ශ්රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ අපනයනයට හා ලංකාවේ ආයෝජනයට ඉඩකඩ සොයා බැලීමට ඉන්දියා ව්‍යාපාරිකයින් 17 දෙනෙකු ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකාව බලා පිටත්වන බව මුම්බායි කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය ලංකාදීප එසැණට පැවසීය.
ඉන්දියා වාණිජ අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා වාණිජ කටයුතු අමාත්‍යාංශයත් එක්ව පැමිණෙන ව්‍යාපාරිකයින් සදහා වැඩමුළුවක් පැවැත්වීමටද නියමිතය.
මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියා මාධ්‍ය අමතා පසුගියදා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා ඉක්මනින් ඉන්දියාවේ සංචාරයක් සදහා පැමිණෙනු ඇතැයි තම රජය අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකාව සමග සිදුකරන ආයෝජන කටයුතු තව තවත් ශක්තිමත් කිරීමට ද තම රජය අපේක්ෂා කරන බව මෝදි මහතා එහිදී පැවසීය.
COMMENTS
ඒ උනාට අපට බුද්දාගම ලැබුනෙත් ඉන්දියාවෙන් (නදී)
අශෝක ජේ.වී.පි. එක විරුද්ධ වුනේ ඉන්දියන් හමුදාව අපේ රට ආක්‍රමණය කළ නිසයි. නොදන්නා දේ නොලියන්න. (බ)
අශෝක ජේ.වී.පි. එක විරුද්ධ වුනේ ඉන්දියන් හමුදාව අපේ රට ආක්ක්‍රමනය කළ නිසයි. නොදන්නා දේ නොලියන්න. (අ)
ලෝකයේ මොන රටක අයට දුන්නත් කමක්නැහැ, මෙයාලට නැතුව (නි)
ඉන්දියාව සමඟ හොඳ හිත තබාගන්න එක ලංකාවට ඉතා වැදගත්. කවුරුත් හිතුවේ නැති වුණත් ලංකාවේ හැම දෙනෙක්ම නොදැනුවත්වම අනුගමනය කරන්නේ ඉන්දියානු අභාෂය හැර අන් කිසිවක් නොවෙයි. මම ළඟදී විවාහ උත්සවයක් දැක්කා. ගිනිමැලය වටේ ඇවිදීම හැර අන් සියලු දෙයක්ම වුණේ ඉන්දියානු විදියට. හැබැයි ඒ අය ඉන්දියාවට බැන බැන තමයි ඉන්නේ. (නි)
බටහිර ආරයට සිතන අය නම් කියාවි එහෙම එන එක හොඳයි කියලා. නීතිගත කළත් පුදුමවෙන්න දෙයක් නැහැ. මේක නම් වෙන්න දෙන්න එපා. (නි)
ඇයි ඉන්දියානුවන් එක්ක පාලමක් හදන්නත් ගියා නේද කාලයක්? (නි)
කවුරුන් කෙසේ පැවසුවත් දේශීය ව්‍යාපාරිකයා, විශේෂයෙන් සිංහල ව්‍යාපාරිකයා රැකේවා! (නි)
අයියෝ මේගොල්ලන් මොනවා කියනවද දන්නේ නැහැ. අපේ කොම්පැනි අපි දාල තියෙනවා ඉන්දියාවේ. ඒ වගේම ඒගොල්ලන් අපේ රටේ කොම්පැනි දාන එක අපිට හොඳයි. වැඩි වැඩියෙන් රැකි රක්ෂා. මොන දේ උනත් ජනාදිපතිතුමා ගේ අතේ තමයි තියෙන්නේ අපේ රටේ ආරක්ෂාව. එතුමා එ්ක හරියට ඉටු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා (නදී)
චිනු විතරද හොඳ ..(අ)
පටන්ගන්නේ එක්ස්පෝර්ට් වලින්. කරන්නේ ඉම්පෝර්ට්. ඒක තමයි ඉන්දියන්කාරයන්ගේ ස්වභාවය. (නි)
ප්‍රවේශම්වන්න (නි)
ඉන්දියාවේ මිනිස්සුත් එක්ක කිසිම වෙළඳ ගනුවක් කරනු එපා. ඒ අයට වඩා සුද්දෝ හොඳයි. ඉන්දියානුවෝ ජරාම කපටි ජාතියක්. (නදී)
ඉන්දියාවෙන් ලංකාවට ආයෝජකයෝ අවශ්‍ය නැහැ. මොකද ඔවුන්ගේ ආයතන කීපයක් දැනටත් ලංකාවේ තිබෙනවා. ඒවායේ පරසර දුෂණය ඉතා ඉහළයි. (නි)
අපේ අලුත් ජනාධිපති තුමාගේ යහ පාලනය ගෙන විශ්වාසය තබා එන ඕනෑම ව්‍යාපාරක් පිළිගන්න එක අපේ වගකීම. ඔවුන් අවංකද නැද්ද කියන එක පසුව බලමු. ලංකාවට ඉන්දියාව තරහ කරගෙන දියුණු වෙන්න බෑ. කොහොමත් මහින්දට වැඩ මෛත්‍රී හොඳ බව ලෝකය පිලිගන්නවා.
ඉන්දියාව කියන්නේ ලෝකේ තියන කුහකම රටක්.අතීතය ගත්තත් ඉන්දියාව අපිට හොඳක් කරලා නැහැ.මේ දේවල් නොවෙන්න ජනතාව පෙළ ගැසීමට කාලය ඇවිත් තිබේ. (ස)
ඉන්දියාව කියන්නේ ලෝකේ තියන කුහකම රටක්. අතීතය ගත්තත් ඉන්දියාව අපිට හොදක් කරලා නැහැ. මේ දේවල් නොවෙන්න ජනතාව පෙළ ගැසීමට කාලය ඇවිත් තිබේ.(නදී)
චීනුන්ට මෙහෙ පදිංචිවෙන්න බැහැ හොරෙන්. බාහිර පෙනුම වෙනස්. ඉන්දියන් අයගෙයි අපෙයි බාහිර පෙනුම බොහෝදුරට සමානයි. විශේෂයෙන් දකුණු ඉන්දියානුවන්ගේ. (නි)
දැන් මොකක්ද වෙන්න යන්නේ.(හේ)
ලෝකයේ ඕනෑම රටකට හුදකලාවේ ගමනක් යන්ට බැහැ. අනිත් රටවල් සමග අනිවාර්යයෙන්ම අපි ගනු දෙනු කළ යුතුයි. කලයුත්තේ කොහොමද කියන තෝරා බේරා ගැනීමේ තීරණය රජය සතුයි. (නදී)
මෙමගින් ලංකාව ගැන තියෙන විශ්වාසය වැඩි වෙනවා.(හේ)
ලෝකයේ ඕනෑම රටකට හුදකලාව ගමනක් යන්න බැහැ. අනෙක් රටවල් සමඟ අනිවාර්යයෙන්ම අපි ගනුදෙනු කළයුතුයි. කළයුත්තේ කොහොමද කියන එක තෝරාබේරා ගැනීමේ තීරණය රජය සතුයි. (නි)
දැන් අපේ රටට ආර්ථික වාසී ලැබෙන්න වගේ.(හේ)
බලාගෙන ජේ.වී.පී එක විරුද්ද වෙයි. ජේ.වී.පී එක මොනවා කියයිද දන්නේ නැහැ (නදී)
කරුණාකර මේක වෙන්න නම් ඉඩදෙන්න එපා .ඉඩදුන්නොත් වෙන්නේ ජනතාවට පෙනෙන්න සුලු කාලයක් සුළු සුළු දේ කරයි.නමුත් ඉන්පසුවට වෙනදේට මට නම් කියන්න තිබෙන්නේ මෙවැනි අදහසක්. ඉන්දියානුකාරයෝ හරිම කපටි අවස්ථාවාදීන්. යහපාලනයක් කරන්නේ කොහොමද ඔය වගේ රටක මිනිසුන් සමඟ? ඉන්දියාව වගේ රටක් බලන්නේ අපේ ඔය ලස්සන මව්බිම ඔවුන් යටතේ තබාගන්න. පිටරට ඉන්න ඉන්දියන් ජාතිය අපේ රට හරියට පහත්කරලා කතාකරන්නේ. (නි)
දැන් බලන්න අපේ පාරවල් වල තියෙන්නේ මොනවද කියලා. දැන් ළඟදීම සිංහල හඬකවපු ටෙලි නාට්‍යත් නැවත පටන්ගනියි. එතකොට ඉන්දියන් දේවල් අපේ සංස්කෘතියට හෙමිහිට ඇතුළත් වෙනවා. කාට කියන්නද? ඕනෑ කියලා ඔයගොල්ලොමනේ මේවා දාගත්තේ. පුළුවන් නම් එහෙම වෙන්න දෙන්නේ නැතුව නවතාගන්න බලන්න (නි)
අනේ නිලන්ත,තමුන්ගේ ලෝකය පිළිබඳ පළමුව දැනගන්න (නි)
අපිට ඉන්දියාව තරහා කරගෙන බැහැ (නි)
තව තවත් වැඩි වැඩියෙන් අපි එයාලව ගෙන්වමු (නි)
ඉන්දියානු ව්‍යාපාරිකයන් එන්නේ හොඳකට නොවන බව මගේ විශ්වාසයයි. ඔවුන් ලංකාවටත් ලංකාවේ ආර්ථිකය යහපත් වෙනවාටත් කැමති නැහැ. පරිස්සමෙන් කලයුතු දෙයක් මේක. චීන්නුන්ට වඩා ඉන්දියානුවෝ හුඟක් වෙනස්. විශේෂයෙන් දකුණු ඉන්දියානුවෝ. (අ)
මම එක දෙයක් අහන්නද හැම දෙනාගෙන්ම? ඇයි ඉන්දියාව මේ හදිසියේම එන්න තීරණය කරලා තියෙන්නේ? තවම අලුත් ආණ්ඩුව පත්වීම් ලැබුවා පමණයිනේ. ඇයි හදිස්සි මෙතරම්? හිතන්න ගොඩක් දේ තිබෙනවා. හොඳක් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙන බව පෙනෙනවා (නි)
මට එක දෙයක් අහන්නද හැම දෙනාගෙන්ම. ඇයි ඉන්දියාව මේ හදිස්සියේම එන්න තීරණය කරල තියෙන්නේ. තාම අලුත් ආණ්ඩුව පත්වීම් ලැබුවා පමණයි. ඇයි මේ හදිස්සි මෙතරම්. හිතන්න ගොඩක් දේ තියෙනවා. හොඳක් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙන බව පේනවා (නදී)
අපිට එයාලගේ බඩු එවුවට අපේ බඩු එහෙට ගන්නෙ නැහැ. ඒක අපේ රටට විතරක් කරන දෙයක් නෙවෙයි. ඒක ඉන්දියාවේ වෙළද ප්‍රතිපත්තිය. එනිසා රැවටෙන්නනන් එපා. (අ)
මේක නම් වෙන්න දෙන්න එපා කියලයි මම නම් කියන්නේ. ඉන්දියානුවෝ මුලදී එන්නේ උදවු කරන විදියට. ලංකාවෙන් අපනයනයට එනවා කියන එක මට නම් විශ්වාස නැහැ. අපනයනය කරන්න උවමනාව තියෙන්නේ ලංකාවේ අපිට මිසක් ඉන්දියානුවන්ට නෙමෙයි. හරිම තද ආත්ම විශ්වාසයක් තිබෙනවා ඔවුන්ට. (නි)
මේක නම් වෙන්න දෙන්න එපා. කපටි ඉන්දියානුවෝ මුලදී එන්නේ උදව් කරන විදියට. ලංකාවෙන් අපනයනයට එනව කියන එක විශ්වාස කරන්න එපා. අපනයනය කරන්න වුවමනාව තියෙන්නේ ලංකාවේ අපිට මිසක් ඉන්දියානුවන්ට නෙමෙයි. හරි කපටි ජාතියක්. බාහිර පෙනුමෙන් අපට සමාන නිසා මෙහෙ පැලපදියන් වෙනවා. කිසි බයක් සැකක් නැතුව හැසිරෙන කොට කවුරුවත් සැක කරන්නේ නැහැ ඉන්දියානුවෝ කියල. ඒ වගේ වැඩ වලට හරිම තද ආත්ම විශ්වාසයක් තියනවා ඔවුන්ට. (නදී)
මේක නම් වෙන්න දෙන්න එපා කියලයි මම නම් කියන්නේ. ඉන්දියානුවෝ මුලදී එන්නේ උදවු කරන විදියට. (නි)
සුබ පැතුම්! (නි)
මේක නම් වෙන්න දෙන්න එපා කියලයි මමත් කියන්නේ. (නි)
මෙච්චර කාලෙකට ලංකාවේ භාණ්ඩ ඉන්දියාවෙන් ගත්තේ නෑ.. ලංකාව තමයි ඉන්දියාව පෝෂණය කර කර ඉන්දියන් බඩු ගත්තේ.. ලංකාවේ තේ කර්මාන්තෙටත් ලොකු හානියක් කළා ඉන්දියාව බාල තේ යවල... ඉතින් මෙච්චර කාලයක් ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරපු එකේ අපි ඉන්දියාවට එක්ස්පෝර්ට් කරන එකේ වැරැද්ද මොකක්ද ?? මේ ගැන වෘත්තීය මට්ටමෙන් දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න කාරුණික වන්න...(බ)
අයියෝ ඔය ඉන්දියානු කාරයෝ කවදාවත් ලංකාව හැදෙනවට අකමැති කුහක ජාතියක්. අතේ දුරින් තියා නොගත්තොත් උන්ගේ පවුල් පිටින් මෙහෙට ගොඩබාලා ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කරාවි (නදී)
අයියෝ ඔය ඉන්දියානු කාරයෝ කවදාවත් ලංකාව හැදෙනවට අකමැති කුහක ජාතියක්. අතේ දුරින් තියා නොගත්තොත් උන්ගේ පවුල් පිටින් මෙහෙට ගොඩබාලා ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කරාවි (නදී)
මට තියෙන ප්‍රශ්නෙ අපි මොනවද නිශ්පාදනය කරන්නෙ ඉන්දියාවට යවන්න තරම්? (නදී)
ඒ වුණාට අපිට බුද්ධාගම ලැබුනෙත් ඉන්දියාවෙන්නේ (නි)