IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


‘‘පසුගිය වසරට වඩා ආර්ථිකයේ වර්ධනයක්‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වී තිබෙන ගෝලීය තත්ත්වය ශ්‍රී ලංකාවට අහිතකර බලපෑම් එල්ල කළත් මේ වසරේදී මෙරට ආර්ථික වර්ධනය පසුගිය වසරට වඩා හොඳවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (5) ප්‍රකාශ කළේය.

මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.5ත් 4ත් අතර අගයකින් වර්ධනය වනු ඇතැයි ද හෙතෙම පැවැසීය.

මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කරුණු සඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මෙසේ ද කීය.

     ‘‘ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය දැනට තිබෙන ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කළා. අපි ප්‍රතිපත්ති පොළී අනුපාත පදනම් අංක 50කින් අඩු කළ අතර අපි අඩු කළ අගයේම පවත්වාගෙන යනවා. අපි ජනවාරි මාසයේදී ප්‍රතිපත්ති පොළී අනුපාත අඩු කළා. එම අඩුවීමේ වාසිය කිසිදු ප්‍රමාදයකින් තොරව ණයගන්නන්ට ලබාදෙන්නැයි අපි වාණිජ බැංකුවලට අවධාරණය කරනවා.

විශේෂයෙන් කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ඇතිවන ගෝලීය තත්ත්ව නිසා සිදුවන බලපෑම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා දේශීය මූල්‍ය වෙළෙඳපොළවල ද්‍රවශීලතාව පවත්වාගෙන යන බව අපි වෙළෙඳපොළවලට සහතික වෙනවා.

ලොව ප්‍රධාන පෙළේ ආර්ථික සහ ප්‍රතිපත්ති සම්පාදකයන් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි සහ ඒවාට දක්වන ප්‍රතිචාර මොනවාදැයි අපි සමීපව නිරීක්ෂණය කරනවා.

ලොව ප්‍රධාන පෙළේ ආර්ථික රැසක් මේ වනවිට ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරනවා. ගෝලීය ආර්ථිකය දැනට පවතින දුර්වල තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්වන බවට සංඥා පෙන්වන තුරු දැනට ගෙන ඇති ලිහිල් ක්‍රියාමාර්ග ඉදිරියටත් පවතීවි.

ගෝලීයව දැනට ඇති වී තිබෙන තත්ත්වය ශ්‍රී ලංකාවටත් අහිතකර බලපෑම් එල්ල කරාවි.

පසුගිය වසරට වඩා මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා හොඳින් ක්‍රියාත්මක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ වසරේදී ආර්ථිකය සියයට 3.5ත් 4ත් අතර වේගයකින් වර්ධනය වනු ඇතැයි ද අපි අපේක්ෂා කරනවා.

මහ මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙනවා. මැයි මාසයේදී නව පාර්ලිමේන්තුව කැඳවීමත් අයවැය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් ඉහළ යනු ඇතැයි ද අපි අපේක්ෂා කරනවා.

පසුගිය කාලයේදී උද්ධමනය ඉහළ යෑම සම්බන්ධයෙන් අදහස් දැක්විය යුතුයි. මතුපිට උද්ධමනය අපි අපේක්ෂා කළ අගයට වඩා ඉහළ අගයක් ගත්තා. ආහාර උද්ධමනය ඉහළ යෑම ඊට ප්‍රධාන වශයෙන් හේතුවුණා. ආහාර මිල ගණන් පහත යෑම ආරම්භ වී තිබෙනවා. ඒ නිසා කෙටි කාලයකින් උද්ධමනය සියයට 4ත් 6ත් අතර ඉලක්ක ගත අගයට පැමිණ ස්ථාවර වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

පසුගිය කාලයේදී විනිමය අනුපාත ද ස්ථාවර වී තිබෙනවා’’.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න, සහකාර අධිපති අශෝක හඳගම, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය සී. අමරසේකර ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

 



අදහස් (6)

‘‘පසුගිය වසරට වඩා ආර්ථිකයේ වර්ධනයක්‘‘

Kumar Saturday, 07 March 2020 03:00 AM

ලංකාවේ තිබෙන්නේ අමුතු ආර්ථිකයක් වෙන්න ඇති. එසේ නැතිනම් ලංකාව කොරෝනා වෛරසය මර්ධනයට අවශ්‍ය දේ නිපදවන රටක් වෙන්න ඇති. ඇමෙරිකාවේ කොටස් වෙළදපළ 29,000 සිට 25,000 වැටිලා තිබෙන්නේ. එයට හේතුව සංචාරක කියා වැනි දේ ඇණහිටීම. ලංකාවේ මහබැංකු අධිපති ඉන්නේ පෘතුවියේද?

:       0       20

nishaSaturday, 07 March 2020 05:07 AM

එතුමා එම පුර්වෝකථනය කරලා තියෙන්නේ කොරෝනා ප්‍රශ්නේ තව මාසෙකින් ඉවර වේවි කියන නිගමනය මතයි.

:       37       3

Chathuri Saturday, 07 March 2020 02:27 PM

මොකට කොණ්ඩේ ඉදුනද දන්නේ නැහැ. වයසේ වැරැද්දද ? දියුණු රටවල්ම කියනවා අතිරික්තය බලන් ඉද්දි කඩන වැටෙනවා කියලා. මෙයාට විතරක් මේ කාලසීමාවේ ලොකු වෙනසක් සිදුවෙලා. ලොක්කන්ට බයේ බොරු කියල බැහැ. සුමනදාසගේ ගෝලයෙක්ද ?

:       2       33

කසුන් Tuesday, 10 March 2020 07:26 AM

රෙදි ඇද ගෙන කඩේ යාම.............

:       0       12

rana Wednesday, 11 March 2020 11:18 AM

මෙයාට අන්දලා.

:       0       8

karina Sunday, 15 March 2020 09:14 AM

මෙයාට කොරෝනා ආසාදනය වෙලා වගෙයි..

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 57 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 43 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 20 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 44 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 502 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site