
- වසරේ ඇස්තමේන්තුගත දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 88.8ක්
- දේශීය ණය තොගයේ වටිනාකම රැපියල් බිලියන 19,203 ක්
- විදේශීය ණය තොගයේ වටිනාකම රැපියල් බිලියන 12,796ක්
මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට රජය සතු මුළු ණය තොගයේ වටිනාකම රුපියල් බිලියන 31,999ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 95,047ක්) පමණ වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙය 2026 වසර සඳහා ඇස්තමේන්තුගත රුපියල් බිලියන 36,037ක දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 88.8ක් වන බව වර්ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් එම අමාත්‍යාංශය මෙම කරුණු සඳහන් කර සිටියි.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ දත්ත අනුව මෙම සමස්ත ණය තොගය අතරින් දේශීය ණය තොගය රුපියල් බිලියන 19,203 ක් ලෙස සටහන්ව තිබේ. එම ණය තොගයෙන් සියයට 84ක් භාණ්ඩාගාර බැඳුම්කර වන අතර, භාණ්ඩාගාර බිල්පත් යටතේ වන ණය තොගය සියයට 12 ක් වී තිබේ.
එසේම ජූනි මාසය අවසන් වන විට රජයේ විදේශීය ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 38ක් (රුපියල් බිලියන 12,796කට සමාන) වී තිබේ. මෙම ණය අතරින් සියයට 39ක් බහුපාර්ශ්වික ණය වූ අතර, වාණිජ ණය සියයට 33ක් සහ ද්විපාර්ශ්වික ණය සියයට 28ක් වී තිබේ.
මේ අතර විදේශීය ණය ප්‍රතිසංස්කරණ වැඩසටහන වසර තුළ සැලකිය යුතු ප්‍රගතියක් අඛණ්ඩව අත් කරගෙන ඇති අතර, 2026 ජූනි මස අවසානය වනවිට ප්‍රතිව්‍යුහගතකරණයට යටත් ද්විපාර්ශ්වික ණය තොගයෙන් සියයට 93ක් ආවරණය වන පරිදි ගිවිසුම්වලට එළැඹී තිබු බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd