යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන්ට දැරීමට සිදුවිය ඇති අධික වියදම නිසා වර්ධනය වී ඇති ආර්ථික පීඩනය අවම කර ගැනීමට සහනදායී ක‍්‍රම යටතේ මුදල් ලබා ගැනීමේ මාර්ග සොයාගැනීමට ශී‍්‍ර ලංකාවට සිදුව ඇතැයි මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශය ශී‍්‍ර ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් 2013 වසර සදහා නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.
එම වාර්තාවේ සදහන් පරිදි ශී‍්‍ර ලංකාව සිටින්නේ රටෙහි කි‍්‍රයාත්මක වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතී මෙහෙයවන රටවල් හා ආයතනයන් හා සහනදායී ක‍්‍රම යටතේ ආධාර ලබා ගැනීම සදහා සාකච්ඡා පවත්වමිනි.චීනය,ජපානය වැනි රටවල්ද ලෝක බැංකුව,ආසියා සංවර්ධන බැංකුව වැනි ආයතනයන්ද මේවා අතර සිටී.
ශී‍්‍ර ලංකාව අඩු ආදායම්ලාභී රටක තත්ත්වයේ සිට අඩු මධ්‍ය ආදායම්ලාභී රටක තත්ත්වයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් දැන් වර්ග කර තිබීම නිසා සහනදායී ක‍්‍රම යටතේ ආධාර ලබාගැනීමට ශී‍්‍ර ලංකාවට දුෂ්කර වී තිබේ.
ශී‍්‍ර ලංකාවේ සමස්ත ණය බර රුපියල් ටි‍්‍රලියන 6.79 කි.
2008 - 2013 අතර කාලයේ සංවර්ධන ව්‍යාපෘතීන් සදහා ඩොලර් බිලියන 15.38 ක ආධාර ශී‍්‍ර ලංකාව ලබාගෙන ඇත.රටට වැඩි බරක් නොදැනෙන පරිදි මුදල් ආපසු ගෙවීම සිදුකෙරෙමින් පවතින බව අමාත්‍යංශය කියයි.
2017 වසර වන විට ගෙවීමට නියමිතව ඇති ණය සදහා ඩොලර් බිලියන 6 කට අධික මුදල් ප‍්‍රමාණයක් ශී‍්‍රලංකාවට අවැසි වනු ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට අවරුදු තිහ හතළිහකට පෙර ළමා පත්‍රයක තිබුණ කතාවක් මතක් උනා. එක මිනිහෙක් කෙනෙකුගෙන් සතියකින් ආපසු දෙන බව කියා මුදලක් ණයට ඉල්ලා ගෙන වියදම් කර ගත්තාලු. ඒකේ ණය බේරිය යුතු දවසේ වෙන කෙනෙකුගෙන් මුදල් ඉල්ලා ගෙන ණය බේරුවාලු. නැවතත් දෙවන පුද්ගලයාගේ ණය බේරන්න පළමු පුද්ගලයාගෙන් ණයට සල්ලි ඉල්ලා ගත්තාලු. නියමිත දිනයට නොවරදවා ආපසු දෙන නිසා ඔහුත් මුදල දුන්නාලු. ඒකෙන් නැවතත් ණය බේරුවාලු. මේ විදියට හත් අට ගමනක් දෙපැත්තට ණය වෙවී නියමිත දිනට ණය බේරුවාලු. පසු දිනක ණයට මුදල් දෙන මිනිසුන් දෙදෙනාටම එන්න කියලා අර පළමු පුද්ගලයා කිව්වාලු ""මෙච්චර කලක් ඔය දෙන්නාගේ මුදල් මම ඒ අතට මේ අතට ගෙනිච්චා. දැන් ඉතින් මම මේකට මැදිහත් වෙන්න ඕනේ නැහැ. හැම සුමානේකම නියමිත දිනේට ඔයා මෙයාට මුදල් දෙන්න එයත් නියමිත දිනේට ඔයාට දේවි කියලා. අපිටත් ඉන්දියාවටයි චීනේටයි එහෙම කරන්න පුළුවන් නම් ගොඩේ ගොඩ. (ස)
මෙහෙම ලංකාව රජය සහන නය අරන් ජනතවට හොදටම බරපතලයි (දී)
චමින්ද,ඕස්ට්‍රේලියා රජය ණය අරන් තියෙන්නේ පියවන්න මාර්ග තියෙන නිසා.ඔවුන්ගේ අපනයන ඉතා ඉහළ මට්ටමක තියෙනවා.නිෂ්පාදනය වගේම.ඒ නිසා අපේ රටත් එක්ක සංසන්දනය කිරීම වැරදි.(දිල්)
අනේ මන්ද කිරිපිටි නම් වැඩිවෙන හැඩ පේනවා.(නදී)
එතකොට ඔය එක එක වාර්තාවල ලංකාවේ ආර්ථිකය ඉතාමත් හොඳය කියන කතාව මොකක්ද?(නදී)
ඕස්ට්‍රේලියානු රජය අරගෙන තියෙන ණය වල ප්‍රමාණයට,මාසෙකට පොලිය විතරක්, ඩොලර් බිලියන 1 ක් ගෙවනවා කියලා මම පත්තරයක කියෙව්වා. බලනකොට හැමෝම ණයට අරගෙන.මම අහලා තියෙන විදියට ඇමරිකාව තමයි ලෝකයේ ඉන්න ලොකුම ණය කාරයා. (ස)
ප්‍රමාද වී හෝ මෙය වැටහීම ගැන සතුටුයි (නි)
දකුණු ආසියාවේ තිබෙන අඩුම ආදායම් ලබන එකම රට ශ්‍රී ලංකාව වෙන්න ඇති (නි)
ලෝක බැංකුවට වුනත් ණය දෙන්න තරම් සල්ලි හම්බු කර ගත්තු ගරු උතුමාල අපේ රටේ ඉන්න පුළුවනි. උන්නැහේලා හොර ජාවාරම් කරලා, කුඩු, එතනෝල් බිස්නස් කරලා කොමිස් ගහලා ගම කාලා රට උගස් තියලා පිටරට බැංකුවල ගබඩා කරලා තියන සල්ලිවලින් ණය ගහන්න බැරි වෙන එකක් නැහැ නේද? ඊට පස්සේ ඒ සල්ලි වලින් පුළුවනි ගරු උතුමලාට අහසින් වඩින්න. ගුවන් යානා ටිකක් අරන් ඒ ගනුදෙනුවෙනුත් කොමිස් පාරක් ගහන්න! (ස)
අපිනේ දන්නේ තිබෙන අපහසුකමක තරම... (නි)
සහන ණය ගන්න බැරි නම් වැඩි පොලියට ගමුකෝ. (නදී)
යටි තල සංවර්ධනය. හැබයි අපිට ආදරේට නෙවෙයි .එයාලට ගැන හොයාගන්න ඕන නිසා හතර අතේ ණය වෙලා. අපිට තියෙන්නේ නිවන් දක්නා ජාති දක්වා ණය ගෙවන්න තමයි.(අ)
එතකොට අර ඇමතිතුමෙක් කියල තුබුන දෙය හරි නේද? අඩු පොලියට නය ගන්න බලන්නේ නැතුව ඔහේ ගන්න ක්‍රමය වෙනස් කරන්න. බඩු මිල අඩු කරන්න බැරිනම් පඩියවත් වැඩි කරන්න වියදම් පියවා ගන්න. (නදී)
"රටට වැඩි බරක් නොදැනෙන පරිදි මුදල් ආපසු ගෙවනවා " කියන එක නම් ඇත්ත තමා. මොකද මේවා ආපසු ගෙවන්නෙත් නැවත පිටරටින්ම ණය අරගෙන නේ. ඉතින් රටට බරක් වෙන්නේ කොහොමද? (ස)