සියලූ දෙනා සුභවාදීව සිතන්නේ නම් ශ්‍රීලංකාව දියුණුවෙන් දියුණුවට පත්කිරීම සුලූ දෙයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපති මේ බැව් සදහන් කළේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ 2012 වසර සදහා වන වාර්තාව ඉදිරිපත් කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.
එම වාර්තාව අනුව 2012 වසරේ ආර්ථීක වර්ධන වේගය සියයට 6.4 කි.නමුත් 2011 වසරේ එය සියයට 8 ක් විය.මෙය ඇතැමුන්ට රජය විවේචනය කිරීමට හොද මාතෘකාවක් වනු ඇතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවැසීය. නමුත් ලෝක ආර්ථීක අර්බුදය හමුවේ රජය විසින් ගත් පියවරයන් නිසා නොවේනම් මේ තරමටවත් ආර්ථීක වර්ධන වේගයක් පවත්වාගත නොහැකි වනු ඇතැයි ජනාධිපති කීය.
තවද මාස 50 ක් පුරාවට උද්දමනය තනි අංකයක පවත්වා ගැනීම රජය ලත් තවත් ජයග්‍රහණයක් බව ජනපතිවරයාගේ අදහස විය.මෙයත් සියයට 6.4 ක ආර්ථීක වර්ධන වේගයත් ශ්‍රීලංකාවේ ආර්ථීකයේ ශක්තිමත් භාවය පෙන්වාදෙන්නේ යැයි රාජපක්ෂ මහතා පැවැසුවේය.
තවද උතුරේ ක්‍රියාත්මක වන වැඩසටහන් ගැනද රැස්ව සිටි පිරිස දැනුම්වත් කරනු ලැබීය.දැනට ලක්ෂ 2140 ක මුදලක් උතුරේ සංවර්ධනය සදහා යොදවා ඇති බවත් නොනවත්වා රජය විවේචනය කිරීමට විනා රජය විසින් රටේ සංවර්ධනය වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන කතා කිරීමට
විවේචන,ගැරහුම් හමුවේ හෝ රජය ඉදිරියටත් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන බව මහින්ද රාජපක්ෂ මහතා පැවැසුවේය.සුබවාදීව සිතා රටේ සංවර්ධනය වෙනුවෙන් සැමදෙන එක්විය යුතුයැයි ජනාධිපතිසදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධනය ගැන සිහින මවන ජනාධිපතිතුමා රටේ ආර්ථිකය උත්පාදනය කල හැකි යමක් තවම හිතලා තියනවද?. අහිංසක මහජනතාව අපහසුවෙන් උපයන මුදලට බදු අය කරලද උද්දමනය තනි අංකයක පවත්වා ගන්න හදන්නේ.(නදී)
ඒක ඇත්ත, මහ බැංකුවේ අයටත්, මුදල් අමාත්‍යංශයේ අයටත් නම් තවත් කාලයකට සුබවාදිව හිතන්න පුළුවන්.(නදී)
නිලධාරීන් සහ දේශපාලකයන් පගා ගැසිම, වංචාව , මැරකම නැවතුවොත් , රට දියුනුවේවි. සුභ අනාගතයක් ගැන සිහින මව මව හිටියට රට දියුණුවෙන්නේ නැහැ.(නදී)
අපිට සුබවාදීව හිතන්න තිබුනා අපේ දේශපාලකයෝ ටික ලංකාවේ නැති වුණා නම්....... (නි)
ඔහොම යමු... (නි)
අරුණ පටලවාගෙන. 8% එක 6.4% බැහැලා . ඉස්සර කාලේ කිවුවේ පොලි මුදලාලි කියලා. දැන් තමයි බැංකු කියන්නේ. (නි)
යුද්ධය ජය ගැනීම හැර , අනිත් හැමදේවල් ගැනම නම් මට සුබවාදීව හිතන්න බැහැ. (නි)
අපට යාන වාහන වුවමනා නැහැ. අඩුම ගානේ විලි වහගෙන, තුන්වේල කාලා ජීවත් වෙන්න සංවර්ධනය වුණහම ඇති (නි)
සුබවාදීව හොදට හිතන්න පුළුවන් දේශපාලකයින්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට.(නදී)
සහතික ඇත්ත
සරත්, මහත්තය පමණයි හරි කතාවක් කියලා තියෙන්නේ. මමත් පිටරට ඉන්න නිසා තමයි තේරෙන්නේ. ලංකාවේ දියුණුව පෙන්නේ. අපේ රටවල් වල නිකම් බෝනස් දෙන්නේ නැහැ. මුළු ලෝකෙම ආර්ථික ප්‍රශ්න තියෙනවා. හැම කර්මාන්තයක්ම පාඩුයි. අනික ඛනිජ තෙල්, ලංවිම පාඩු වෙලා තියෙන්නේ වැඩ කරන අය නිසා. බලන්නකෝ ගෙවන පඩි. අනික් එක නිවාඩු දවසකට එක වාහනයක් තියෙනවද කියලා බලන්න ඔෆිස් වල. ඕවා පාඩු වෙලා තියෙන්නේ වැඩ කරන මිනිස්සු නිසා. මම ඉන්න නවසීලන්තයේ කිරි කොච්චර ගණන්ද? කෑම කොච්චර ගණන්ද? ලංකාවේ තව හොදයි (නි)
අපේ දේශපාලුවෝ කට්ටියම අයින් කළොත් නම් රට දියුණු කර ගන්න පුළුවන් කියලා මට විශ්වාසයි. (නි)
ඔය සංගණනය කරලා තියන්නේ කුමන ජන කොට්ඨාශයකින්ද? (නි)
රටේ ජනතාව කියනව නම් හෝ හිතෙනවා නම් "ඔව්, අපි දැන් දියුණුයි... අපේ ජිවන තත්වය උසස් වෙලා.. " කියල.... ඔන්න අපි පිලිගන්න්නවා... එහෙම නැතුව එක එක බැංකු, සඟරා සහ පක්ෂපාතී මාධ්‍ය මගින් පෙන්නලා දෙන දේවල් විශ්වාස කල නොහැකි.(නදී)
රට දියුණුවේ රහස. මහජන ඉඩම් දේශපාලකයෝ ලියාගැනීම, පලිගැනීම මහජන මුදල් ගසා කෑම, දූෂණය, හොරකම ගස් බැදීම මෙජර්ලට ගැසීම පුරසාරම් දෙඩීම ,මිනිස්සුන්ගේ බඩට ගැසීම, පාසල් ළමුන්ගෙන් කප්පන් ගැනීම, මතට තිත සමග කැසිනෝ ගැහීම. එතනෝල් ගෙන්වීම.(නදී)
ඔය ඉන්න ඇමතිවරු ගණන අටකට විතර බස්සන්න කියලා මම යෝජනා කරමි. (නි)
සුමනා, ඔබතුමියගේ කතාව හරියටම හරි. අපේ ජනාධිපති තුමා සහ පිරිවර යුද්දේ ඉවරකරපු එක ගැන හැමදාම කියව කියවා අවනීතියට රජ වෙන්න ඉඩදෙන්න එපා. එහෙම වුනොත් මෙරට වැඩිකලක් නොගිහින්ම යුද්දේ තිබුනටත් වැඩිය අන්ත අසරණ තත්වයකට වැටෙනවා. දැන් රටේ වෙන දේවල් දිහා බැලුවම සුභවාදීව හිතන්න කිසිම හේතුවක් පෙන්නේ නැහැ. අපිට සුබවාදීව හිතන්න කියල පාලකයෝ කරන්න පුළුවන් ඉහලම හොර මැර කම් කරනවා. ඉතින් කොහොමද රටක් දියුණුවෙන්නේ.(නදී)
ඔහොම යමු. අපේ රටට ජාත්‍යන්තර විශ්වාසය තවත් ලැබේවි. (නි)
ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය සහිත රට. රටේ පාලකයා දවසකට රුපියල් කොටි 2 බැගින් පුද්ගලික වියදම් වලට වෙන් කර ගන්න රට. ඒ අතින් නම් ලෝකේ දියුණුම රට තමා.(නදී)
රට මොන තරම් සංවර්දනය කළත්, රටේ සංස්කෘතියට මොකද වෙලා තියෙන්නේ? ගැහැණිය රට. අපි මෙහේ දුක් විදිනවා. මේවාට ඉක්මනට පිලියමක් යොදන්න ඕනෑ. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. භාණ්ඩ මිල ඉහළ යන එකත් මේකේ පෙන්නුම් කරනවද? (නි)
ගං කබරයො විතරක් සංවර්ධනය වෙනවා.(නදී)
මම ඉන්නේ කඳුරට. යුද්ධය තිබුනේ උතුරට. බෝම්බ ආවේ කොළොඹට. මිනිස්සු මළේ අමුවට. පොළොවේ වැලලුවේ මළ සිරුරු. මිනිස්සු දිවුවේ පන බේරගන්න. යුද්ධය නිසා රට නොබෙදුවේ පෙර පිනට. ඒත් අද සමහරුන්ට ඒක සුලුදෙයක්ලු. ඉතින් කොහොමද රටක් හැදෙන්නේ? (නි)
මම දන්නේ නැති නිසා අහන්නේ. එතකොට 6.4 , 8ක් වුණ නිසාද මේ පාර බැංකු සේවකයින්ට බෝනස් නොදුන්නේ. (නි)
ඒත් මධ්‍යම පන්තිය ඉතා ඉක්මනින් දියවෙන රටවල් අතරේ ලංකාවත් ඉදිරියෙන්ම ඉන්නවා කියලා ලෝකේ වාර්තා පෙන්වනවා නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අපි නිතර පත්තර බලනවා. ඒවායේ කියන දේවල් දැක්කහම අපි කොහොමද සුබ පතන්නේ? (නි)
සි.ටී.බි.එක පාඩුයි, විදුලිබල මණ්ඩලේ, ඛනිජතෙල් සංස්ථාව පාඩුයි. ඇති නැති පරතරේ වැඩි වෙනවා, ගාමන්ට් වහනවා, තේ වතු පාඩුයි. අපේ ජිවන තත්ත්වය එන්න එන්නම ප්‍රපාතයට යනවා. මේවා ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න බුදු මහත්තයෝ. (නි)
උප්පැන්න /මරණ/විවාහ සහතිකය ලබාගන්න අසීමිත ලෙස බදු . යතුරු පැදි, ත්‍රී වීල් වලට අසීමිත බදු. විදුලි බිල්.... මේවා සියල්ල සාමාන්‍ය ජනතාවට . රටේ මහා පරිමාණ ව්‍යාපෘති සියල්ල සුදු අලි බවට පත්වෙලා. එහි බරද අපට දැරීමට සිදුවෙලා. ඉතින්??? (නි)
මම මෙහෙම කියනවට මට සමාවෙන්න. ඔබ යුද්දේ දිනපු එක ඇරෙන්න වෙන කිසිම දෙයක් කර නැති බැවි මම නම් කියන්නේ. (නදී)
උද්දිත ,සමුර්දි,ජනසවි වගේ මිනිස්සු කම්මැලි කරන චන්ද ගුණ්ඩු දීමනා නවසිලන්තෙත් තියනවද?. නිකන් කඩේ යන්න එපා. ඔය වැඩ කරන ඔය රටේ රාජ්‍ය ආයතන පාඩු නම් රජයේ වගකීම බාරගන්නවද නැද්ද.?(නදී)
දැන් අවශ්‍ය වන්නේ බුද්ධිමත් දිගුකාලීන සැලැස්මකට රට දියුණු කිරීමයි. (නි)
බෞතික මට්ටමින් රට දියුණු වුණත්, සංස්කෘතික අතින් වර්තමානයේ ගොඩක් පිරිහිලා. කාලයත් සමග වෙනස් විය යුතු නමුත් එයද සාධාරන පාඩමකින් සිදුවිය යුතුයි (නි)
දැන් තියන තත්ත්වය යටතේ රුපියල් 20000 කින් වත් වැටුප් වැඩි වීමක් වුණොත් ඉහත විවේචන වලින් රජයට ටිකක් බේරෙන්න පුලුවන්. (නි)
සර්ව අසුබවාදී පක්ෂ තියෙනතුරු කවදාවත් ලංකාව දියුණු කරන්න අමාරු වෙයි. එයාලට ඕනෑ හැමෝම දුප්පත්වෙලා එක සමානව ජීවත් වෙන්න. ලෝකයේ හැම රටකම බඩු මිල හැමදාම වැඩිවෙනවා. අපි ජීවත්වෙන ඇමෙරිකාවෙත් එහෙමයි. මෙහෙ සමහර මිනිස්සු ශීත කාලේදී කන්න නැතුව මැරෙනවා. ඉතින් ලංකාව වගේ පුංචි රටක් ගැන මොනවා කතා කරන්නද ? (නි)
නමුත් ගිය අවුරුද්දේ රාජ්‍ය ආයතන වල පාඩුව කෝටි 18500 කියලා වාර්තා වලා කියන්නේ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අනේ ඇයි කහ ත්‍රස්තවාදය නිහඩ. එස් එම එස්. වර්ගවාදී කතා කියන රැස්වීම් හැම තැනම. අපේ කඩවලින් බදු ගන්ට එපාලු. ඇයි අපිව යුද්දෙකට තල්ලු කරන්ට හදන්නේ මේ උදවිය. ඔබතුමා එකක් ඉවර කලා විතරයිනේ. ඔබතුමාට කියන තැනකට වදින්නම් මේ හිත රිදවීම් නතර කරවන්න.(නදී)
රට තුළ හැමතැනම ප්‍රශ්න. අපි ඉතින් මොනවා කරන්නද? (නි)
දැන් ලංකාව කොපමණ ලස්සනද? බඩු මිල කොයි රටෙත් ඉහල යනවා. අඩු කරන දෙයක් ගැන කියන්නේ නැහැනේ. අවරුදු 30ක ශාපය අවසන් කරපු එකම ඇති ජනාදිපති තුමාට දිගු ගමනකට ආසිරි !(නදී)
ඒ වුණාට ලංකාවේ ආර්ථිකය කඩා වැටිලා. තව ටික කාලයකින් පෙට්‍රල්, ගෑස්, විදුලිය නැවතත් ඉහළ යනවා සිකුරුයි. (නි)
10% ක් හොඳින් ජීවත් වෙන 1% වැජඹෙන අනිත් 89% නොමැරී ඉන්න අපමණ දුක් විඳින අපේ රට ගැන තව මොන කතාද?(නදී)
යොහාන්, මෝඩ ප්‍රශ්න අහන්න එපා. ලෝකයේ බඩු මිල අඩුවෙන රටක් කියන්න බලන්න? (නි)
මමත් පිලි ගන්නවා (දී)