IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්’’ නිවාස සංකීර්ණය විවෘත කරයි

මෙරට සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් වන ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්සුපිරි නිවාස සංකීර්ණය අද (30) මාධ්‍යට අනාවරණය කළේය. 

මෙහිදි සුපිරි නිවාස වෙන් කරගත් නිවාස හිමියන්ට නිවාස බාරදීම සිදු කෙරුණු අතර ‘ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්’ විශේෂිත සේවාවක් වන ‘ක්ලබ් හවුස් පරිශ්‍රය’ නිවැසියන්, නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නන්ට, අමුත්තන්ට සහ මාධ්‍යයට විවර කළේය. 

‘ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්’ සුපිරි නිවාස සංකීර්ණ නිවාස ඒකක 390කින් සමන්විත වන අතර දැනටමත් එම නිවාස ඒකකවලින් සියයට 80කට වැඩි සංඛ්‍යාවක් වෙන් කරවාගෙන ඇත. නිවාස ඒකක ඒවායේ පහසුකම් අනුව එක්සත් ජනපද ඩොලර් 732,000 සිට එක්සත් ජනපද ඩොලර් මිලියනය දක්වා පරාසයක පවතී. 

‘ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්’ යනු ‘ෂැංග්‍රිලා’ හෝටල් සමූහයේ කොළඹ නගරය සංවර්ධනය කර කළමනාකරණය කෙරෙන ‘වන් ගෝල් ෆේස්’ ව්‍යාපෘතියේ කොටසකි. ‘වන් ගෝල් ෆේස්’ යනු ජාත්‍යන්තර මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකි. 

මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය කාර්යාල සංකීර්ණයකින්, සාප්පු සංකීර්ණයකින්, හෝටලයකින් සහ නිවාස සංකීර්ණ දෙකකින් සමන්විත වේ. කොළඹ නගර මධ්‍යයේ අඩි 540,000 ක් පුරා විහිදී ඇත. 

‘ද වන් ගෝලෆේස් වන්’ සාප්පු සංකීර්ණය ලබන වසරේදී විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල්වලින් අඩක් පමණ මේ වනවිටත් කල්බදු පහසුකම් මත වෙන් කරවාගෙන ඇත. 

‘වන් ගෝල් ෆේස්’ යනු ෂැංග්‍රිලා සමූහයේ ව්‍යාපෘතියකි. 

055

 

 



අදහස් (1)

’’ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්’’ නිවාස සංකීර්ණය විවෘත කරයි

bo Sunday, 02 December 2018 12:28 AM

තියෙන අය සහ නැති අය අතර වෙනස දැන් පේනවා නේද? ඕක තමා යම පාලනය!

:       1       76

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site