IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට වරාය ගෝලීය නාවුක සිතියමට

(සනත් ගමගේ)

 
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සිය නාවුක තෙල් ගබඩා බෙදාහැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා පර්යන්ත, ලොව ප්‍රකට සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා ඇති බව හම්බන්තොට වාරය සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
ජාත්‍යන්තර වරායක නාවුක සේවා මෙහෙයුම් අතර වඩාත් වැදගත්ම කාර්යභාරයක් වන නෞකා තෙල් සැපයුම හා බෙදාහැරීම සඳහා මේ අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය ද ගෝලීය නාවුක සේවා සිතියමට එක් වේ. 
 
ඒ අනුව හම්බන්තොට වරායට පැමිණෙන මෙන්ම ඊට ආසන්න ජාත්‍යන්තර නාවුක මාර්ගයේ ගමන්ගන්නා නෞකා සඳහා ද සේවා සැපයීමට මෙම වසරේ අග භාගයේ සිට හැකියාව ලැබෙනු ඇත. සයිනොපෙක් ඔයිල් සමාගම මෙම මෙහෙයුම් කටයුතු භාර ගැනීමත් සමගම ලොව පිළිගත් IMO 2020 නීතියට අනුකූලව VLSFO හෙවත් අවම සල්ෆර් සංයුතියක් සහිත ඛණිජ තෙල් භාවිතයෙන් සේවා සපයන මෙම කලාපයේ එකම ස්ථානය බවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය පත් වෙනු ඇතිවන බවද එම නිවේදනයේ සඳහන් වේ.
 
ලෝකයේ නාවුක තෙල් සේවා මෙහෙයුම් ප්‍රබලයෙකු වන සයිනොපෙක් ඔයිල් සමාගම සමග ගිවිසුම් ගත වීමට ලැබීම පිළිබඳ අදහස් දක්වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් මහතා ඉදිරියේදී හම්බන්තොට සතු තෙල් ගබඩා සංකීර්ණ පුළුල් කිරීමේ සැලසුමේ මූලික කටයුතු ආරම්භවී ඇති බව ස පැවසීය. ලෝකයේ පෙරදිග හා බටහිර යා කරන ප්‍රධානතම වාණිජ සේවා නාවුක ගමන් මාර්ගයේ වසරකට පමණක් නෞකා 31000 ගමන් කරන අතර ඊට නාවුක සැතපුම් 10 ක තරම් මෑත දුරකින් පිහිටා තිබෙන හම්බන්තොට වරායේ භූගෝලීය වාසිය උපරිම ලෙස අත්කරගැනීමේ සැලසුම් හා  හැකියාව පිළිබඳ රේ රෙන් මහතා විශ්වාසය පළ කළේය.
 
ඉදිරි වසර පහක කාලය තුල හම්බන්තොට වරාය සතු වර්ෂික තෙල් ටොන් ධාරිතාව දස ලක්ෂය ඉක්මවීම සිය ඉලක්කය බවද ඒ මහතා පැවසීය. සයිනොපෙක් ඔයිල් සමාගමේ තරඟකාරී මිල ගණන් මගින් දේශීය තෙල් සේවා සැපයුම්කරුවන් වෙත ද අවස්ථාව උදා වන බව පවසන රෙන් මහතා එමගින් දකුණු ආසියාව තුළ නාවුක තෙල් සේවා මධ්‍යස්ථානය බවට පත්වීමේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඉලක්කය එක්ව ජය ගත හැකි වනු ඇති බවත් සඳහන් කළේය.
 
 හම්බන්තොට වාරය සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා ලෝකයේ රටවල් රැසක සමාගම් 23 ක් අතරින් විනිවිදභාවයෙන් හා ජාත්‍යන්තරව පිළිගත්  ක්‍රමවේදවලට අනුව යමින් සයිනොපෙක් ඔයිල් සමාගමට මෙම ටෙන්ඩරය ලබා දුන් බව පැවසීය. තරඟකාරී මිල ගණන්වලට ජාත්‍යන්තර තත්ත්වයෙන් වඩාත් උසස් සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට සයිනොපෙක් ඔයිල් සමාගමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
 
සයිනොපෙක් ඔයිල් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන ගණකාධිකාරී හන් ෂුවේලිං මහතා හම්බන්තොට තෙල් මෙහෙයුම් සේවා පිළිබඳ අදහස් දක්වමින් ලොව පිළිගත් VLSFO හෙවත් අවම සල්ෆර් සංයුතියක් සහිත ඛණිජ තෙල් සේවා හා මෙහෙයුම් සඳහා සිය සමාගමේ කැපවීම අවධාරණය කළේය. එමෙන්ම හම්බන්තොට වරාය නාවුක කේෂත්‍රෙය් වාණිජ උපායමාර්ගික වටිනාකම සිය සමාගම ද මැනවින් වටහා ගෙන ඇති බව පැවසීය.
 
චීනයේ බෙයිජිං නුවර සිය මූලස්ථානය පිහිටුවා ඇති සයිනොපෙක් ඔයිල් සමාගම තෙල් සහ ඛණිජ සම්පත් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධව ලොව ප්‍රමුඛ පෙලේ සමාගමකි. ලෝකය පුරා වරාය 40 ක සිය මෙහෙයුම් පවත්වාගෙන යන සයිනොපෙක් ඔයිල් සමාගම සතු ඔවුන්ටම අයිති තෙල් ගුදම් 25 ක වරකට පවතින දළ තෙල් ගබඩා පරිමාව ඝණ මීටර පහළොස් ලක්ෂ පනස් දහසකට අධිකය.

 



අදහස් (3)

හම්බන්තොට වරාය ගෝලීය නාවුක සිතියමට

ravi Tuesday, 16 April 2019 11:26 AM

මෙතන වාසියට වැඩිය. පරිසරය ගැන කල්පනාකාරී විය යුතුයි. "පරිසරය ආරක්ෂා කරගෙන සංවර්දනය වෙමු "

:       121       8

du Tuesday, 16 April 2019 02:15 PM

ආදායම් ඉපයීමට සුදානම් වීම හොදයි. මෙහි ආදායම දල දේශීය නිෂ්පාදනයට එකතු වීම අත්‍යාවශ්‍යයි. එය වේවිද??

:       0       103

චන්දා Monday, 22 April 2019 07:27 AM

මට වැටහෙන විදියට නම් හම්බන්තොට වරාය දැන් අයිති චීනෙට... එහි සියලු මෙහෙයුම් අයිති එයාලට... ආදායම එයාලට, යහපලානේ හුරේ දාපල්ලා හැටදෙලක්ශේ...

:       18       104

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13282 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site