මහජන සම්පත 3000 වැනි දිනුම් ඇදීමේ ත්‍යාග කොල්ලුපිටිය ජාතික ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාලයයේ දී අද (26) සිදු විය.
පළමු වැනි ත්‍යාගය වන ටොයෝටා ප්‍රියස් සී හයිබ්‍රිඩ් මෝටර් රථය කැලණියේ බී ඉන්ද්‍රා කාන්ති මහත්මියට හිමි විය. වත්තල අලෙවි නියෝජිත මංජුල ප්‍රියදර්ශන මහතා ටිකට් පත කළෙවි කළේය.
සභාපති ශ්‍යාමිලා පෙරේරා මහත්මිය කාරය පිරිනැමීය.
සුපිරි වාසනා සම්පත 1000 වැනි වාරයේ දිනුම් ඇදීමෙන් යතුරු පැදිය කෑගල්ලේ ප්‍රනීත් දනන්සූරිය මහතා දිනා ගත්තේය.
ක්‍රියාකාරී අධ්‍යක්ෂ එම් කේ හසන්, සාමාන්‍යාධිකාරී නාලක කළුවැව, අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රභාත් සන්ධ්‍ය තේජ, ප්‍රධාන මූල්‍ය නිලධාරී හර්ෂ බණ්ඩාර මහත්වරු ද ඊට සහභාගී වූහ.




COMMENTS
මේවා ලැබෙන්නත් පින තිබෙන්න ඕනෑ (නි)
ෂා නියමයිනේ! (නි)
ඔය එක්ක එක්කෙනා ඊර්ෂ්‍යාවට කියන දේවල් ගණන් ගන්න එපා (නි)
කාර් එක ලියාපදිංචි කරලමද දෙන්නේ ? (ම)
පෙර පෙන් ඇත්තෝ (බ)
මෙම කාරයේ සැබෑ නම " ටොයෝටා ඇකුවා " මාදිලියේ හයිබ්‍රිඩ් මෝටර් රථයකි ...... (ම)
මේක ටොයෝටා ඇක්වා එකක් (බ)
මෙය ප්රියස් සී වර්ගයේ බ්‍රෑන්ඩ් නිව් හයිබ්‍රිඩ් ටොයෝට මොටෝර් රථයකි.මෙයට ඇක්ව කියන එක වැරදි.වර්ග දෙක අතර බොහෝ වෙනස්කම් තියෙනවා.(කේ)
මෙය ප්රියස් සී වර්ගයේ බ්‍රෑන්ඩ් නිව් හයිබ්රිඩ් ටොයෝටා මොටෝර් රථයකි.මෙයට අැක්ව කියන එක වැරදි.වර්ග දෙක අතර බොහෝ වෙනස්කම් තියෙනවා.මම දන්නේ මට තියෙන්නෙත් ප්රියස් සී බ්‍රෑන්ඩ් නෙව් මොටෝර් රථයකි.ප්රියස් සී දැනට ලංකාවට ගෙන්නේනේ බ්‍රෑන්ඩ් නෙව් පමණි.එය ඇත්තේ ටොයෝට කොම්පැණි එකේ පමණි.(හේ)
අපට කවදා මේ වගේ වාසනාවක් ලැබෙයිදෝ.(හේ)
මේ රටේ නම් ඔවැනි ලොකු දිනුමක් දිනන බොහෝ අය ඒක "රාජ්‍ය රහසක් " වගේ රැක ගන්නවා. හොරුන්ගෙන්, කප්පම්කරුවන්ගෙන් ප්‍රවේශම් වීමට තිබෙන හොඳම මාර්ගය ඒක නිසා.මේ වගේ ජයග්‍රාහකයන්ගේ පින්තුර මෙහේ පුවත් පත්වල බොහොම විරලයි.....(බ)
නන්දලාල්,ඇයි ප්‍රංශයේ ඉන්නේ? අපේ රට කොච්චර හොඳද? (නි)
ඉස්සර නම් මේවා බෙදාදෙන්නේ ජනාධිපතිතුමා ! (ස)
ඉස්සර නම් මේවා බෙදාදෙන්නේ ජනාධිපතිතුමා !.(බ)
ඔබට සුබ පැතුම්. (ත)
දමිත් කේෂන් සංජීව ඔක්කොමල හරි (බ)
දෙයක් කියන්න කලින් දැනගෙන කතාකරන්න ඕනේ..මේ කාර් එකට ඇක්ව කිව්වට හරි නම ඇවිල්ල ප්‍රියස් සී හැම රටකම මේ කාර් එක හදුන්වන්නේ ප්‍රියස් සී කියලා මිසක් ඇක්ව කියල නෙමෙයි..(ම)
මේ කාර් එකට ඇක්ව කිව්වට හරි නම ඇවිල්ල ප්‍රියස් සී හැම රටකම මේ කාර් එක හදුන්වන්නේ ප්‍රියස් සී කියල මිසක් ඇක්වා කියල නෙමෙයි..(බ)
ජයග්‍රහකයින් සියලු දෙනාටම අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)
අපි කොච්චර ටිකට් ගත්තත් මේ වෙනකන් පොඩි දිනුමක්වත් නෑ.(හේ)
හේරත් ඔය වාහනේ විකුණල වැඩිම වුනොත් ලක්ෂ 45 ක් ගන්න පුළුවන් වෙයි - ඒකෙන් කෝහොමද ජීවිත කාලයක් ජීවත් වෙන්නේ - දැන් කෝටියක් තිබ්බත් මදි - හැබැයි විකුණලා ඒ මුදල ඉඩමක වගේ ආයෝජනය කළා නම් යමක් තියෙයි.(හේ)
ගොඩක් සතුටුයි.(හේ)
කීයෙන් කී දෙනාටද මේ වගේ අවස්ථාවක් උදා වෙන්නේ.(හේ)
මක්කා මාළුවාගේ සේම මහින්දද කොතනත් සිටි (ම)
ඔය වාහනේ ලැබුනට දැන් නඩත්තු කරන්න වෙනම ගාණක් යනවා.වාහනේ විකුණලා ඒ හම්බ වෙන මුදලින් ජීවිත කාලෙම ජීවත් වෙන්න පුළුවන්.(හේ)
මක්කා මාළුවාගේ සේම මහින්දද කොතැනත් සිටි (බ)
මේ තෑගි දෙනවා දැක්කමයි.(හේ)
ජයග්‍රහකයින් සියළුම දෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)
අපි කොච්චර ටිකට් ගත්තත් රුපියල් 10වත් තිබිලා නෑ.(හේ)
මේක තමයි වාසනාව කියන්නේ.(හේ)
මොක වුනාම මොකද බන් නේද ? (බ)
ලොකු පිනක් (බ)
"දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා" අපේ සුබ පැතුම් !!!! (නි)
කට්ටිය වාහනේ ගැන කරුණු නොදැන කතා කරන්නේ.... ඇක්වා කියන්නේ ජපානයේ රට ඇතුලේ වෙලඳපලට හදන වාහනේට එයාලා කියන නම... ප්‍රියස් සී කියන්නේ එයාලා අපනයන කරන්න හදන වාහනයට දාන නම්.. වාහන දෙකම එකයි.. අපි ඕක ඇක්වා කියලා දන්නේ අපි මෙහෙට ගෙන්වන්නේ ජපානයේ පාවිච්චි කරපු වාහන නිසා.. ටොයෝටා ලංකා එකෙන් ඕක ගන්න ගියොත් ඕකෙ නම තියෙන්නේ ප්‍රියස් සී කියලා.. (බ)
දමිත මම හිතන්නේ මේක ප්‍රියස් සී මාදිලිය කියලා. දෙකම එක වගේ. (බ)
ලොතරැයි දිනුම් ගැන ප්‍රසිද්ද කෙරීම හොරුන්ට අත වැනීමක් කියලයි මට නම් හිතෙන්නේ.(නදී)
සුබ පැතුම්! (නි)
ඔය එක එක්කෙනා ඊර්ෂ්‍යාවට කියන දේවල් ගොඩක් තියෙන්නේ. අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව හිටියොත් හොඳයි නේද තමන්ගේ වැඩක් කරගෙන? (නි)
ඔය එක එක්කෙනා ඉරිසියාවට කියන දේවල් ගොඩක් තියෙන්නේ අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව හිටියොත් හොදයි නේද.? තමන්ගේ වැඩක් කරගන. (ර)
අනුන්ගේ වාහන ගැන හොයන්නේ නැතුව වැඩක් බලගන්න (බ)