ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ශේෆර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
හාර්ට්විග් ශේෆර් මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම සහ තීරණාත්මක ප්‍රතිසංස්කරණ සැලසුම් සඳහා ලෝක බැංකුවේ ඉදිරි සහය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම ඔහුගේ සංචාරයේ අරමුණ වී තිබේ.
මෙම නිල සංචාරය අතරතුර දී ශේෆර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් හමුවීමට ද නියමිතය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි බලන්න එනවා වගේ?