IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වතුර නැති නිසා විලච්චියේ ගොවීන් අමාරුවේ

(දයාරත්න ඇඹෝගම)
 
විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ රැසකට ජලය හිඟවීමෙන් තම අතිරේක බෝග වගාවන් විනාශයට පත්ව ඇතැයි  ගොවිහු පවසති.
 
තන්තිරිමලය කිඹුලෑව, දන්ගස්වැව, බිල්ලෑව ඇතුළු ගම්මානයන්හි අක්කර තිහක පමණ ගස්ලබු වගා කර තිබේ. 

විලච්චිය, තන්තිරිමලය  ප්‍රදේශවල විශාල වශයෙන් ගස් ලබු ,පේර වගාවන් සිදු කරන අතර ජලය නොමැති වීමෙන් එම වගාවන් විනාශයට පත්වෙමින් පවතී. මේ හේතුවෙන් නිසි ඵලදාව ලබා ගත නොහැකි වී ඇතැයි ගොවීහු කියති.
 
කෙසෙල්, පොල් ඇතුළු අතිරේක බෝග වගාවටද  මේ තත්වය උදාවි  තිබේ. තවද වන අලින් වගා බිම් විනාශ කර දැමිම විශාල තර්ජනයක් බවද ඔවුහු පෙන්වා දෙති.‍
 
ජල හිඟය සහ  වල් අලි තර්ජනය නිසා හානි වෙමින් තිබෙන ගස්ලබු වගාව පිළිබඳව අදහස් දක්වමින් තන්තිරිමලය කිඹුලෑව පදිංචි ජේ.ඒ ජයවර්ධන මහතා මෙසේ පැවසීය.

 ‘යල කන්නයේ හරියට වැස්සක් නැති නිසා  මේ ගැටලු තියෙන්නේ. ළිංවල වතුර නැහැ. මට අක්කර එකහමාරක විතර පැපොල් වගාවක් තියෙනවා. භාගයකට විතර වතුර දාද්දි ළිදේ වතුර ඉවරයි. ඒ වගේමයි ගස්ලබු වගාවට රෝග වැළදිලා තියෙන්නේ. ‘

“මේ වෙද්දි ඵලදාව හට ගන්න කාලේ. ඒත්  වතුර නැති නිසා හරි අස්වැන්නක් ගන්න බැහැ. ගස් ලබු ‍ගෙඩියක් බර උපරිම කිලෝග්‍රෑම් එක හමාරක් දෙකක් විතර වෙනවා. කෘෂි පර්යේෂණ නිලධාරියොත් ඇවිත් උපදෙස් දෙනවා. ඒත් ජලය හිඟවීම තමයි ගැටළුවක්ව තිබෙන්නේ.

තවත් පැල තවාන් කර තිබෙනවා. ජලය නැති නිසා වැස්සක් ලැබෙයි කියා බලා ඉන්නවා. අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. නමුත් තවමත් නිසි ක්‍රියාමාර්ගයක් නෑ. අපි ගැන අවධානය යොමු කර වගාවන් දියුණු කර ගැනිමට අවශ්‍ය සහය ලබා දෙනවනම් හොඳයි” යැයි ඒ මහතා පැවසීය.



අදහස් (0)

වතුර නැති නිසා විලච්චියේ ගොවීන් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site