
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, වැලිකඩ ප්‍රදේශයේ ඉදිකරන නවතම Mobitel ප්‍රධාන කාර්යාලයට ඔක්තෝබර් 21 දා මුල්ගල තැබී ය. නවීනතම තාක්ෂණයෙන් සමන්විතව ඉදිවන මෙම ගොඩනැගිල්ල SLT-MOBITELහි ප්‍රථම ‘හරිත ගොඩනැගිල්ල’ බවට පත්වනු ඇතැයි එම සමාගම කියයි.
මෙම ගොඩනැගිල්ල නිම කිරීමෙන් පසු නගරයේ විසිරී ඇති සියලු මොබිටෙල් මෙහෙයුම් කාර්යාල එකම වහලක් යටතට ගෙන එනු ලබන අතර එමඟින් සැලකිය යුතු මුල්‍යමය ප්‍රතිලාභ හිමි වනු ඇත. තවද, ගොඩනැගිල්ලේ එක් මහලක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා මෙන්ම තාක්‍ෂණික නවෝත්පාදන උදෙසා වෙන් කරනු ලබයි.
මෙම මුල්ගල තැබීමේ අවස්ථාවට SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, Mobitel ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්නෑන්ඩස්ල SLT ප්‍රධාන පරිපාලන නිලධාරී සමන් අබේසේකර සහ Mobitel ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් යන මහත්වරුන් ඇතුළුව SLT- MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ.

2025 දෙසැම්බර් මස 18
106
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොබිටෙල් නව ප්‍රධාන කාර්යාලයේ ඉදිකිරීම් අරඹයි