IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සහ Huawei හවුල්කාරීත්වයක

රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වනHuawei සමග පසුගියදා හවුල්කාරීත්වයකට එළැඹියේය. රාජ්‍ය අංශයේ කාර්යයන් තව දුරටත් කාර්යක්ෂම කිරීම උදෙසා Intelligent writing, High Definition (HD) video conferencing සහ Wireless sharing සමඟ එන Huawei IdeaHub රාජ්‍ය අංශයට හඳුන්වා දීම සඳහා ඔවුහු මෙලෙස හවුල්කාරීත්වයකට එළඹුණහ.

වෙළඳ අමාත්‍ය (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා නව හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අද වනවිට ලෝකය පුරාම තාක්‍ෂණය අඛණ්ඩව වෙනස් වෙමින් පවතිනවා. අප අපගේ කාර්යාලවල, නිවෙස් තුළ වැඩ කටයුතු සිදු කරන ආකාරයේ සිට සියලු‍ දේ මෙම තාක්ෂණික වෙනස්වීම් වලට භාජන වී තිබෙනවා. විශේෂයෙන්ම සංචරණ සීමා හමුවේ රාජ්‍ය අංශයටද අන්තර්ජාල පහසුකම් යටතේ සිය රැස්වීම් පැවැත්වීම ආදී පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි නම් එය ඉතා වටිනවා. අප අපේක්ෂා කරනවා Huawei IdeaHub රාජ්‍ය අංශයේ එදිනෙදා ක්‍රියාවලියන් පහසුවෙන් හා ඉක්මනින් කරගෙන යාමට අත්වැලක් විය හැකියි.”‍

‘‘රටේ පවතින නව තත්ත්වය හේතුවෙන් කාර්යාල පරිසරය තුළ වේගයෙන් වෙනසට භාජන වන ස්ථානයක් තමයි සම්මන්ත්‍රණ සහ ඉදිරිපත් කිරීම් පවත්වන අවකාශය. ඒ නිසා රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය සමාගම්වල ද ඩිජිටල් තාක්‍ෂණික විසඳුම් තිබිය යුතු අතර ඒවා කාර්යාලයීය කාර්යයන් වේගවත් කරන ආකාරයට පරිවර්තනය කර ගත යුතුයි.”‍ මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවවේ සභාපති යෝගා පෙරේරා මහතා පැවැසීය.

සාමූහික හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් Huawei හි ප්‍රධාන විධායක නිලධාරී ලියැං යී මහතා මෙසේ පැවැසීය. ‘‘අපි ඉතා සතුටට පත් වෙනවා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව සමග එක්වHuawei IdeaHub රාජ්‍ය අංශය වෙත හඳුන්වා දීමට ලැබීම සම්බන්ධව. නවීන, සම්බන්ධිත කාර්යාලයක මෙම තාක්ෂණය මගින් කණ්ඩායමකට ඕනෑම තැනක සිට පහසුවෙන් සිය කාර්යයන්වල යෙදීම සඳහා අවස්ථාව හිමි වනවා”‍.

 



අදහස් (0)

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සහ Huawei හවුල්කාරීත්වයක

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බොහෝ පළාත්වලට අදත් තද වැසි
2025 ජනවාරි මස 19 9 0

උතුරු ,උතුරු - මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 22 දා
2025 ජනවාරි මස 19 47 0

රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් මෙම ජනවාරි 22 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


ඔට්ටු මධ්‍යස්ථානවලින් රුපියල් කෝටි 262 ක බදු පොල්ලක්
2025 ජනවාරි මස 19 60 0

සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් ගෙවා නො


රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු සියල්ල විවෘත කරයි
2025 ජනවාරි මස 18 261 0

වර්ෂා පතනයේ වැඩිවීමත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු සියල්ල අද (18) පස්වරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශ


ඌවපරනගම මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
2025 ජනවාරි මස 18 183 0

පවතින අධික වර්ෂාවත් සමඟ ඌවපරනගම අඹගස්දොව රේන්දපොල මාර්ගයේ මාගා ගල්වල අසලදී අද (18) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව


ටි 56 ක් ලක්ෂ දෙකකට විකුණන්න ගිය වෙළදසැල් හිමි අල්ලයි
2025 ජනවාරි මස 18 597 0

වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ සමග අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී රුපියල්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 354 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 592 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site