IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දකුණේ තාක්ෂණ වැඩමුළුව සාර්ථකව අවසන් කරයි

(රංජන් කස්තුරි)

දකුණු පළාත තුළ තාක්ෂණ භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇරැඹූ ජාතික තාක්ෂණ වැඩමුළුව ඉතා සාර්තක වූ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ අරමුණ ඇති ව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දින දෙකක් පුරා දකුණු පළාතේ එම වැඩසටහන ක්‍රියාත්මක කළේය. 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දිවයින පුරා  මෙවැනි වැඩමුළු පහක් සංවිධානයක කර ඇති අතර එහි පළමු වැන්න ඉකුත් දා  උතුරු පළාතේ පැවැත්වීය.

ඉදිරියේදී බස්නාහිර, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ද මෙම ජාතික සමුළු පැවැත්වීමට නියමිතය.

දකුණු පළාතේ ඩිජිටල් තාක්ෂණ වැඩමුළුව මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැති අතර ගාල්ල, මාතර ,හම්බන්තොට, මොනරාගල, සහ රත්නපුරය දිස්ත්‍රික්කවල රජයේ නිලධාරින් 500කට අධික පිරිසක්  ඊට සහභාගී වූහ.

කලාපයේ රාජ්‍ය ආයතන, කර්මාන්ත කෘෂිකර්මාන්තයේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ අංශය, අධ්‍යාපන අංශය වැනි විවිධ පර්ශව ඒකාබද්ධව නව තාක්ෂණික හා යටිතල පහසුකම් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක  කෙරිණි. 



අදහස් (0)

දකුණේ තාක්ෂණ වැඩමුළුව සාර්ථකව අවසන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site