(මුදිතා දයානන්ද)
විදේශ සංචාරකයින් 143,187 ඉකුත් මාසයේදි පැමිණ ඇති අතර එය ජුලි මාසයට වඩා 27,486 ක වැඩිවීමක් බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති යොහාන් ජයරත්න මහතා අද (04) පැවසීය.
පසුගිය කාලයේ සිදු වු සංචාරක කර්මාන්තයේ කඩාවැටීම යළි ගොඩනැගෙමින් තිබෙන බවද ඔහු පැවසීය.
අප්‍රේල් 21 පාස්කු දින ප‍්‍රහාරයෙන් පසු සංචාරකයින්ගේ පැමිණීම ශීඝ‍්‍රයෙන් අඩුවූ අතර ඒ තත්ත්වය තුළ සංචාරකයින්ගේ පැමිණීම මැයිවලදී 70.8%කින් අඩුවූ බවද ඔහු පැවසීය. මේ වන විට සංචාරකයින්ගේ පැමිණිමේ අඩුවීම 28%ක් දක්වා පහළ බැස ඇති අතර එය සංචාරක කර්මාන්තයට සුභ ලකුණක් බවද එයින් සංචාරකයින්ගේ පැමිණීම යළි ක‍්‍රමයෙන් ඉහළ නැංවීමක් පෙන්නුම් කරන බවද ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගිය මාසය තුළ මෙරටට පැමිණි විදේශ සංචාරකයින් වැඩිදෙනෙකු ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය, ප‍්‍රංශය, ඔස්ටේ‍්‍රලියාව, එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, කැනඩාව යන රටවලින් පැමිණි සංචාරකයින් බවද ජයරත්න මහතා එහිදි පැවසීය.
ජයරත්න මහතා මෙසේ පැවසූයේ සංචාරක අමාත්‍යංශය, කොල්ලූපිටිය හෝටල් පාසලේදි පැවත්වූ මාධ්‍ය හමුවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේ බැංකොක් නුවරට වසරකට කෝටි 2ක් සංචාරකයෝ එනවා... නමුත් මුළු ලංකාවටම වසරකට එන්නේ ලක්ෂ 20ක් වගේ ගානක්... මේ තත්වය මෙයිට වඩා වර්ධනය වෙන්නේ නැහැ රටතුළ වෙනස්කම් ගොඩක් සිදුකලේ නැත්නම්.., එකක් අපේ හෝටල්වල අය කරන ගාස්තු කලාපයේ අනෙක් රටවල්වලට වඩා හොඳටම වැඩි (කිසිම හේතුවක් නැතිව)... අනික පෞරාණික නටබුන් තිබෙන ප්‍රදේශවලට ඇතුල්වීමට විදේශිකයින්ගෙන් අයකරන ගණන් හොඳටම වැඩි (තායිලන්තයේ වගේ 5 ගුණයක් වැඩි)... අනික කෑමවල විවිධත්වය (කොළඹ වගේ නගරයේ පාරක ගියොත් විදේශිකයින්ට රසට කන්න තියන තැන් ඉතාම අල්පයි, කෑමවල කිසිම විවිධත්වයක් නැහැ.. පිරිසිදු නැහැ.) අන්තිම එක ප්‍රවාහන පහසුකම්...
අනුර මා ඔබ සමග සියයට දෙසීයක් එකඟ වෙනවා ඉහත විස්තරයට අදාලව