IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


සියමි සිටි සිමෙන්ති සමූහය, ස්වභාවධර්ම සංරක්ෂණයට ගිවිසුමක

සියමි සිටි සිමෙන්ති සමූහය (SCCC) සහ ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය අතර පැවති සහයෝගීතාව තවත් වසර තුනක් සඳහා දීර්ඝ කරමින් නව අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අත්සන් කෙරුණු අතර, එමගින් සියමි සිටි සිමෙන්ති සමූහයේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ස්ථානවල ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම මූලික කරගත්, 2030 වසරේ INSEE තිරසාර ඉලක්ක සපුරාගැනීම සඳහා සහයෝගය ලබා දීම අපේක්ෂා කෙරේ.

හැකි උපරිමයෙන් ජෛව විවිධත්ව හානිය වළක්වා ගැනීම සහ අවම කිරීම මෙම සහයෝගීතාවේ ප්‍රධාන අරමුණ වන අතර, ඉදිරි වසර 3 තුළ දී ශ්‍රී ලංකාව, තායිලන්තය, වියට්නාමය සහ කාම්බෝජය යන රටවල පිහිටා ඇති සියමි සිටි සිමෙන්ති කම්හල්වල කැණීම් සහ සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියෙහි දී නොවැළැක්විය හැකි පාරිසරික බලපෑම් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීමට ද මෙම සහයෝගීතාව ශක්තියක් වනු ඇත.

සියමි සිටි සිමෙන්ති සමූහයේ, සමූහ ප්‍රධාන විධායක නිලධාරී අයිඩන් ලිනම් සහ ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ හා ඔසියානාවේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ආචාර්ය ඩින්ඩෝ කැම්පිලාන් යන මහත්වරු තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි සියමි සිටි සිමෙන්ති මූලස්ථානයේ දී මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබූ අතර, ශ්‍රී ලංකාව, කාම්බෝජය හා වියට්නාමය යන රටවල නියෝජිතයෝ අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වූහ.

2018 - 2021 කාල වකවානුව සඳහා අත්සන් තැබුණු මෙහි පළමු අවබෝධතා ගිවිසුමට අදාළ කාලසීමාව තුළ සියමි සිටි සිමෙන්ති සමූහය, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමඟ එක්ව ජෛව විවිධත්ව හානිය අවම කිරීමට සහ නිෂ්පාදන ක්‍රියාවලියේ දී සිදු වූ බලපෑම් සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ අතර,  ශ්‍රී ලංකාවේ සියමි සිටි සිමෙන්ති (ලංකා) සමාගම, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමඟ එක් වී අරුවක්කාලු‍ ප්‍රදේශයේ පිහිටා ඇති ගල්කොරි පුනරුත්ථාපනය කිරීම සඳහා කටයුතු කෙරිණි. 

එමෙන් ම උණවටුන වෙරළට ඔබ්බෙන් වූ කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ කොරල් විශේෂඥයන්ගෙන් තාක්ෂණික සහය ලබා ගැනීම සහ කන්නෙලිය වන රක්ෂිතය තුළ නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එම සංගමයේ  සහයෝගය ලබා ගැනීම ද මෙහි දී සඳහන් කළ යුතු ම ව්‍යාපෘති ලෙස හැඳින්විය හැකිය. තායිලන්තයේ, සියමි සිටි සිමෙන්ති පී. එල්. සී. සමාගම විසින් ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමග එක්ව සම්බන්ධීකරණය කරන ලද, එරට ප්‍රථම ජාතික ව්‍යාපාරික සහ ජෛව විවිධත්ව වැඩසටහන වන Bio-diversity Network Alliance (B-DNA) මගින් තිරසාරත්වය සඳහා ව්‍යාපාරික දැනුවත්භාවය වර්ධනය කිරීමට සහ ධාරිතා වර්ධන හා ජෛව විවිධත්ව සංරක්ෂණය වෙනුවෙන් ජාලගත කිරීම සඳහා  සුවිශේෂී සහයෝගයක්  ලබා දී ඇත.



අදහස් (0)

සියමි සිටි සිමෙන්ති සමූහය, ස්වභාවධර්ම සංරක්ෂණයට ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 180 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site