IMG-LOGO

2024 ජුනි මස 22 වන සෙනසුරාදා


පොලී අනුපාතය පහළ දාන්නලු

ණය සදහා වන පොළි අනුපාතික පහත හෙළන්නැයි ශී‍්‍ර ලංකා මහ බැංකුව දිවයිනේ කි‍්‍රයාත්මක අනෙක් බැංකු වලට උපදෙස් නිකුත් කිරීමට සැරසේ.

මහ බැංකුවේ අදහස වී ඇත්තේ තැන්පතු වලට ලබාදුන් පොළි අනුපාතිකයන් මේ වන විට පහත හෙළා ඇති හෙයින් ඒ හා අනුරූපව ණය වලට අය කෙරෙන මුදල් ප‍්‍රමාණය තීරණය කෙරෙන පොළී අනුපාතිකයන්ද පහත හෙළිය යුතුව ඇති බවයි.

නමුත් තවමත් මෙවැන්නක් සිදුවී නොමැති නිසා ව්‍යවසායකයින් ණය මුදල් සපයා ගැනීමට මූල්‍ය ආධාර එකතු කර ගැනීමේ ව්‍යාපාර,විදේශයන්හි සිට ලබා ගැනෙන මුදල් ආධාර වැනි රටේ ආර්ථිකයට සවියක් නොවන කි‍්‍රයාකාරකම් වලට යොමුවී ඇතැයි මහ බැංකුව කියයි.

මෙනිසා ව්‍යවසායකයින් වෙනුවෙන් අඩු පොළී ණය ලබා දීමේ වැඩපිළිවෙලක් ඇතිකළ යුතුව ඇතැයි මහ බැංකුව පවසයි.

පෙර මෙය අවදානම් යැයි සැළකිය හැකි වුවත් දැන් රටේ පවතින වාතාවරණය හමුවේ එවැනි අවදානමක් නොමැති බවත් මහ බැංකුව කියයි.



අදහස් (0)

පොලී අනුපාතය පහළ දාන්නලු

සාන්ත Tuesday, 24 June 2014 05:34 PM

ණයපත් පොලියත් අඩු කල යුතුයි (අ)

:       0       1

ලුම්බිණි Friday, 20 June 2014 10:02 AM

මීට වඩා නරකද මහා බැංකුව හැම මසකම පොලිසි අනුපාතය ප්‍රසිද්ධ කලාම. එතකොට වෙළඳ බැංකු ඒ අනුව ඒ අයගේ පොලි අනුපාත වෙනස් කර ගනීවි. වෙන රටවල කරන්නේ එහෙම නේද? (ස)

:       0       0

වසන්ති Tuesday, 24 June 2014 06:57 PM

මම ගත්තු නයකට පොලිය 17% ගෙවනවා. හරිම අසාදාරණයි. වහාම දැනට ගත් නයවලත් පොලිය අඩු කරන්ඩ. (අ)

:       0       0

මොහොමඩ් අසාර් Sunday, 22 June 2014 02:25 PM

ව්‍යාපාරිකයො‌ ටික ණය වෙලා කඩා වැටුනට පස්සෙ නැවත ණය දීලා කරන්නෙ පරන නය එකතු කරන්න අලුතින් ණය දෙනවට වඩා මුලින්ම අඩු පො‌ලියට නය දුන්නා නම් ඉවරයි නෙ.(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 23 June 2014 10:51 AM

වානිජ බැංකුවල ණය පොලී අනුපාත අඩු කල විට ඉබේටම තැන්පතු පොලී අනුපාතය අඩු කල යුතු වෙනවා මොකද බැංකුවල ණය පොලී අනුපාත හා තැන්පතු පොලී අනුපාතය අතරත් පවත්වා ගත යුතු අනුපාතයක් තියනවා මොකද බැංකු පාඩුවට දුවන්න බැහැනේ (නදී)

:       0       0

නික්සන් Saturday, 21 June 2014 01:17 PM

එක හොඳයි එතකොට දුප්පත් මිනිසුන්ටත් වැඩක් කරගත හැකිනේ .නැත්නම් ලැබෙන මාසික වේතනය වරිකයගේවන්නත් මදිනේ. (අ)

:       0       1

ප්‍රගීත් Saturday, 21 June 2014 01:58 PM

ණය වලට නම් පොලි අනුපාතය අඩු කළ යුතුයි (අ)

:       0       0

සමන් Thursday, 19 June 2014 12:57 PM

බැංකුවකින් ණයක් ගන්න බයයි දැන් (දී)

:       0       0

කරූ Friday, 20 June 2014 11:50 AM

ලංකාවේ පොලී අපිට ගෙවන්න අපහසු වෙලා තියෙන්නේ දැන් පොලිය අඩු කරනවා නම් ගොඩක් වටිනවා. මමත් ලුම්බිනිගේ අදහසට ගරු කරනවා (නදී)

:       0       0

සේන Monday, 23 June 2014 12:01 PM

ලුම්බිණි කියන දේම තමා මටත් කියන්න තියෙන්නේ (නදී)

:       0       0

හරිස්චන්ද්‍ර Sunday, 22 June 2014 02:27 AM

සරත් මහතාගේ අදහස හරියටම හරි. (නදී)

:       0       0

ස්ටැන්ලි Tuesday, 24 June 2014 01:57 PM

තැන්පතු පොලී අනුපාත අඩුකිරීම නිසා ජනතාව තැන්පතු සදහා පෙලඹෙන්නේ නැහැ. වයසට ගිය අයට තම තැන්පතු මගින් ලැබෙන ආදායම මේ නිසා අඩු වෙනවා. ඒ ගැනත් හිතුවොත් හොඳයි. (ස)

:       0       0

සුදම් Friday, 20 June 2014 01:00 PM

රුපියල් කොටි 10ට වඩා සල්ලි හෝ ස්ථිර වත්කම් ඇති අය හනික ප්‍රවේසමෙන් ඉන්න. ලඟදි නොයෙකුත් බලපෑම් එල්ල වේවි. (ස)

:       0       0

චින්තක Thursday, 19 June 2014 01:36 PM

දැන් මේ පොලීසි අඩු කරන්න කියල මේකේ නැහැනේ (නදී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Saturday, 28 June 2014 08:38 AM

තැන්පතු පොලිය අඩු කිරීමෙන් වැදුනේ පොඩි මිනිස්සුන්ටයි. ණය පොලිය අඩු කිරීමේ වාසිය ලැබෙන්නේ ව්‍යාපාරිකයින්ටයි.මීට වඩා හොඳ නැද්ද? තැන්පතු පොලියත් වැඩි කරලා, ණය පොලියත් වැඩි කලානම්.විශේෂයෙන් රජයේ විශ්‍රාමික අපි වගේ අයගේ විශ්‍රාම වැටුපත් අඩුයි. ස්ථිර තැන්පතු පොලිය තමයි පිහිටට තිබුනේ. දැන් ඒකටත් හෙනහුරා පාත් වෙලා. ගිය අවුරුද්දේ 13% ක් ගෙවපු පොලිය මේ අවුරුද්දේ 7.5% ට අඩු කරලා. (ස)

:       1       0

සරත් Friday, 20 June 2014 02:29 PM

රටේ ආයෝජන වැඩ් වීමට නම් තැන්පතු පොලී අනුපාතය නොව වානිජ බැංකුවල ණය පොලී අනුපාත අඩු කල යුතුයි. එවිට ආයෝජන වැඩි වී ආර්ථික වර්ධන වෙිගය වැඩි වෙයි.(නදී)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 25 June 2014 05:55 AM

ණය පොලිය කොහොම වෙතත් තැන්පත්කරුවන්ට දෙන පොලිය වැඩි කරන්න. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 25 June 2014 06:00 AM

තැන්පත්කරුවන්ගෙන් අසාධාරන ලාබයක් ලබන්නත් හොඳ නැහැ. අවුරුද්දේ අන්තිමට කියනවා මෙපමණ ලාබ ලැබුවා කියලා. (නි)

:       0       0

නිවන්ත Wednesday, 25 June 2014 06:05 AM

පොලිය අඩු හෝ වැඩි කරන එක තීරණය කිරීම ඒ අයට භාරයි (නි)

:       0       0

විමුක්ති Wednesday, 25 June 2014 06:07 AM

ඒ අදහස නම් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සංචාරක ක්ෂේත්‍රයේ නවමු අත්දැකීම ‘‘ද පිකෝ ට්‍රේල්’’
2024 ජුනි මස 10 568 2

සංචාරක ව්‍යාපාරය අපේ රටට විදෙස් විනිමය උපයා දෙන ප්‍රධානම අංශයකි. ඉකුත් සමයේ කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය මේ වනවිට ශීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් ස


මාල්බෝ ට්‍රේඩිං නව තාක්ෂණයකට අත තබයි
2024 ජුනි මස 07 208 0

මාල්බෝ ට්‍රේඩිං සමගමේ ‘ෆ්ලූක් කැලිබ්‍රේෂන් ඩිවිෂන්‘ අංශයට අයත් ෆ්ලූක් ක්‍රමාංකණ තාක්ෂණික උපකරණ පිළිබදව තාක්ෂණික දැනුම හදුන්වාදීමේ වැඩසටහනක් ඉකුත


ගෞරි රොටරි ජාත්‍යාන්තර සමුළුවට යයි
2024 මැයි මස 22 794 0

ලොවපුරා රොටරි සාමජිකයන් ගෝලීය වශයෙන් අධ්‍යයනයට එකට මුනගැසෙන සුවිශේෂී අවස්ථාවක් වන්නේ රොටරි ජාත්‍යන්තර සමුළුවයි.


ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්
2024 මැයි මස 14 743 0

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව


හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 586 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 290 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 114 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1408 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3171 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site