
- කිලෝමිටර් 26 ක් දක්වා වන මෙම මාර්ගය කුලුනු 76 කින් සමන්විත වෙයි.
- ව්‍යාපෘතියේ වියදම ආසන්න වශයෙන් රැපියල් මිලියන 2,500ක්
මන්නාරම 220/33kV ජාල උපපොළේ සිට යෝජිත මුල්ලිකුලම් 220kV මිනුම් උපපොළ (Metering Substation) දක්වා වන 220kV ද්විත්ව පරිපථ (Double Circuit) විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (08) ආරම්භ විය.
මෙම ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණු වන්නෙ මන්නාරම මුල්ලිකුලම මේගාවෝට් 100MW ක සුළං විදුලි බලාගාරය තුලින් ජනනය කරනු ලබන විදුලිය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමයි.
කිලෝමීටර් 26 ක් දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන මෙම මාර්ගය කුලුනු 76 කින් යුක්ත වේ. සම්පුර්ණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ මුදල් පමණක් යොදවන අතර එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,500ක් වේ.
ව්‍යාපෘතිය බලශක්ති අමාත්‍යංශයට අනුබද්ධ පුර්ණ රාජ්‍ය සමාගමක් වන ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නා (පුද්ගලික) සමාගම - (NTNSP) අධික්ෂණය යටතේ ප්‍රද්ගලික හවුල්කාරී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.මෙම ද්විත්ව පරිපථ (220Kv) විදුලි සම්ප්‍රේෂණ මාර්ගය දින 540 න් අවසන් කිරීමට අපේක්ෂිතය.
මුල්ලිකුලම් සුළං බල සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය (Mullikulam Wind Power Transmission Project-MWPTP) 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම සඳහා ජාතික දැක්ම අනුව යමින් (NTNSP) ආයතනය විසින් ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘතියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd