IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


පැල්වත්ත කිරි නිෂ්පාදන අඩුම මිලට පිරිනැමීමට සූදානම්

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රට තුළ ඉතිරි කරමින් කිරි නිෂ්පාදන රාශියක් පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමය වන පැල්වත්ත කිරි මෑතකාලීන වෙළෙඳපොළ මිල වෙනස් වීම හමුවේ වුවද සිය කර්මාන්තශාලාවලින් අඛණ්ඩව රටට අවශ්‍ය කිරි සැපයුම සහතික කර ඇතැයි එම සමාගම කියයි.

මෙහිදී පැල්වත්ත යොදය සහිත කිරිපිටි, පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට් සහ පැල්වත්ත ගිතෙල් ඇතුළු නිෂ්පාදන රැසක් පාරිභෝගික ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයක් හිමිකර කරගෙන ඇතැයිද එම සමාගම සඳහන් කරයි.

පැල්වත්ත කිරි සැපයුම් දාමය පුළුල්ව සිදුකෙරෙන ක්‍රියාවලියකි. පැල්වත්ත සිය කර්මාන්තශාලා සඳහා ඉහළම තත්ත්වයේ නැවුම් කිරි පමණක් ලබා ගන්නා අතර එම ක්‍රියාවලිය ඉතා ඉහළ පිරිවැයකින් යුතුවේ. කිරි කර්මාන්තයේ ප්‍රසිද්ධ අදහසක් වන්නේ “හොඳ කිරි නිෂ්පාදන ලැබෙන්නේ හොඳ අමු කිරිවලින් පමණකි” යනුවෙනි. නිරතුරුව ගුණාත්මක නිෂ්පාදන පාරිභෝගිකයාට පිරිනමන පැල්වත්ත සමාගමද එම අදහසින් කිසි විටෙකත් බැහැර නොවේ.

ග්‍රාමීය මට්ටමින් ගොවීන් තම දෛනික කිරි අස්වැන්න ගොවි සමිතිය වෙත එකතු කෙරෙන අතර කිරිවල නැවුම් බව සහ සනීපාරක්ෂාව ආරක්ෂා කරමින් උෂ්ණත්වය සංරක්ෂණය කිරීමේ හැකියාවෙන් සමන්විත පැල්වත්ත සමාගම කුලියට ගත් කිරි බවුසර් ජාලය මගින් එම කිරි එකතු කරනු ලබයි. අනතුරුව ඔවුන් එය PDIL ශීතකරණ මධ්‍යස්ථාන වෙත ලබා දේ. එකතු කිරීමේ මධ්‍යස්ථානවල සීත සැපයුම්දාම තාක්‍ෂණය සහ තාප සංරක්ෂණ පද්ධති මගින් එම කිරි, සෙල්සියස් අංශක 07 දක්වා වහාම සිසිල් කෙරේ. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් විශේෂයෙන් තාප ආරක්ෂණ කිරි බවුසර් මගින් බුත්තල පිහිටි කර්මාන්ත ශාලාව වෙත ප්‍රවාහනය කරනු ලබන අතර එම කිරි කර්මාන්ත ශාලාවේ ශීත ගබඩාවලට පැටවීම සිදු කෙරේ. ඉන්පසුව කිරිපිටි සෑදීමට අවශ්‍ය මේදය සහ ඝන-මේද (SNF) අවශ්‍ය මට්ටමට පැමිණි පසු ප්‍රමිතිකරණය සිදු කරයි. කිරි ප්‍රමිතිගත කිරීමෙන් පසු, ජලය ඉවත් කර කිරි වියළීම සඳහා නිස්සාරණය කරනු ලබයි. මෙම සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම පැල්වත්ත සමාගම සියයට සියයක්  ISO 22000:2018 ට තත්ත්ව සහතික ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරනු ලබයි.

පැල්වත්ත නිෂ්පාදන පෙළ සඳහා වන අමු කිරි සැපයුම් දාමය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එහි සුවිශේෂිතාව වන්නේ ශ්‍රී ලංකාවේ 6500ක ශක්තිමත් කිරි ගොවි පදනමක් පැල්වත්ත සමාගම සතු වීම සහ ඔවුන්ගේ ජීවනෝපාය සඳහා පැල්වත්ත සමාගම සෘජුවම සහය දක්වන බැවිනි. මධ්‍යස්ථාන 50 කින් යුතු සමාගමේ කිරි එකතු කිරීමේ ජාලය ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පැතිරී ඇති අතර නැවුම් කිරි ලීටර් මිලියන 4.5 ක විශාල මාසික කිරි සංචිතයක් සමාගම සතුව ඇත. COVID අර්බුදය මධ්‍යයේ ද සමාගම ගොවීන්ට රුපියල් බිලියන 3.18ක් ගෙවීම් සිදු කර ඇත. එය 2019/20 වසරට සාපේක්ෂව 2020/21 දී 70%ක වැඩිවීමකි. මීට අමතරව, පැල්වත්ත විසින් ඔවුන්ගේ ගොවීන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා නොමිලයේ ගොවි සුබසාධන වැඩසටහන් රැසක් පවත්වාගෙන යන අතර, පසුගිය වසර හතර පුරාවටම එකම ගොවි පදනම සෑම වසරක් පාසාම පැල්වත්ත සමඟ කටයුතු කරනු ලබයි.

පැල්වත්ත සන්නාමය සඳහා ශීඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලු‍මට සරිලන සැපයුම සඳහා කිරි සංරක්ෂණ තාක්ෂණය වැඩිදියුණු කරමින් භාවිත කිරීමට සහ කිරි නිෂ්පාදන ඉහළම තත්ත්වයෙන් ලබා දීම සහතික වේ. මේ සඳහා සමාගම මේ වන විටත් සැලකිය යුතු ආයෝජන රැසක්  සිදු කර ඇත.

2020 අප්‍රේල් 28 දින සිට එම විකුණුම් මිල සන්නාමයේ පැවැත්මට තර්ජනයක් වෙමින් පාඩු ලැබීමට පටන් ගත්තේය. අවසාන වශයෙන්, පැල්වත්ත සිය නිෂ්පාදන මිල ගණන් තවමත් අවම මට්ටමකින් සංශෝධනය කරන ලද්දේ පිරිවැය වැඩිවීම ආවරණය කර ගැනීම සඳහාම පමණි. පාරිභෝගිකයන්ට මුහුණ දිය හැකි සාධාරණ සහ දැරිය හැකි පරාසයක් තුළ එය පවත්වා ගැනීමට සමාගම නිරතුරුව කටයුතු කරයි. මෙම පිරිවැය අඩු වුවහොත්, පැල්වත්ත ද එහි නිෂ්පාදනයනවල විකුණුම් මිල අඩු කරනු ඇත.



අදහස් (2)

පැල්වත්ත කිරි නිෂ්පාදන අඩුම මිලට පිරිනැමීමට සූදානම්

himal Monday, 06 December 2021 01:48 PM

කම්හලට ආසන්න නගරවලටවත් බෙදා හැර ගන්න බෑ. ෆේස් බුක් පි‍ටුව නමට විතරයි. කිරිත් උකු නෑ. එහෙම තියාගෙන රටටම කිරි දෙන්න කතාව නේද

:       0       0

Harshana kushalya Tuesday, 01 July 2025 04:23 PM

කිරි එකතු කරන මිල කිලෝ ගණන් හොර කරනවා. පැමිණිලි කරන්න ඕනේ මට ඔයාලාගේ නම්බර් එකක් දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site