කේම්බි‍්‍රඡ් විශ්ව විද්‍යාලයීය සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා 2012 - 2013 වසර වල පෙනී සිටි ශ‍්‍රී ලංකාවේ සිසුන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්විණි
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ සිසුහු තිදෙනෙක් ද කේම්බි‍්‍රජ් උසස් පෙළ විභාගයේ ලොව ඉහළම ලකුණු ලාභී සිසුන් ලෙස ඇගයීමට ලක් වුහ.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අසේල් ඉන්දුල පඩුවාවල කේම්බි‍්‍රජ් උසස් පෙළ පරිගණක විෂයයෙන්ද සජිදු ප‍්‍රමෝද්‍යා පෙරේරා, ගිණුම්කරණ විෂයයෙන් සහ කාවින්ද්‍යා තෙන්නකෝන් සමාජ විද්‍යා විෂයෙන්ද සම්මාන ලැබුහ.
කේම්බි‍්‍රජ් උසස් පෙළ ප‍්‍රතිඵල මත ශ‍්‍රී ලංකාවේ ඉහළම ලකුණු ලාභි සිසුන් ලෙස නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ කාවින්ද්‍යා තෙන්නකෝන් (ආර්ථික විද්‍යාව) පසිදු සංජුල පෙරේරා (භෞතික විද්‍යාව) අසේල ඉන්දුල පඩුවාවල (ගණිතය) තෙවින් උදාර වනසේකර (රසායන විද්‍යාව) බිනුරි සුලක්කනා ගුණරත්න (ජීව විද්‍යාව) පසිදු ප‍්‍රමෝදය පෙරේරා (ගණිතය) රුසිත් බිම්සර ගේ‍්‍රරු (ගණිතය) ද
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ෆයිසීල් අහමද් (භෞතික විද්‍යාව) සහ ඉශාරා උවයිස් (ව්‍යාපාර අධ්‍යනය) ද සම්මාන ලබා ගත්හ.
කේම්බි‍්‍රජ් සමාන්‍යපෙළ විභාගය සඳහා පෙනී සිටි නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සිසුන් අතරින් නටාලි කාවින්දි රොද්‍රිගූ (මානව හා සමාජ විද්‍යාව) විදුශානි ජයංගා ධනවංශ (ගණිතය රසායන විද්‍යාව සහ පරිඝනක) තරුෂි අමායා සූරියආරච් (ජීව විද්‍යාව) දල රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ හසිනි වික‍්‍රමතුංග (සිංහල) ද වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ විනු විහාන් (භෞතික විද්‍යාව) සහ සදුනි සමන්තිලක (ඉංග‍්‍රීසි සාහිත්‍ය) ශ‍්‍රී ලංකාවේ ඉහලම ලකුණු ලාභීන් ලෙසද සම්මාන ලැබුහ.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් බුද්ධි මධුශංක රණසිංහ (සාමාන්‍ය පෙළ) ලෝක ඉතිහාසය (1917 - 1991) සඳහා ද උසස් පෙළ විෂයය ධාරාවන් යටතේ සඳමිණි ඇතාකඩ ප‍්‍රංශ භාෂාව වෙනුවෙන් සහ කාවින්ද්‍යා තෙන්නකෝන් සමාජ විද්‍යා හා නීතිය වෙනුවෙන් ඉහළ දක්ෂතා පෙන්නුම් කරමින් කේම්බිජ් විභාග සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වුහ.
ඡායාරූපය - (වමේ සිට දකුණට)
පළමු පෙළ - අසේල ඉන්දුල , සජිදු ප‍්‍රමෝද්‍යා පෙරේරා,රීෂ්මා ඉමාරා උවයිස්, රුසිත් බිම්සර ගේ‍්‍රරු.
දෙවැනි පෙළ - උදාර වනසේකර, බිනුරි සුලක්ඛනා, ෆාසිල් අහමද්, පසිදු සංජුල පෙරේරා, හසිනි වික‍්‍රමතුංග, නටාලි කාවින්දි රොද්‍රිගු.
තෙවැනි පෙළ - තරුෂි අමායා සූරියආරච්චි, විදුශානි ජයංගා, සදුනි සමන්තිලක, විනු විහාන්, බුද්ධි මධුශංඛ රණසිංහ, සදමිණි ඇතාකඩ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටවල් වල ඉඳගෙන නොදන්නා කෙහෙම්මලකට කට දාන්නේ නැතුව හිටියා නම් මානෙල්ටත් නම්බුව පිටින් ඉන්න තිබුනා.(නදී)
ශ්රී ලංකාව වාසනාවන්තයි.(නදී)
ලංකාවේ අධ්‍යාපනයට හොද කාලයක් (දී)
මගේ ළමයත් යන්නේ ඒ ඉස්කෝලෙට, සුභපැතුම් (දී)
ලංකාවේ අධ්‍යාපනයට උරදෙන විශිෂ්ට අධ්‍යාපන ආයතනයක් (දී)
කරුණාකර ද්විතියික පාසල් 1000 සංවර්දනය කරන්න. මේ ළමයිනුත් ළමයිනුත් ලැයිසියම් ගියේ හොඳ පාසලැක් හොයා ගන්න බැරි උන හින්දනේ.(නදී)
අපේ දක්ෂයන්ට හෘදයාංගම සුබ පැතුම්! (නදී)
ලයිසියම් එකේ විනය සහ අධ්‍යාපනය විශිෂ්ඨයි. (නදී)
කේම්බ්‍රිජ්, එඩෙක්සෙල් ලකුනු දෙන හැටි දෙකටම හිනායනවා. (නදී)
අපේ හෘදයාංගම සුබ පැතුම්! (නදී)
අපේ දක්ෂ දරුවන්ට ගරහන්න එපා ලන්ඩන් මානෙල් ලංකාවෙන් පිටවෙලා පහේ ශිෂ්‍යත්වය වත් පාස් වෙන්න බැරි අය (අ)
ජය වේවා(දිල්)
හදවතින්ම සුබ පතමි.ඔබ ජාත්‍යන්තර පාසලක් නියෝජනය කළත් අපේම රටේ දරුවන් ලෙස සිරි ලක් මවට අභිමානයක් ගෙන එන්නට සමත් වී ඇත. (ස)
සමන්, ඔයා කොහොම කිව්වත් ඔය ළමයි හැමෝම අන්තිමට එන්නේ එංගලන්තෙටනේ. ඒ අය අපිට හමු උනහම ලබපු අත්දැකීම්, දැකපු, අහපු අත්දැකීම් වලුනුයි මම කිව්වේ. නැතුව ඔය ලයිසියම් තියෙන තැනවත් මම දන්නේ නැහැ.(නදී)
ජය වේවා! (නදී)
මානෙල්, මේ ලමයි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙ පී එච් ඩී උපාධියට ඉගෙන ගන්න ලමයි නෙමෙයි. ඒ හින්ද මුලු ඉතිහාසයම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. හොඳ පැවරුමකින් කරන්න පුලුවන් දේ අවුරුද්දක් පුරාම පන්ති පවත්වලත් කරන්න බැහැ. ලයිසියම් එක කඩයක් කියන ඔයා දන්නවද ඔයාගෙ ඔය මහ ලොකු එන්ගලන්තෙත් අධ්‍යාපනය විකුනනවා කියලා(නදී).
කවුරු වුනත් ලයිසියම් එක ගැන හරි දැනුමකින් අදහස් දක්වා නැහැ. මගේ දරුවන් දෙදෙනාම යන්නේ මේ පාසලට. ලයිසියම් කියන්නේ අනික් රජයේ පාසල් වලටත් පූර්වාදර්ශයක්. පෝය දවසට සිල් ගන්න රජයේ පාසලක් වත් තියෙනවද? ඒත් මගේ දරුවන් පෝයට මේ පාසලේ සිල් ගන්නවා. දහම් පාසැල් යනවා. හැම ආගමකම සංස්කෘතියකම දරුවන් එකට එකා වගේ ඉගෙන ගන්නවා. ඔවුන් එකිනෙකාට ගරු කරනවා. නවක වද, ගුරුවරුන්ට අපහාස, ගැරහුම් නැහැ. අපේ රටේ නැටුම්, පෙරදිග සංගීතය, සිංහල බස උගන්වනවා. මේ පාසලේ විනය ඉතා ඉහල මට්ටමක තිබෙනවා.මම නම් දකින්නේ ඒ හැම හොද ගුනාංගයක් එක්කම තමයි මේ දරුවන්ට ලෝක මට්ටමේ ජයක් හිමි වෙලා තිබෙන්නේ. ඒ දරුවන් අපේ රටේ අපේ කම දන්න දරුවන් ඔබට සුභ පතමි! (නදී)
එක පැවරුමකින් දෙකකින් ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න පුළුවන්? කාටද මේ කියන්නේ? එහෙනම් එංගලන්තේ ඉතිහාසයත් එහෙම උගන්වන්න පුළුවන්නේ විෂයක් විදිහට උගන්වන්නේ නැතිව. මේ කඩ වල උගන්වන්නේ සුද්දගේ ඉතිහාසේ පමණයි. ඇඟ බේරා ගන්න මොකක් හරි බොරුවක් කරලා අපේ ටිකකුත් උගන්වනවා. එංගලන්තේ විශ්ව විද්‍යාල වලට එනවා ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගත්ත සිංහල බෞද්ධ පවුල් වල ළමයි. වඳ බැහැපු කෙහෙල් ගස් වගේ. ඔය ඇතිනේ? (අ)
හේමන්ත, ඔබ හිතන්නෙ මේ දරුවන්ට ලංකාවේ ඉතිහාසය ගැන ලයිසියම් එකේදී ඉගෙනගන්න ලැබුනෙ නැහැ කියලද? ඒක වැරදි වැටහීමක් මිත්‍රයා. ඉතිහාසය ඉගෙනගන්න ඒක විෂයයක් හැටියට ඉගෙනගන්න ඕනෙ නැහැ. හොඳ පැවරුමකින් දෙකකින් කරන්න පුළුවන්. ඒක මම මගේ දරුවන් ලැබූ අධ්‍යාපනය තුලින් දැකල තියෙනවා.(නදී)
ඔබට සුභ පතමි, ඔබ අපේය කියන්න පුළුවන් පාසලකින් ජයග්‍රහණය කලානම් ගොඩාක් සතුටු වෙමි (අ)
එතකොට මේ ළමයිනට ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න වෙන්නේ ලන්ඩන් ගිහින් වෙන්න ඇති. (අ)
ශ්‍යාමලී, හරියට ලියන්න බැරි නම් අදහස් දක්වන්න එපා. (නදී)
ජය වේවා ලියිසියම් මටවට. මව්නි ඔබට දීර්ඝායු පතමි. අපේ අනාගත දරුවන්ට යහපතක්ම වේවා.(දිල්)