලයි තිබෙන්නේ. හේතුව , එයින් පෙනහළු පිළිකා රෝගය සැදීමට ඇති ඉඩ කඩ නිසා. ඒ උනාට අපේ මහා ගෙදර 1960 හැදුවේ ඇස්බැස්ටෝස් සෙවිලි කරලා වගේම සීලිං හදල තියෙන්නෙත් ඇස්බැස්ටෝස් වලින්.... අපිට නම් කිසිම උවදුරක් නැහැ. ඒ කාලයේ ගොඩාක් ගෙවල් ඇස්බැස්ටෝස් භාවිතා කරා. එහි ඇති කෘතීම කෙඳි මගින් තමයි පිළිකා රෝගය සැදෙන්නේ. ඔස්ට්‍රේලියාව වැනි රටවල ඇස්බැස්ටෝස් භාවිතය 100% ක්ම අයින් කරලා තිබෙන්නේ. (ර)
ඉන්දියාව සමඟ රජය ලංකාවට අවාසිසහගත ගිවිසුම් වලට එළඹුනහොත් එමඟින් සිදුවන්නේ දේශීය කර්මාන්ත විනාශකොට ඉන්දියානු ව්‍යාපාරිකයන් පොහොසත් කිරීමයි (නි)
ඇස්බැස්ටෝස් වලට සරිලන මිල ගණන් මේවායින් පරිබෝගිකයට ලැබෙයිද කියන එක තමයි ගැටලුව. (නි)
"පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ" නිසා ඇස්බැස්ටෝස් තහනම් කරන එක හොඳයි. (නි)
දැනටමත් මේ සඳහා විකල්ප වෙළෙඳපොලේ තියෙනවා. අමානෝ තහඩු, ශාක කෙඳි වලින් තැනූ ශීට්, වහලයට යොදන ටයිල් වර්ග, ඒවායින් කිහිපයක්. (බ)
කරුණාකර මේ සමගම විකල්පය හඳුන්වා දෙන්න. (අ)
ඇස්බැස්ටෝස් යනු මොනවද පොඩ්ඩක් හදුවන්න හැකිද?(හේ)
ඒක හොදයි.(හේ)
තව ඒකට අවුරුදු 08ක් යනවනේ.(හේ)
හොදයි ඉතින්.(හේ)
බලමුකෝ.(හේ)
නැහැ ප්‍රියන්ත, පිදුරු දාන්න (නි)
දැන් එතකොට ආයෙත් පොල් අතු සෙවිලි කරන්නද කියන්නේ? (නි)
2010 වසරේදී මම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මේවායේ ඇති භයානකකම පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ සහ වෙනත් දුගී අප්‍රිකානු රටවල විතරයි මේවා තවමත් ක්‍රියාශීලී මට්ටමේ භාවිතා වෙන්නේ. ආසියාවේ පවා අතිබහුතරයක් රටවල් 90 ගණන්වල සිට මේවා භාවිතය අවමයේ හෝ තහනම් හෝ කර තිබෙනවා. (නි)
2024 කියන්නේ ලොකු කාලයක්. මේවා තහනම් කරන්න තිබුනේ අවුරුදු ගණනාවකට පෙර. හැකි ඉක්මනින් මේවා ඉවත් කළයුතුයි. මට මතක 2017 ජනවාරි සිට එය කරන බව කී බවයි. එසේම ජනජීවිතයට හා පරිසරයට හිතකාමී දේවල් නිපදවීමට ව්‍යාපාරිකයින් උනන්දු කළයුතුයි. (නි)