(නිමල කොඩිතුවක්කු)
එළවළු සහ පලතුරු කල් තබා ගැනීමට යොදාගැනෙන ශීතාගාර 100ක් රටපුරා ඉදිකිරීමට පියවර ගන්නා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අනුරාධපුර නාච්චිදූව ඉදිකෙරුණු ආහාර බෝග කල්තබාගැනීමේ ශීතාගාරය විවෘත කිරීමෙන් පසුවය.
කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ආහාර කල්තබාගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ දඹුල්ලේ ස්ථාපිත කර තිබෙන ශීතාගාරයෙන් ලැබෙන ප‍්‍රයෝජනය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාට මේ වනවිටත් කරුණු දක්වා ඇත.
පලතුරු සහ එළවළු කල් තබා ගැනීමේ මීළඟ ශීතාගාරය බණ්ඩාරවෙල නගරයේ ආරම්භ කිරීමට නියමිතය.
දිවයින පුරා පිහිටුවීමට යෝජිත ශීතාගාර වැඩි ප‍්‍රමාණයක් ඉන්දීය ආධාර යටතේ ඉදිකිරීමට අපේක්ෂිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් අධිවේගයෙන් තීරණ ගන්න හදන මෙවන් ගොන් තඩියන්ට කෙසේ ආමන්ත්‍රණය කළ යුතුද? මොවුන් හිතාගෙන ඉන්නේ ලක්මවගේ සියලුම දරුවන් මලපෙරේතයින් කියාද?
මෙවැනි ශීතාගාරවලින් ගොවීන්ට තමන්ගේ අතිරික්ත ඵලදාව ගබඩා කර තබා ගත හැකිවෙයි. මෙය යහපත් පියවරක්...
ජනාධිපතිවරණයට කලින් ඔය 100ම නියමිත ප්‍රමිතියට හදලා ඉවර කරලා පෙන්වන්න.
ගොවියන්ගේ මනාපය ගන්න එක මේ සැරේ ලේසි නැ. මාසයක් කන්න රුපියල් 1200 විශ්‍රාම වැටුපක් දෙන රටක් මේක ගොවියන්ට
මේවා නඩත්තු කරන්න කොච්චර යනවද? කොහෙන්ද විදුලිය එන්නේ? මේ වගේ දේවල් කරන කොට අධ්‍යයනය කරලා වියදම සහ ප්‍රතිලාභ බලල නේද පටන් ගත යුත්තේ? හදන්න ඉන්දියන් ණය වලින් පුළුවන්. ඊට පස්සේ?
මේවා දැනට අවුරුදු 20-30කට ඉස්සෙල්ලා කරන්න තිබිච්ච වැඩ.., සෙල්සියස් අංශක 1-2 අතර උෂ්ණත්වයක එළවලු, පලතුරු ගබඩා කරගන්න පුලුවන් නම් මාස 6 දක්වා කිසිම ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන්..., එතකොට මිල ස්ථාවරව පවත්වාගෙන මේවා පාරිභෝගිකයාට නිකුත් කරන්න පුළුවන්.., එතකොට ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාටම මින් සහනයක් සැලසෙන අතර, ගබඩා වල වහලට සූර්යකෝෂ සවි කළා නම් විදුලිබල වියදම අවම කරගන්න පුළුවන්...
මේවා ප්‍රමිතියකට ඉදිකරන්න කරන්න... පුද්ගලික අංශයට අවශ්‍ය තාක්ෂණ දැනුම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදී ප්‍රමුඛත්වය සහ අඩු පොලියට බැංකු ණය පහසුකම් ලබාදෙන්න. එතකොට අවුරුද්දක් ඇතුළත, දඹුල්ලේ විනාශවන එළවලුවලින් අඩුම තරමෙන් 50%වත් බේරගන්න පුළුවන්, පාරිභෝගිකයාට ප්‍රමිතියෙන් යුතු එළවලු අඩු මිලකට දෙන්න පුළුවන්... මේ ආශ්‍රිතව රැකියා විශාල ප්‍රමාණයක් ලබාදිය හැක. මමත් මෙවැනි ව්‍යාපෘතියකට මුදල් ආයෝජනය කරන්න කැමතියි.. කරුණාකර මේ සඳහා මම සම්බන්ධ කරගත යුතු රජයේ අමාත්‍යාංශය සහ නිලධාරීන් සම්බන්ධව තොරතුරු ලබාදෙන්න.