ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් දැඩි තරගකාරී ස්වභාවය හමුවේ සිය ආදායම් වැඩි කරගනිමින් අඛණ්ඩ වර්ධනයක් පවත්වා ගැනීමට සමත්ව සිටියි. 2012 පළමු මාස නවයේදී මොබිටෙල් ආයතනය පෙර වසරට සාපේක්ෂව සිය ආදායම රුපියල් කෝටි 1820 දක්වා 14%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්, මොබිටෙල් ග්‍රාහක පිරිස මෙන්ම මොබිටෙල් පිලිබද පාරිභෝගික අත්දැකීම් ඉහළයාම මෙම ආදායමේ වර්ධනයට හේතුවන බවත් එහි ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා පවසයි. අභියෝග සහිත වටපිටාවක වුවද පොළී ගෙවුම්, බදු ගෙවුම්, අවප්‍රමාණය වීම්, හිලව් කිරීම් ආදියට පෙර ආදායම සහ පොළී ගෙවුම්, බදු ගෙවුම්, ආදියට පෙර ආදායම ආදී ලාභ පෙන්නුම් කෙරෙන දර්ශක පිළිවෙළින් 20% සහ 30% කින් ඉහළ ගොස් ඇතැයි ඔහු කියයි. ලලිත් ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘2012 ප්‍රථම කාර්තු තුනේ අපගේ ප්‍රගතිය ඉතාම සුවිශේෂියි. අසමසම වර්ධනයකට අවශ්‍ය කෙරෙන වටපිටාව සකස් කරගෙන තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ නියමුවා ලෙස ක්‍රියාකරමින් මෙම වසරේ අපි අපගේ කාර්යයන් සිදුකරන ආකාරය වගේම අපි අප තුළ යම් වෙනසක් ඇතිකර ගැනීමටත් අවධානය යොමු කළා. ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා දකිමින් අපි නව උපාය මාර්ග, ප්‍රතිපත්ති, කි්‍රයා , තාක්ෂණය මෙන්ම නව අදහස්ද මොබිටෙල් ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් උත්ප්‍රේරක සපයා දුන්නා. ඒ අනුව මොබිටෙල් ආයතනය තවත් ඉදිරියට ගෙන යන්නයි අපි අපේක්ෂා කළේ. ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පරිවර්තනය කිරීමේ අපේක්ෂාව ඇතිව රජය ළගාකරගැනීමට අපේක්ෂා කරන වේගවත් සංවර්ධන ඉලක්ක යථාර්ථයක් බවට පත්කරගන්නට සහය පළ කරමින් › ලංකාවේ තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරළියකට මුලපිරීමට ජාතික ජංගම දුරකථන ජාලය ලෙසින් මොබිටෙල් ආයතනයට භාරදූර වගකීමක් පැවරී තිඛෙනවා.‘
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාරිභෝගික සේවාවනම් හරි නෑ (ස)
කවුරු මොනවා කියුවත් කරලම බලන්න ඕනේ (දී)
ඒ ගැන නම් කතාකරන්න ඕනේ නැහැ (දී)
අනේ මන්දා... (නි)
අපේ පැත්තට 3ජී නැති බව මම කිපවිටක්ම දැනුම් දුන්නා. ඒත් තවම වැඩක් වුණේ නැහැ. (නි)
කොස්පැළවින්න දුම්රිය ස්ථානය අවට සහ ගොළුවාවිල, රත්නපුර ෆාම් ගාර්ඩන් අවට පැති වලට සිග්නල් වල මදකමක් තිබෙනවා. (නි)
රාජ්‍ය සේවකයින්ට විතරක් සළකන එක නම් වැරදියි හොදේ. (නි)
ජයවේවා, මොබිටෙල් (දී)
සන්තෝසයි
කතාකරන්න එපා. (දී)
සුබපැතුම් මොබිටෙල් (දී)
සල්ලි නම් හොයනව එයල හබැයි වේගවත්බව නම් ගන්න දෙයක් නහැ. (ස)
ඇත්තටම මේකනම් නියමයි (ස)
ඇත්තටම මේක නම් නියමයි (ස)
මේ අයගේ ගැන එතරම් පැහැදීමක් නැහැ..!(නු)
ලංකාවේ තවමත් අන්තර්ජාල පහසුකම් නැතුව දුක්විදින පිරිසක් ඉන්නවා. අපේ පැත්තේ මොබිටෙල් කුළුනක් තිබුණත් කෝල් එකක් ගන්න ගෙදරින් පිටට ඒම අත්‍යාවශ්‍යයි..(ස)
ඇත්තම කිවුවොත් බිල්පත් ගැන නම් අපිට කිසිම විශ්වාසයක් නැහැ. (නි)
බොබිටෙල් සුභපැතුම් (දී)
මොබිටෙල් නියමයි (දී)
ලංකාවේ අපිට නම් .................... (ස)
අධිවේගී ඉන්ටෙර්නේට් නම් ඉතින් එටිසලාට්ම තමයි . ලංකාවේ ඕනෑම තැනකට 2ජී වැඩිම ආවරණයක් 3ජී වලට ඇත්තේ එටිසලාට්ටම තමයි. (නි)
මොබිටෙල් අභියෝග මැදින් පාරිභෝගිකයින් ඉදිරියට... (නි)
අනෙක අනුරාධපුර මහ රෝහලේ කාර්යාලයෙන් එලියට ඩොන්ගල් එක දාල තියෙන්නේ සිග්නල් නැති නිසා ඔනැනම් ගිහින් බලන්න. රෝගීන් ලියාපදිංචි කරන තැන. නගරයේ ඇතුලෙම තියෙන රෝහලටත් සිග්නල් නැත්නම් මේ අයගේ සේවේ පේනවානේ
මම ඉන්නනේ අනුරාධපුර පූජා නගරෙ කිට්ටුව සිග්නල් නැහැ. පොන් එක අරගෙන සිග්නල් අලවල තමයි කථා කරන්නේ . මගදි විසන්ධිවෙනවා. දැන් දිගටම උපහාර ඉන්ටර්නෙට් දෙනවා ඊටපස්සේ කට්ටිය වැඩි උනාම භාවිතා කරන්න බැරිවම යාවි. නිකන් සල්ලි ගෙවනවා. කවුරුත් මේවා හොයන කෙනෙක් නැද්ද රටේ.මේ අයගේ ධාරිතාව අනුව සම්බන්ධතා සීමා කරන ක්‍රමයක් හදන්න(ස)
කතා කරන්න එපා ගැනනම් (දී)
අපි ඉන්න සෙවනගල පැත්තට 3ජී නැහැ. (නි)
මා සිටිනා කොළඹ මීගොඩ (පරණ පාර) ප්‍රදේශයේ 3ජී නොමැති බවත් දැනට 2ජී ඇති අතර අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැති බවත් මීට වසර 2 ට(දෙකකට)ප්‍රථම සිට දැනුම් දී ඇතත් එය මේ වනතුරු ඉටුකරගැනීමට හැකියාවක් වී නැත. (නි)
හොදයි
4ජී කවදාද දෙන්නේ? (නි)
ලංකාවේ තවමත් අන්තර්ජාල පහසුකම් නැතුව දුක්විදින පිරිසක් ඉන්නවා. අපේ පැත්තේ මොබිටෙල් කුළුනක් තිබුණත් කෝල් එකක් ගන්න ගෙදරින් පිටට ඒම අත්‍යාවශ්‍යයි. (නි)
අමිල, ඇත්තටම ඔයා ඔහොම කියන්නේ නැතුව ඔයාගේ ප්‍රශ්නය අරන් යන්න මොබිටෙල් ආයතනයට. (නි)