IMG-LOGO

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරයි

‘කොවිඩ්-19’ වසංගතයෙන් බලපෑමට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට අඩු පොලියට ණය ලබාදීමට සහාය වීමේ අරමුණින් බැංකු පොලී අනුපාතික නැවත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මේ අනුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති අතර මේ වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් එම බැංකුව අද (9) ඒ බව දැනුම් දුන්නේය.

ඒ අනුව බැංකුවලට අදාළ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 4.50%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය  5.50%ක් දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (8) රැස්වී මෙම තීරණය ගෙන තිබේ.

ආර්ථිකයේ ඵලදායී අංශ වෙත කඩිනමින් ණය ලබාදීම සඳහා මූල්‍ය පද්ධතිය දිරිමත් කිරීමේ අරමුණින් යුතුව අඩු උද්ධමනයක් පවතින වාතාවරණයක් යටතේ මුදල් මණ්ඩලය මෙම තීරණ ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ වසරේ මේ දක්වා කාලය තුළ දී ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල කරන ලද පදනම් අංක 250ක සමස්ත පහළ දැමීම්වල සම්පූර්ණ ප්‍රතිලාභ ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබාදෙන්නැයි ද මුදල් මණ්ඩලය බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රමුඛ මූල්‍ය ආයතන වෙත නැවත වරක් අවධාරණය කර ඇත.

නව කොරෝනා වයිරස කාලසීමාවේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර සහනදායී ණය යෝජනා ක්‍රම කිහිපයක් ද ක්‍රියාත්මක කර ඇත. ඊට අමතරව ප්‍රතිපත්ති පොලී අනුපාතික  2.5%කින් ද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 3%කින් අඩු කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ව්‍යවස්ථා සංචිත අනුපාතය අඩු කිරීම මඟින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල ද්‍රවශීලතාව ඉහළ යයි. ඒ අනුව එම බැංකුවලට පෞද්ගලික අංශයේ ණය ගන්නන්ට ණය ලබාදීමට ද අවස්ථාව උදා වේ.

මේ අතර ජූනි මාසය අවසන් වනවිට මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 6.7ක් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

055



අදහස් (5)

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරයි

Buddhika P Thursday, 09 July 2020 04:42 PM

ගෝඨා බැන්නට පස්සේ, මහා බැංකුව දැන් කොමර්ෂල් බැංකුවක් වේගෙන යන්නේ. ලිහිල් ණය කොන්දේසි මත දෙන නිසා, මේ ණය වලින් 90% වැඩිය බොල් ණය වෙනවා. බැංකු වලට අමතර බරක් වැටෙනවා. හුඟක් යන්නේ හෝටල් ආශ්‍රිත සේවා අංශයට. මේ ක්ෂේත්‍රය තව අවුරුදු ගාණකට ගොඩ එන්නේ නෑ. අපි වේගෙන්ම ගෝඩ නගා ගත යුතු අංශය වෙන්නේ, අපනයන අංශයයි. මුළු ආසියාවේම අපනයන අංශය කඩා වැටිලා රස්සා නැති වෙලා, අපි ඉතාම අවදානමේ ඉන්නේ. ඉතාම ක්ෂණික පියවර හැටියට, රුපියල අවප්‍රමාණ කළ යුතුයි 200 දක්වා, මෙය වෙනරටවල් කරන්න සැලසුම් කරගෙන යන්නේ... අපි මූලික පියවර තිබ්බේ නැත්නම්, ප්‍රාථමික රටවලටත් වඩා පහළට යනවා. ඒ අතරේ කරන්න ඕනේ, සියලු භාණ්ඩ වල ගුණාත්මක බව ඉහළ නැංවීම. කෙටිකාලීනව, මිල අඩු භාණ්ඩවලට ඉල්ලුම වැඩි වෙනවා. ඩොලර් රේට් එක අඩු වුණාම... ඉදිරි මාස කීපය තුළ අපේ අපනයන තව තව කැපෙනවා. සංචාරක ව්‍යාපාරේ ගොඩඑන්න තව අවුරුදු කීපයක් යනවා. ඡන්දෙයි, ආර්ථිකෙයි කලවම් කර නොගෙන වැඩකරන්න වෙනවා. මේ ඡන්දෙන් කාටවත් 115 තනියෙන් ගන්න එකත්, ඉතාම අමාරු වැඩක්...

:       233       41

Bamunuarachchi Friday, 10 July 2020 05:11 AM

අපිට ලැබෙන පොලී අඩු වුණොත් අපිත් නිසි පියවර ගන්නම්.. අපිත් ක්‍රම සහ විධි දන්නවා.

:       11       25

සමන්තFriday, 10 July 2020 06:19 AM

බමුණුආරච්චි මහත්මයා එසේ ගත හැකි පියවර සඳහන් කළොත් අපිටත් ප්‍රයෝජනවත් වේවි...!!!

:       0       14

athulaMonday, 13 July 2020 07:58 AM

විශ්‍රාමික ජනතාව ජීවත් වුනේ ඔවුන් ඉතා දුක් මහන්සියෙන් හම්බ කරගෙන තැන්පත් කළ මුදල්වල පොලියෙන්... දැන් ඔවුන්ට 8%ක් ලැබෙන්නේ.. බඩු මිල අහස උසට තමන් මේ අාණ්ඩුවේ හැම දෙයක්ම කිසිම සොයාබැලිිමකින් තොරව අනුමත කරන කෙනෙක්..

:       0       1

Rohana Sunday, 12 July 2020 03:51 PM

මහ බැංකුවට බලපෑම්කර රටේ ආර්ථික ක්‍රමය දියුණු කළ නොහැකි බව මේ දේශපලනඥයින්ට නොතේරීම තමයි කරුමය...

:       1       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site