IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


දඹුලු ආර්ථිකයේ එළවළු මිල පහළ වැටී ගොවීන් අමාරුවේ

 (කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වීශාල වශයෙන් ලැබෙන එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් පැමිණීම අඩුවීම නිසා එළවළු මිල සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත් මේ හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි  ගොවීහු පවසති.
 
දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කරන ලද එළවළු තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන එන අතර  වාහනවලින් එළවළු  ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන්නන් ප්‍රධාන මාර්ගයේ වාහන නවතා තිබෙන ආකාරයද දැක ගැනීමට හැකියාව ලැබිණි.
 
තමන් අස්වැන්න විකුණාගත නොහැකි වීම නිසා විශාල කාලයක් ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටි  බවත්, ඉතා අඩු මුදලට වෙළෙඳුන් එළවළු ඉල්ලා සිටින බවත් ගොවීහු කීහ. ඉහළ මිල ගණන් ‍ප්‍රකාශ කරමින් ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග ගොඩ ගසාගෙන සිටීමට සිදුව ඇති බව ද ඔවුහු පැවසූහ.
 
කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබුණු ගෝවා, ලීක්ස්, බීට්රූට්, කැරට් කිලෝවක තොග මිල රුපියල් 35 සිට 55 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වූ බවත් වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, පතෝල, වම්බටු,  පහතරට ගෝවා ආදී කිලෝවක් රුපියල් 20ත්  50ත් දක්වා මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන් මිලදී ගත්තද   ප්‍රමාණවත් තොග අලෙවි නොවන බවත් ගොවීහු කියති.
 
සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගා කළ එළවළු සඳහා මිලක් නොමැතිවීම නිසා ගොවීන්ට ආර්ථික වාසි ලැබී නැතැයි ඔවුහු පවසති.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ දැඩි කලබලකාරී වාතාවරණයක් දැකගැනීමට හැකියාව ලැබුණු අතර එළවළු තොගවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම පිරී ගොස් තිබිණි.
 



අදහස් (10)

දඹුලු ආර්ථිකයේ එළවළු මිල පහළ වැටී ගොවීන් අමාරුවේ

rama Thursday, 11 April 2019 11:42 AM

මේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න බැරී ආණ්ඩු මොකටද? එක පැත්තක එළවලු විකුණා ගන්න බෑ තව පැත්තක එළවලු ගිනි ගණන් ගොවියා හැමදාම දුකේ...

:       5       26

චමින්ද Friday, 12 April 2019 12:31 AM

දඹුල්ලේ පමනක් මිලට ගැනීමේ ආර්ථික මධ්‍යස්ථානයක් ඇතිකර තිබීම නිසා සියලු එළවලු දඹුල්ලට පැමිනෙන බවක්නේද සිදුවන්නේ. එනිසා දුම්රිය නැවතුමක් අසල මිලට ගැනීමේ ස්ථානයක් ඇතිකර විවිධ ප්‍රදේශවලට බෙදාහරින ක්‍රමයක්වහා ඇතිකල යුතු අතර වගාවන් කිරීමේදී උත්සව කාල අරමුණුකර වගා නොකිරීමට ගොවීන් දැනුවත් කිරීමද කරන්න එසේ නොමැතිනම් එළවලු කල්තබා ගැනීමට හැකි ක්‍රමයක් සකසන්න

:       43       11

PerakumFriday, 12 April 2019 07:53 AM

චමින්ද, අපි කලක් තිස්සේ රජයකින් ජනතාවට සිදුවිය යුතු සේවය පිළිබඳව ඇති තරම් අදහස් දැක්වුවා. රජය ඒවා සත පහකට ගණන් ගත්තේ නෑ. මම නම් අලුත් රජයක් එනකල් නිහඬව ඉන්න තීරණය කලා.

:       42       25

sanaFriday, 12 April 2019 04:47 PM

කෘෂි භෝග වල මෙහෙම වෙන්න පුළුවන් ඒ නිසා එහෙම නෙවෙයි අරහෙම කරන්න කියලා ටක්කෙටම කියන්න අනාවැකිකරුවෙක් ගේන්න කියලද කියන්නේ? දැන් එළවළු තොග අඩු වෙලා මිල ඉහළ ගියා නම් ගොවියට කල්ල මරේ කියලා දාන්නේ නැ, මෙන්න මිල ඉහල ගිහින් කියලා මැරෙන්න හදනවා. ඉල්ලුම සැපයුම මත තමයි මිල තීරණය වෙන්නේ. ගොවියට අච්චර වවන්න මෙච්චර වවන්න කියලා වැරදුනොත් කවුද ඒකේ වගකීම ගන්නේ? තමන් කරන ව්‍යාපාරයේ අවදානම ගන්න තමන් දැන ගන්න ඕන. නිකං අනුන්ට දොස් පවරලා වැඩක් නෑ.

:       134       65

PerakumSaturday, 13 April 2019 03:27 AM

එහෙමනම් ඉතින් ඔය අති විශාල ධනස්කන්ධයක් අය වැයෙන් වෙන් කරලා නඩත්තු කරන සියලු කෘෂි ආයතන වසා දැම්මම ඉවරයිනේ. වෙනත් රටවල කෘෂි කර්මාන්තය පරිපාලනය කරන හැටි ටිකක් අධ්‍යයනය කර බලන්න.

:       64       148

Sumth Friday, 12 April 2019 11:55 AM

අගනුවර එන්න. පාලකයින්ට ගොවියන් විඳින දුක තේරෙන්නේ නැහැ.

:       0       4

PerakumSaturday, 13 April 2019 05:33 AM

සැබෑ ජනතාවාදී පාලකයන්ට ගොවි දුක අමුතුවෙන් තේරුම් කර දෙන්න අවශ්‍ය නෑ. වැරැද්ද අපේ අතේ. හරියට කතිරේ ගහන්න දන්නෙ නැතිකම. ඊළඟ සැරේවත් හරියට කතිරෙ ගහමු. අවුරුදු 71ක් රට විනාස කරපු අයට පාඩමක් උගන්වමු.

:       100       168

dias Friday, 12 April 2019 09:53 PM

මෙවර එළවලු අස්වැන්නේ වැඩි වීමට ප්‍රධාන හේතුව නම්, පසුගිය මහ කන්නයේ හොඳින් වර්ෂාව ලැබීමය. මේ තමා කෘෂිකර්මාන්තයේ හැටි. කෙසේ නමුත්, චමින්ද සදහන් කල පරිදි දුම්රිය නැවතුමක් අසල මිලට ගැනීමේ ස්ථානයක් ඇති කිරීමෙන් මේ ඵලදාව කොළඹ සහ වෙරළබඩ දුම්රිය මාර්ගයේ මාතර දක්වා බෙදා හරිය හැකියි. එයින් යම් ප්‍රමාණයකට ගොවීන් අතරමැදියගේ සුරා කෑම වලක්වා ගත හැකියි.

:       0       11

nimal Sunday, 14 April 2019 06:51 AM

මෙයට ගැලපෙන විසදුමක් අනුර කුමාර දිසානායක කෘෂි ඇමති කාලේ ගෙනාවා.

:       0       0

de silva Tuesday, 16 April 2019 06:54 AM

ගොවියෝ එකතු වෙලා i ඔය එළවලු ආර්ථික මධ්‍යස්ථානයටම උස්සගෙන යන්නේ නැතුව ලොරියක පටවාගෙන කොළඹ දිශාවට ඇවිත් නාගරික ජනතාව ජිවත් වන ප්‍රදේශයක පාරක් අසල නවත්වාගෙන සහන මිලකට විකුණුවොත් පාරිභෝගිකයෝ මිලදී ගනීවි, ඔය ප්‍රදේශයේ දේශපාලකයන්ගෙන මේ ප්‍රශ්නෙට විසදුම් බලාපොරොත්තු වෙන්න බැහැ, එකට හේතුව ඔවුන්ගේ ඡන්දෙට එළවලු මාෆියා කාරයෝද වියදම් කරන නිසා .

:       0       20

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 820 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 552 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2279 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2267 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 240 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2696 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site