ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සීගිරි කඳවුරේ ස්ථාපනය කළ සංග‍්‍රාහක කළමනාකරණ පුහුණු පාසල ගුවන්හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා අතින් විවෘත විය.
ශ‍්‍රී ලංකා ගුවන්හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන හෙලි ටුවර්ස් ඇතුළු සංචාරක ක්ෂේත‍්‍ර සඳහා අවශ්‍ය පිරිස් පුහුණු කිරීම මෙහි අරමුණ වේ.
ප‍්‍රවර්ධන අධ්‍යක්ෂක යටතේ පාලනය වන මෙම පාසල මගින් හොටෙල් ක්ෂේත‍්‍රය සහ සංචාරක ක්ෂේත‍්‍රය පිළිබද පුළුල් දැනුමක් පුහුණවන්නන්ට ලබාදිම මෙන්ම ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරිමට බලාපොරොත්තු වේ.
ශි‍්‍ර ලංකා සංචාරක හා හොටෙල් කළමණාකරන අංශය මගින් අවශ්‍යය දැනුම මෙහි පුහුණුවිමි ලබන ශිෂ්‍යයන් හට ලබාදිමට සියළුකට යුතු සුදානමි කර ඇත.
සිගිරි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරි විංග් කර්මාන්ඩර් සි පි ගුණතිලකද, ගුවන් හමුදා සමාජික සාමාජිකාවෝද එහි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැඟවුනු දක්ෂතා තියෙන අයව සොයා ගැනීම,රටක සංවර්ධනයට මහත් රුකුලක් වෙනවා. අපේ රට බේරා දුන් රණවිරුවන් ,රට නැංවීමට උර දීම මොනතරම් වටිනවද ? (නි)
වැඩේ නම් ගොඩක් හොදයි. ඒත් මේ ගුවන් හමුදා කදවුර අවට පරිසරයට කර ඇති හානිය මහා විශාලයි. කිඹිස්ස ගමේ වැව පිටිය සම්පුර්ණයෙන්ම ගොඩකරලා. ගමට තිබුන කනත්තත් අමරුවෙන් බේරගත්තේ. කදුවුර අවට අක්කර ගණනක් කිසිම තේරුමක් නැතිව විනාස කරලා කදවුරට අල්ලාගෙන. දැනට අවුරුදු 8-10 පෙර ඉතාමත් පුංචි කදවුරක් ලෙස තිබු මෙය අද වනවිට විශාල කදවුරක් බවට පත් කරලා. ගම අවට ලස්සන අද පේන තෙක් මානෙක නැහැ. කදවුරට අත්පත් කරගත් ගමේ මිනිස්සුන්ගේ පරවේණි ඉඩම් වලට කිසිම වන්දියක් මේවන තුරුත් ලබාදී නැහැ. වන අලින්ගේ වාසස්ථාන හා ගමන් මාර්ග වසා දැමීම නිසා වන අලින් නිතර ගම් වදී. සිගිරිය වන ජීවී කලාපය තුල වගේම ලෝකප්‍රකට සිගිරි පර්වතයට කිලෝමීටර් 2 පමණ දුරින් පහිටි මෙම කදවුර කර ඇති විනාශයට බලදාරින්ගේ ඇස යොමුවේවා.(නදී)
නියමයි (නි)
මම සමන් මගේ වයස (23) මගේ ගම කිඹිස්ස බටුයාය. සේවය කරන්නේ කුවේට්. මේකත් ගුවන් තොටුපල වරාය වගේම වෙයිද ? මගේ ඉස්සරලාම ඡන්දෙ දුන්නේ ඔයාට මහින්ද මහත්තයෝ. ඒකයි මෙහෙම අහන්නේ අපිට හිගා නොකා ජිවත් වෙන්ට පුළුවන් වෙයිද ? හෝටල් පාසැල් හතර වටේ තිබුනට මොකෝ පඩි මදිනම්. ඔයිට වැඩ හොද නැද්ද ලෝකෙට තියන නය ගෙව්වනම්. අපේ රටේ අපිට කුලියක් කරලා හරි ජිවත් වෙන්ට පුළුවන් සුද්දන්ට කත් අදින්නේ නැතුව. (නදී)
රට බේරා ගත් රණවිරු ,ත්‍රිවිධ හමුදාවට රටේ සන්වර්ධනය ද , භාර දිය යුතුයි.රණවිරු පවුල් වල උගත් දරුවන්ට ප්‍රමු කත්වය දීම යුතුකමක්!ප්‍රයෝගික පුහුණුව දෙස්,විදෙස් රැකියාවන්ට මහත් රුකුලක්..(අ)