IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

ටෝකියෝහිදීය (රොයිටර්)

 

ලෝක වෙළෙඳපොලේතෙල් මිල ගණන් අද (12) නැවත වරක් ඉහළ ගිය අතර කොටස් වෙළෙඳපොළවලද පහත වැටීමක් දක්නට ලැබිණි.

 

‘බ්‍රෙන්ට් කෲඞ්’ මිණුම් ඒකකවලට අනුව තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 80.59ක් දක්වා සියයට 0.4කින් එනම් ශත 33කින් ඉහළ ගියේය. එහෙත් ඊයේ (11) තෙල් බැරලයක මිල ඩොලර් 79.80ක් ලෙස සටහන් වූ අතර සති අන්තයේදී තෙල් බැරලයක මිල සියයට 4.2කින් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ඒ අනුව එසේ තෙල් බැරලයක මිල පහත වැටුණහොත් සති පහකට පසු තෙල් බැරලයක මිල එතරම් පහත වැටෙන පළමු අවස්ථාව එය වනු ඇත. 

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (ඩබ්ලිව්.ටී.අයි)’ මිණුම් ඒකකයට අනුව තෙල් බැරලයක මිල ශත 26කින් (සියයට 0.4ක) අගයකින් ඩොලර් 71.23ක් දක්වා ඉහළ ගියේය.

 

ඊට පෙර දිනයේදී තෙල් බැරලයක මිල සියයට 3කින් පහත වැටී තිබූ අතර සැප්තැම්බර් 21 දින පසු තෙල් බැරලයක මිල පහත වැටුණු පළමු අවස්ථාව විය. ඩබ්ලිව්.ටී.අයි මිණුම් ඒකකයට අනුව ද මේ සති අන්තයේ දී තෙල් බැරලයක මිල සියයට 4.2ක අගයකින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කර තිබෙන අතර එසේ තෙල් බැරලයක මිල පහත වැටුණහොත් සති පහකට පසු තෙල් බැරලයක මිල එතරම් පහත වැටෙන පළමු අවස්ථාව එය වනු ඇත. 

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් ලේඛන ගත කිරීම්වලට අනුව පසුගිය සතියේදී නිෂ්පාදනය බැරල් මිලියන 6කින් වැඩි වී ඇතැයි එරට බලශක්ති තොරතුරු පරිපාලනය සඳහන් කළේය. එය විශ්ලේෂකයන් අනුමාන කළ බැරල් මිලියන 2.6කට වඩා වැඩි ගණනකි. 

 

කෙසේ නමුත් තෙල් අපනයනය කරන රටවල සංවිධානය (ඔපෙක්) ලබන වසර සඳහා ඔවුන්ගේ ගෝලීය ඉල්ලුම් වර්ධන පුරෝකතනය අඩු කළේය. ඔවුන් පසුගිය මාස තුනේදී අඛණ්ඩව එසේ කරන ලදි. 

 

වෙළෙඳ ආරවුල් විශේෂයෙන් ඇමෙරිකා-චීන වෙළෙඳ යුද්ධය නිසා ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ නැගී එන වෙළෙඳපොළවල දක්නට ඇති ඉක්මණින් වෙනස් වන ස්වභාවය නිසා එසේ කළ බව ‘ඔපෙක්’ සංවිධානය සඳහන් කළේය. 

 

“මේ වසරේදී තවමත් තෙල් සඳහා තිබෙන ඉල්ලුම් වැඩි වෙමින් තිබෙනවා. එය දිනකට බැරල් මිලියන 1.2 සිට මිලියන 1.5 දක්වා දක්වා වැඩි වනු ඇතැයි ඇස්තමේන්තු කළ හැකියි.

 

කෙසේ නමුත් වෙළෙඳ ආරවුල් තවදුරටත් උග්‍ර වුවහොත් ලබන වසරේදී තෙල් සඳහා තිබෙන ඉල්ලුම අඩු වීමේ අවදානමක් තිබෙනවා” යැයි ඒ.එන්.ඉසෙඩ් පර්යේෂණ ආයතනයේ විශ්ලේෂකයෝ ඔවුන්ගේ නවතම වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළහ. 

 

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති ‘මයිකල්’ කුණාටුව නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ තෙල් නිෂ්පාදකයෝ ඔවුන්ගේ නිෂ්පාදනය සියයට 40 කින් සීමා කළහ. 

 

එම සීමා කිරීම්වලට අනුව දිනකට කෙරෙන තෙල් නිෂ්පාදනය බැරල් 680,107කින් අඩු වූ බව සමාගම් 30ක දත්ත වාර්තා සඳහන් කරයි. 



අදහස් (0)

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 339 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site