
අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන පන්ති මගින් පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට නිසි සාධාරණයක් ඉෂ්ට කිරීමේ අරමුණෙන් Samsung සමාගම S pen හඳුන්වා දී තිබේ.
Samsung Tab S පෙළ සහ එහි S Penවිශේෂාංගය සමගින් ශිෂ්‍යයන්, ගුරුවරුන් සහ කළමනාකාරිත්වය අතර මනා සහයෝගිත්වයක් ගොඩනැංවීම සඳහා සහය ලබා දීමට Samsung සමාගමට හැකියාව ලැබී ඇති බවත් මෙමගින් ගුරුවරුන්ට විශාල උපකාරයක් ලැබෙන බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍යයන්ට ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් ලැබීමට හැකි වනු ඇති බවත් සැම්සුන්ග් සමාගම සඳහන් කරයි.
සියලුදෙනාගේ ජීවන රටාව සිර කර දැමූ මෙම වසංගතය, පාසල් දරුවන්ට පාසල වෙත ගොස් අධ්‍යාපනය ලැබීමේ සාමාන්‍ය චර්යාව ද මේ වන විට අහිමි කර තිබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට කිසිදු බාධාවක් නොවී අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගුරුවරුන්ට තමන් සිටින වටපිටාවෙන් සොයාගත හැකි සම්පත් උපරිමයෙන් භාවිත කිරීමට සිදු වී ඇත. මෙයට විසඳුමක් වශයෙන්, අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමේ දී උද්ගත වන අපහසුතා අවම කරගැනීමට ඔවුන්ටSamsung Galaxy Tab එකක් සහ එහි S Pen පහසුකම ලබාගත හැකිය.
S Pen විශේෂාංගය මගින් ගුරුවරුන්ට සාමාන්‍යයෙන් හුරු පුරුදු ලිවීමේ පහසුකම, අන්තර් ජාලය ඔස්සේ ඉගැන්වීම් ක්‍රමයට එක් කරයි. S Pen භාවිත කර ගුරුවරුන්ට ඍජුවම තිරය මත ලිවීමට හැකියාව ලැබේ.
Knox සමගින් බලගැන්වුණු Galaxy Tab උපකරණවල ඇති දත්ත සඳහා දැවැන්ත ආරක්ෂාවක් හිමිවන අතර Smart දුරකථන දුරස්ථව මෙහෙයවීම සඳහා toolset එකක් ද මෙය සතු වේ.
ටැබ්ලට් පරිගණකයක් මගින් ගුරුවරුන්ට පුළුල් පරාසයක විහිදී ගිය වර්ණ මාලාවක් ලබා දෙයි. ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්ට මෙම වර්ණ භාවිතය ඉතා වැදගත් වන්නේ, දෘශ්‍ය අධ්‍යාපනය ඔවුන්ගේ සංවර්ධන ක්‍රියාවලියට අත්‍යාවශ්‍යම අංගයක් වන බැවිනි.
Galaxy Tab S6 Lite, Tab S7/S7+ හි අන්තර්ගත විශේෂාංගයක් මගින් නෝට්බුක් පිටුවෙහි රටාව, පසුබිම (backgrond) ලෙස ද යොදාගත හැකිය.
2025 නොවැම්බර් මස 17
58
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
894
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2522
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිවසේ සිට ඉගෙන ගන්න Samsung Tabs
Riyas Wednesday, 09 June 2021 11:01 PM
මාදිලි අංකය සහ මිල කීයද?